පිටු

Thursday, November 8, 2012

පා තබා ඔබ එන්න හුදකලා මාවතේ



මළවුන්ගෙ ලෝකයේ මල් පිපෙන

ඉටි පහන් දැල්වෙන මලානික වසන්තය ඇවිදින්..

කුණු කසල නිකසලව සිනාවෙන් විකසිතව
හෙළි පෙහෙළි තණ පලස පිවිතුරුව
වසරකට වරක් මලානික වසන්තයේ එන
අමුත්තන් පිළිගන්න සැරසී බලා හිී...

මළවුන්ගෙ ලෝකයේ මල් පිපෙන
ඉටි පහන් දැල්වෙන මලානික වසන්තය ඇවිදින්..

සොහොන් කොත් සුදු සළු පැළ
සුදු වැලි අතුල අසුන් පනවාගෙන
මල් පහන් දෝතින් දරාගෙන
අමුත්තන් පිළිගන්න සැරසී බලා හිී...

මළවුන්ගෙ ලෝකයේ මල් පිපෙන
ඉටි පහන් දැල්වෙන මලානික වසන්තය ඇවිදින්..

මළගිය මතක කැටි කොට
මිලට ගත් මල් පොකුරක රන්දගෙන
වසරක් පුරාවට  මිලින හිත අසල තබා යන්නට
අමුත්තෝ ගාටමින් එති යති....

මියෙන බව දැන දැනම
නොමියෙන සේ දිවි ගෙවන
පණ ඇති මළවුන් දැක දැක
මළගිය ඇත්තෝ හිනැහෙති.. විටක වැළපෙති...

මළ ගිය මතක පණ එන
ඉල් මහේ මළවුන්ගෙ මාසයේ
පා තබා ඔබ එන්න හුදකලා මාවතේ
ස්නේහයේ මල් මතක අරගෙන හදවතේ... 


26 comments:

  1. ලස්සනයි අක්කියෝ..මම අසාම මේ ටිකට
    ''මියෙන බව දැන දැනම
    නොමියෙන සේ දිවි ගෙවන..

    ReplyDelete
    Replies
    1. ඒකනෙ බට්ටි මම නිතරම කියන්නෙ හැකියාවන්ගෙන් වැඩක් ගන්න.

      Delete
  2. මේ මලවුන්ගේ මාසේ නෙව. මේ ටිකේ අපේ පැතු වල දාන මාන ගොඩයි.
    ඒක නෙමේ අක්කා ඉන්නේ ලංකාවේ නෙමේ නේ ?

    ReplyDelete
    Replies
    1. මම හරිම ආසයි මළවුන්ගෙ දානෙට ලොකු කෙසෙල් කොලේකට බෙදන දානෙ බත් එකක් කන්න. ඒත් දැන් ඉතින් ඒවත් කේටරින් සර්විස් වෙලානෙ. අනික ඉස්සර වගේ ‍කෙසෙල් කොලේටම ව්යංුජන බෙදන්නෙත් නැහැනෙ. වෙන වෙනම ෂොපින් කවරවල දානවා. ඉස්සර දානෙ බත් එකක තිබුණ සුවඳ, රසය දැන් නැහැ වගේ.

      Delete
    2. දැන් වට්ටක්කා ඩාන්ස් එකත් කේටරින්නෙ..

      Delete
    3. මධුරංග මල්ලි.. මම ඉන්නෙ ලංකාවෙ හොදේ. ඒ ගැන කළින් කියන්න අමතක උණා.

      Delete
    4. @තරුරසි :
      ඒක නම් හරි අක්කේ. ඉස්සර වගේ බිම ඉදගෙන කෙහෙල් කොලේක දානේ කාපු කාලයක් මතක නෑ. දැන් පුටුවල වාඩි වෙලා කේටරින් කෑම නේ කන්න වෙලා තියෙන්නේ.

