පිටු

Friday, February 8, 2013

ගජමන් නෝනගේ ආදර තරවටුව





ගජමන් නෝනා....
ලැජ්ජා නැතිකමක හැටි
දන් දීල ජීවිතෙන් හරි අඩක් කවියකට
තාමත් ලියනවා කවි...
කවි කතරක අතරමං වෙන්නට
පෙරුම් පුරනා හැටි....

කිවිඳිය...
මක් කරන්නද නෝනේ
තවත් ටික කාලයයි ඉතිරි මේ ජීවිතේ
ඇමිණෙන්නෙ නැතිවාම කවියක් හදවතේ
අමුණන‍න්නෙ නැතිදාට කවියක් හදවතේ
හැඳි නොගෑ කිරි හොද්ද වාගෙමයි ජීවිතේ.....

ගජමන් නෝනා....
සංසාරෙම දුක කැටි කරන් එක මිටට
නිදි නැති රැයම සුසුමින් පිරෙව්වත්
තාමත් ලැජ්ජ නැති හැටි
කවි මල් පිපෙනකල් ඇඟිලිම ගණිනවා....

කිවිඳිය...
කඳුලක් උණත් කවියක රැඳුණාම
සුසුමක් උණත් කවියට පණ ගේන
සොඳුරුයිද කොයි තරම් සඳ සේම
දන්නව නේද ඔබත් මං වාගෙම
ඉතින් ඇයි නෝක්කඩු මේ හැටිම....

ගජමන් නෝනා....
ලියනා කවි තරම් සොඳුරු නැති බව
කවි මවන හදවත් දැන දැනම
සමනළ කතා ගෙතුවත් විසිතුරුව
දෙබර තුඩ අග විස දලම බව දැන දැන
තාමත් සක්මනේ සොය සොයා කවි හිතක්....

කිවිඳිය...
ඇලපාත මුදලිවත් දණ ගැස්වූ කවි හිත
නොදන්නා හැටි තමයි පුදුමය
දෙබර විස දලක උණත් මලක් පුබුදන්නට
කවියකට ඇති උරුමය.....
ඉතින් මං තවත් බය නෑ කවියන්ට....

ගජමන් නෝනා....
දෙමට පොතු කාල කට හම ගියාට
කිව්වාම නොවෙයි මේ කාරණා
පැටිවියේ ඉඳලාම ලියලත් කවි
හිර කර ගන්න බැරි වුණ හැටි
අල්ලාගෙන කවියෙක් හිත් කූඩුවේ...

කිවිඳිය...
කවි ආත්මයත් හරියට කුරුල්ලෙක් වගේ
ඉගිලී යාම තමයි කවියක ඉපදීම
ඉතින් මං මොන හිතකින්
අල්ලා හිර කර ගන්නද කවියෙක්ව
පාළුවට ගියත් හිත් කූඩුව..‍

බලා ඉන්නට හැකියි මට කල්පයක් උණත්
කවි පද ගොත ගොතා
සැරිසරන විට මගේ කවි පෙම
හිස් අහස පුරාවට කවි මල් විසුරුවා.....

තරහ අවසර ගන්ට කාරි නෑ
දන්නවා කවි හිත ඇවිළෙන බැව්
මා ගැනත්...
ඒත් මක් කරන්නද
මේ තමයි කවි හිතක උරුමය....

ගජමන් නෝනට කේන්ති ගිහින් මා එක්ක ඈ යන්න ගියා... 


24 comments:

  1. //ඒ තමයි කවි හිතක උරුමය...//
    සහතික ඇත්ත..

    ReplyDelete
  2. දෙන්නම එක්කෙනෙක් විත්තිය නං තේරෙනවා...

    ReplyDelete
    Replies
    1. විය හැකියි... විය හැකියි...

      Delete
  3. හරිම ලස්සනයි.. කවි හිත හිරකරගන්න මමත් උත්සාහ කරා කාලයක්...

    ReplyDelete
    Replies
    1. දැන් ඉතින් නිදහ‍සේ කවි හිත දිග හරින්න පුළුවන්‍‍නේ... නදී නිම්නය තියෙනව‍නේ... මට හරි සතුටුයි නංගී.. දැන් ඔයාට පුළුවන් හි‍තේ හැටියට කවි ලියන්න... ම‍ගේ බ්ලොනග් ගමනට අවුරුද්දක් පි‍රෙන්‍‍‍නෙ ලබන මා‍සෙ... අවුරුද්දක් පි‍රෙද්දි ඔයා ව‍ගේ ආදරණීය නංගි‍යෙකුට බ්ලො.ග් අඩවියක් නිර්මාණය කරල ‍දෙන්න තරම් දුරක් යන්න පුළුවන් උන එක සතුටක්...

      Delete
  4. ගජමන් නෝනාගේ කවි පද ටිකත් අක්කාම නේද ගැලපුවේ ?

    ගජමන්ට කේන්තියන එක අහන්ටත් දෙයක්ද...

