පිටු

Tuesday, November 20, 2012

ආරෙල් මේ ඔබේ ෂෝෂා...




ආරෙල්ය ඔබ,
මදාරා පරසතු අතර හිඳ
නිදිකුම්බා මලකට ආදරෙයි කියන...

ෂෝෂා නොවෙද මා ඔබේ
ළදරු හිතකින් ජීවිතේ දිග, පළල මනින
තනිකම් දොසින් ඇවිළුණත් සිත
කටු තුඩු අමෝරා
ස්නේහයේ පියවර අවුරා තබන....

ආරෙල්ය ඔබ,
අනුරාගයේ සඳ කිරණින්
ප්‍රේමයේ කොඳ කැකුළු ප්‍රමුදිතව
විකසිත වන බව කියන...

ෂෝෂා වෙමි මම,
ප්‍රේමය නම් රාගයෙන් තොර
සඳ එළිය යැයි අදහන...
නමුදු උණුසුම් පපුතුරක සතපවා හිස
නෙත් පියා ගන්නට පෙරුම් පුරන..

ආරෙල් ඔබ,
විශ්වයේ ඉම සොයා යන්නට පෙරුම් පුරන
සීතල සුළං රැල්ලක්...
ෂෝෂා මම.....
පුංචි නිදිකුම්බා මලක්
මද සුළඟටත් හැකිලෙන පත් අතර
ජීවිතය දකින්නට වෙර දරන...

නැවතිය හැකිද ඔබට මා සමග?
පියාපත් කොහිද මට ඉගිලෙන්න ඔබ සමග? 


( මේ පද පේළි අතර එබිකම් කරන ආරෙල් සහ ෂෝෂා සොයා ගන්නට අවැසි නම් ඉෂාක් බෂෙවිස් සින්ගර් ගේ ‘‘ ෂෝෂා ” කියවන්නට වේවි. පරිවර්තනය ගාමිණී වියන්ගොඩ. විජේසූරිය ග්‍රන්ථ පදනමේ ප්‍රකාශනයක්... සැබවින්ම එය අපූරු ආදර කතාවක්, අදහා ගන්නටත් අසීරු..)


10 comments:

  1. හ්ම්ම්..ලස්සන පොතක් වගේ..හොයාගෙන කියවන්න ඕනේ.. ඒ වගේම හරිම ලස්සන නිසදැසක් යාළු..
    ජය වේවා..

    ReplyDelete
  2. හ්ම්ම්ම් හරිම ලස්සනයි

    ReplyDelete
  3. බොහොම ලස්සනයි ඔයාගේ නිර්මාණය..වියන්ගොඩගේ පරිවර්ථන සුපිරි...තාම මම ආසයි එයා පරිවර්ථනය කල මායා වාස වලටත්.
    සමකය වටේ (samakaya wate)රවුමක් දාන්න එන්න

    ReplyDelete
  4. සිතුවිල්ල වගේ පොතත් ලස්සන ඇති බලන්න වටිනවා කියවලා.

    ReplyDelete
  5. කවි සිතුවිල්ල නම් ලස්සනයි !
    ඉෂාක් බෂෙවිස් සිංගර් කිව්වම මට මතක් වෙන්නෙම තැවුල් සිත කියන පොත. ඒකේ දිගට හරහට කාමය හෙලා දකින පොතක්. අසාවල් පසු පස්සේ දුවන එක පිලිකුල් කිරීමක් තියෙන්නේ.

    ReplyDelete
  6. ඔබේ මා කියවූ ලස්සනම නිර්මාණය

    ReplyDelete
  7. හරිම ලස්සනයි....

    ෂෝෂා... මමත් කැමතිම පොතක්

    ReplyDelete
  8. ලස්සන නිර්මාණයක්....
    පොත නම් කිවයල නැ.

    ReplyDelete
  9. කලාත්මක නිර්මාණයකි.
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
  10. පෝෂා...මමත් කියවන්න ඕනේ..ඔෂෝගෙ ඒවා වගේ නෙමෙයිනේ නේද...

    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...