      @හරී :
      වට්ටක්කා ඩාන්ස් එක කිව්වේ මල බත ද :)

      Delete
    5. ඒ අර ජැකෝ ලාම්පුව වෙන්න ඇති. අපොයි වට්ටක්කා කියක් නාස්ති වෙනවද . මෙහෙත් ඔය නාඩගම .

      Delete
  3. කදිමයි ලස්සනයි....අගේ ඇති නිර්මාණයක් .
    එන්න සමකය වටේ රවුමක් යන්න

    ReplyDelete
  4. හ්ම්ම් හැමෝටම පොදු ලෝකය මිනිසුන් අමතක කරල හිටියට ...
    …ලස්සනයි සිතුවිල්ල .

    ReplyDelete
    Replies
    1. මළවුන්ගෙ මාසය කතෝලික අපට විශේෂයිනෙ ගිම්.. මේ මාසෙටම වෙන් වුණ පිළිවෙත් තියෙනවා. දැන් නම් කොයි තරම් දුරට ඒවා සිදු වෙනවද කියන එක නම් ප්රවශ්නයක්.

      Delete
  5. හ්ම්ම්ම් මාර විදිහට හිතට දැනුනා

    ReplyDelete
    Replies
    1. හිතට දැනෙනවනම් ඒක මට සතුටක්.

      Delete
  6. ඇත්තටම මේ නොවැම්බරය කතෝලික ආගමේ හැටියට මළවුන් සමරන මාසයක් බව අඩවියක ලියවිලා තිබුණා. හැබැයි එහි හරය නම් දන්නෙ නැහැ.

    ReplyDelete
    Replies
    1. මළවුන්ගේ මාසය ගැන මම දන්නා කරුණු සහ මගේ අත්දැකීම් එකතු කරල ලිපියක් ලියන්න හිතුවා. නොදන්නා හැමෝම වෙනුවෙන්.

      Delete
    2. http://dreamsofharee.blogspot.com/2011/11/blog-post.html

      http://www.danuma.lk/sinhala/index.php?option=com_content&view=article&id=15737%3A-2-&catid=80%3Arelegion&Itemid=155&lang=si

      http://www.silumina.lk/punkalasa/20071118/_art.asp?fn=ar0711187

      http://catechismway.blogspot.com/2010/11/blog-post.html

      කියවලා බලන්ඩ..

      Delete
    3. ස්තුතියි මල්ලි... මම ඒත් හිතුවා ඔයා නම් මේ ගැන ලියල තියෙන්න ඕනි කියල.

      Delete
  7. නොවැම්බර් 2 නේ දවස??????

    ReplyDelete
    Replies
    1. මළගිය අය සමරන විශේෂ දවස නොවැ 02 තමයි. එදාට විශේෂයෙන් හැම කතෝලික සුසාන භුමියකම දිව්යගපූවාව පැවැත්වෙනවා මළ ගිය අය සිහිපත් කරලා. මළවුන් වෙනුවෙන් දානමාන දීම, දිව්යි පූජා පැවැත්වීම, පින් අතේ වැඩ කිරීම සාමාන්යොයන් නොවැම්බර් මාසය පුරාම සිදු වෙනවා.

      Delete
  8. කදිම නිර්මාණයකි.
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබට. සාදරයෙන් පිළිගන්නවා මගේ බ්ලොග් පිටුවට.

      Delete
  9. "මියෙන බව දැන දැනම
    නොමියෙන සේ දිවි ගෙවන
    පණ ඇති මළවුන් දැක දැක
    මළගිය ඇත්තෝ හිනැහෙති.. විටක වැළපෙති.."

    හරිම ලස්සන නිර්මාණයක්...... :)

    කතෝලික අය මළවුන්ගේ මාසය සමරනවා කියලා අහලා තිබුනට ඒ ගැන මම හරියට දන්නේ නම් නෑ....

    ReplyDelete
  10. ලස්සන අදහසක් . මළවුන්ගේ මාසය ..හ්ම් . හරිම කණගාටු දායක බවක් ඇති වෙනවා නේද

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...