    ReplyDelete
    Replies
    1. ඒ කිවිඳියට කියල වැඩක් නෑ නංගි... ගජමන් ‍නෝනට විතරක් ‍නෙවි මටත් කේන්තියි..

      Delete
  5. අපූරු කවි දෙබස ක්.. මේ කිවල සමහර වෙලාවට ගජමන්නෝනා නැතත්. රංචාගොඩ ලමයාගේ කවි බසනම් තියෙන බව පේනවා..

    ReplyDelete
    Replies
    1. මේ ‍දෙන්න‍ගෙම කවි කි‍‍යෙව්‍‍වෙ උසස් ‍පෙළ කරන කා‍ලෙ...... ආ‍යෙම කියවන්න ඕන අයි‍යෙ. ස්තුතියි ඔයා‍‍ගෙ අදහසට. නිර්මාණයක් කරන්න කළින් ඒ ගැන හොද අධ්යහයනයකුත් කරන්න ඕන.. හිතට එන‍ ‍දේ ලිව්ව මිස ගජමන් නෝන‍ගෙ කවි කලාව ගැන දුරට හිතු‍වෙ නැහැ.

      Delete
  6. සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. අ‍නේ රජතුමනි ... මීට වඩා දෙයක් ඇත්තෙ ම නැද්ද කියන්න කවියක් ගැන..

      Delete
  7. අත මිට සරු නැතත් කවිකොල රැසක් ඇතී.....
    යන එන මන් නැතත් කවි නම් ලියා ඇතී.....
    හිස් කුස පුරා කවි පද වැල් ගලා ඇතී.....
    කවි සිත් ඇතත් කවි හැර අන් කිසිත් නැතී.....

    කීවත් නෝන කවි සිත් වල ඇති නොහොඳ.....
    නෝනා දන්නවා ඒ සිත් වල ඇති සුවද.....
    අකමැති උවත් අසනෙමි කරුනක් මමද.....
    කවි සිත හිරට ගත් පසු තුන් වේලට කවිද.....

    ReplyDelete
    Replies
    1. post eka wagema deshge me kawi tikath lassanayi...
      dennatama
      ++++++++++++++++++++++++

      Delete
    2. ඇත්තම තමයි ඒ ‍නෝනා දන්නව කවි හිත්වල සුවඳ.. ආදර කවියක් ලියල ‍දෙනව නම් තුන් වේලම බඩගින්‍නෙ උනත් ඉදියි ඒ ‍නෝනා.. මං දන්න‍ව‍නේ... ඒ නැතත් කවි ලියන ‍කෙනාට උයල පිහල කවල ‍පොවල රැක බලා ගන්න උනත් බැරි කමක් නෑ ඒ ‍නෝනට...

      ඔයා‍ගෙ කවි ‍පෙළත් ලස්සනයි මල්ලී.. හිත් ගත්තා..

      Delete
  8. ගජමං නෝනා කියලා නදිනි ප්‍රේමදාස දාපු එකනං කැතයි ඈ...
    ඒ ගෑනිව ගජමං නෝනා අහලකිංවත් තියන්න පුළුවංද?

    ReplyDelete
    Replies
    1. නදිනි ‍ප්රේ මදාස කියල දැන‍ගෙන දැම්ම ‍නෙ‍වෙයි අයි‍යෝ...

      Delete
  9. පද ලස්සනයි..

    ගායනා කරලා ඒක දැම්මොත් මොකද?

    ReplyDelete
    Replies
    1. ගායනා කරන්න නම් බැරියැ කවුරු හරි තාලයක් දාල දුන්‍නොත්. ඒත් අහන් ඉන්න පුලුවන් ‍වෙයිද දන්නෙ නැහැ.

      Delete
  10. //ඇමිණෙන්නෙ නැතිවාම කවියක් හදවතේ
    අමුණන‍න්නෙ නැතිදාට කවියක් හදවතේ
    හැඳි නොගෑ කිරි හොද්ද වාගෙමයි ජීවිතේ.....//

    කවි දෙබස උපරිමයි..! ඇත්තටම අගෙයි..!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නංගි.. ඒත් ‍වෙලාවකට හි‍තෙනවා ‍මේවත් කවිද කියල... කවි කියල හිතා‍ගෙන ලියන විකාර සිතුවිලිද මන්ද?

      Delete
  11. තව පොඩ්ඩෙන් ගජමන් නෝනට තද වෙලා වස්කවි කියාවි :D

    ReplyDelete
    Replies
    1. එ‍හෙම නැහැ. ගජමන් ‍නෝනා තරවටු කරන්නෙත් ආද‍රේට... කවියට ‍පෙම් බැන්දට පස්සෙ ‍වෙන හදි ගැන එයැයි ‍හොදින්ම දන්නව‍මනනේ...

      Delete
  12. හරිම ලස්සනයි ... අපූරු කවි ටික..

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...