පිටු

Thursday, February 14, 2013

නළලත තිලකයක් හිනැහුණා...





දුරකථනය නද දුන්නා... පරිගණක තිරයත් තිගැස්සුණා... නාඳුනන අංකයකින් ඇමතුමක්...

'' හෙලෝ ''

'' අක්කා... නාන් ලක්ෂණා...''

ඕහ්... ලක්ෂණා... යාපනේ අනුශාසක පුහුණූවේදී හමු වූ මන්නාරමේ නැගණිය...

ඇගේ නළලේ තිලකය ඇඟිලි තුඩින් අරගෙන මගේ නළලතේ තියා හැඩ බලා අහිංසකව හිනැහුණු දමිල සොයුරිය...

පෙට්ටි බසයේ යාපනේ ඉඳන් පණ්ඩිතිරිප්පු යද්දි එස්.පී. බාලසුබ්‍රමනියම්ගේ '' වා වෙන්නිලා '' ගීතයේ හඬට ඇස්වලින් හිනාවෙලා මාත් එක්කම තාලෙ ඇල්ලුව පුංචි කෙල්ල....

යාපනේ එකට හිටි දවස් දෙක පුරාම කියා ගන්න බැරි දහසක් දේවල් ඇස්වල ගුලි කරගෙන ඇස් හමුවෙන හැම මොහොතකම ලස්සනට හිනැහුණ සුන්දර යුවතිය....

'' ඕ... ලක්ෂණා... එප්පඩී සුහම්? '' එතනින් එහාට ඉතින් වචන නැහැනෙ.

කමල්ගෙ සරණ... කමල්ගෙ පිහිටෙන් ආගිය තොරතුරු කතා කර ගත්තා..

'' කමල් කියන්න එයාට... එදා එයාගෙ මොට්ටුව මගේ නළලෙ තියල ලස්සනට හිනා උන හැටි මට නිතරම මතක් වෙනව කියල...''

කමල්ගෙ කතාවට ලක්ෂණා හිනැහෙන අපූරුව මන්නාරම ඒ තරම් දුර නෑ නේද වගේ හැඟීමක් ගෙනාව මට...

ඒ සිලි සිලි හිනා‍වෙ ජාති භේදයක් නැහැ...

ඒත් හිතේ තියෙන හැමදේම ගොනු කරල කියා ගන්න වචන නැති උනාම, වචන තිබුණ උනත් පහදවල කියා ගන්න බැරි උනාම හිතට කොයි තරම් අසරණකමක් දැනෙනවද?

ඒ නිසාම කොයි තරම් සුන්දර බැඳීම් මග හැරිල යන්න ඉඩ තියෙනවද?

19 comments:

  1. හුඟක් දුක හිතුනා තරු අක්කා. මේ අයත් එක්ක ඔයාගේ තියෙන බැඳීම නම් හරිම පුදුමයි...

    ආ ඒ වගේම අර සින්දුව " වා වෙන්නිලා " මගෙ ආසම සින්දුවක්. සින්දුව විතරක් නෙමේ ඒ සින්දුව තිබුන චිත්‍රපයට පවා..

    ReplyDelete
    Replies
    1. දෙමළ දැන‍ගෙන උන්න නම් ‍කොයි තරම් ‍දෙයක් කරන්න පුළුවන්‍ද මට. මමත් ආසයි ‍මේ සින්දුවට. එස්.පී. බාලසුබ්රයමනියම්‍ගෙ හඩ කො‍හොමත් හරිම ආදරණීයයි.

      Delete
  2. දෙමල කෙල්ලංට මාත් ආදරෙයි....

    ReplyDelete
    Replies
    1. මො‍කෝ ‍කෙල්ලන්ට විතරක්...

      Delete
    2. ඕක වෙනම කේස් එකක්.

      Delete
  3. මිනිස්සු වර්ග කරන්නෙ නැතුව ඇසුරු කරන්න පුලුවන් කම දෙවියො ඔයාට අඩු නැතිව දීලා තියනවා... අක්කිගේ පොත් ටික තව පැය 3 කින් මෙහෙ...

    ReplyDelete
    Replies
    1. දෙවි‍යො ‍ගොඩක් ලස්සන ජීවිතයක් දීල ති‍යෙනව තමයි මට... ටිකක් දුක එක්ක. පොත් ටික බලල ‍කො‍හොමද කියන්න... ඔයා ආවම එක්කරන් යන්න මරදා‍‍‍නෙ ඔක්කොම ‍පොත් සාප්පුවලට..

      Delete
  4. මේ වගේම කතාවක් කලිනුත් දැම්මා නේද?

    ReplyDelete
    Replies
    1. හ්ම්... හ්ම්... ඒ කවීතා පුණ්කුඩතිව්. මුණ ගැහුණෙ මගුල් ‍ගෙදරකදි... මේ ලක්ෂණා මන්නාරම.. මුණගැහු‍‍‍ණෙ යාප‍නේ තිබුණ ළ.ක්රි‍.වී. අනුශාසක පුහුණුවකදි. දෙන්නම දමිල... ‍දෙන්නම අහිංසක කෙල්ලො දෙන්නෙක්. කා එක්ක කතා කරන්නත් මට දෙමළ දන්‍නෙ නැහැනෙ. ඒක දුකක්.

      Delete
  5. මටනම් ඔය වචන දෙක කතා කරන්න තරම්වත් දෙමල දැනීමක් නැහැ. ඒක හරිම පාඩුවක් එක අතකට.

    ReplyDelete
  6. මටත් දෙමළ තේරෙන්නෙ නෑ හෆ්ෆා....:( ඔයා වාසනාවන්තයි අක්කි!!

    ReplyDelete
  7. වෙන වෙනස් ජාති වල අයත් එක්ක කතා කරන්න ආගිය තොරතුරු අහන්න මාත් ආසයි.
    ඒ අතින් ඔබ තුමිය වාසනාවන්තයි.
    දෙමල ටිකක් ඉගෙන ගමුකෝ.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඉගෙන ගන්න ඕන මල්ලි.

      Delete
  8. දෙමළ කෙල්ලෝ ලස්සනයි කළු උනාට :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  9. මේ පැත්තෙ මම ආවමද කොහෙද තරු රසී. මම නම් ඔය පැත්තෙ ගිහින් නෑ තවම.

    ReplyDelete
    Replies
    1. ඇත්ත තමයි.. මේ ඔබේ පළමු පැමිණීම.. සාදරයෙන් පිළිගන්නවා.. සතුටුයි.

      Delete
  10. යාලුකමට භාෂාව ප්‍රශ්නයක් නැහැ වගේ :)

    ReplyDelete
  11. "වා වෙන්නිලා" මාත් ආස ගීතයක්. මමත් දෙමල භාෂාව නම් ඔය කියාපු එක විතරයි දන්නේ.. භාෂාව හරස් වෙන්නේ නැත්නම් යාලු මිතුරු සබඳතා මීට වඩා ලස්සන වේවි..

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...