පිටු

Thursday, February 21, 2013

හවහට එමි... කොපුලත හාදුවක් තියන්නට...





ඊයේ ඔබේ උපන්දිනය... ඊයේ ලියන්නට සිතූ ලියවිල්ල අද ලියා සයිබර් අවකාශයට මුදා හරිමි ඔබේ නෙතු ගැටෙන පිණිස...

ආදරය කොතරම්දැයි මා සිතේ දන්නා බව දනිමි.... මේ ලියවිල්ල ඒ මහත් ළෙංගතු බව දන්වන්නට නොවේ....... 

ඔබේ සොඳුරු මතකයන් යළි යළිත් අවදි කර ගැනීම සඳහා පමණි.......

අප මුල් වරට හමු වූයේ 2004 වසරේ නොවේද? ආපේ ආදරණීය නවාතැන වූ ළ.ක්‍රි.වී. පියසේදී.. ඒ පරණ පුංචි නිවහන කොතරම් නම් අපේ ජීවිත හා බැඳී පැවතියේද? එදා තරම් අද ඉදි වී ඇති මහල් ප්‍රාසාදය ළෙංගතු නැතැයි සිතෙන්නේ මන්දැයි මට නොතේරේ...  

එදවස ඔබ ළා දුඹුරු පාට සාරිය අඳින, කුරුසිය කර පැළඳි, මී මැස්සියක් සේ කඩිසර යෞවනියකි. මා මතකයේ රැඳී ඇත්තේ යහපත් සමාජයක් පිළිබඳ දකින සිහින වෙනුවෙන් වැඩ කරන්නට නොතිත් ආශාවෙන් දිව යන දේව දුතිකාවක් ලෙසිනි.

ඇඹිලිපිටිය, ගාලේවැව සහ ළ.ක්‍රි.වී. කාර්යාලය තුළ ඔබ ඔබේ ශ්‍රමය දූ දරුවන් වෙනුවෙන් මුහු කරද්දී අපි නිතර හමු වූයෙමු. ජීවිතය බෙදා ගත්තෙමු. අපි කරට කර වැඩ කළේ දූ දරුවන් වෙනුවෙනි. දූ දරුවන්ගේ යහපත් හෙට දවසක් වෙනුවෙනි. තවමත් එය සිහිනයකි. නමුත් සිහින ඵල දැරූ ජීවිත හමු වන විට අපේ නෙත් සතුටු කඳුලින් තෙත් වනවා නොවේද?

දැන් වසර කිහිපයක සිට ඔබ තටු කපා දැමූ කිරිල්ලියක මෙනි.

විටින් විට ඔබ විඩාපත් කරන දරා ගන්නට නොහැකි, ගැළ වී යන්නට නොහැකි ශාරීරික වේදනාව කොතරම්දැයි මම සිහිනෙකින් වත් හිතන්නේ කොහොමද? නමුත් ඔබ තවමත් වැඩ අතරය. අප අතරය.  



මගේ ළතැවුල්, දුක් සංකා ළග ඔබ ආදරණීය අම්මා කෙනෙකි.



සෙනෙහසින් නිරන්තරයෙන් ළඟ රැ‍‍දෙන දයාබර මිතුරියකි.



ජීවිතය බෙදා ගන්නා ආදරණීය නැගණියකි.



මගේ ජීවිතයේ හමු වූ අතිශයින් සොඳුරු හිතක් හිමි දිරිය කාන්තාවකි.

ආදරණීය සිස්ට ලක්මාලි.......

විඩාපත් සිතුවිලි අතර, අවිවේකී වැඩ අතර ඊයේ එන්නට නොහැකි විය.

අද හවහට එමි, කොපුලත හාදුවක් තියා සුබම සුබ උපන්දිනයක් කියන්නට...

මගේ කේක් කෑල්ල සුරැකිව ඇති බව කීවා නොවේද?

 

8 comments:

  1. මාත් සුබ පතනවා ලස්සනට ලියලා තියනවා

    ReplyDelete
  2. 2004දි අපි 8 වසරේ චූටි ළමයි...
    හික්ස්...
    සිස්ට ලක්මාලිට හැපි බර්ත් ඩේ වේවා!!!!!!!!!!!

    ReplyDelete
  3. සුභ උපන්දිනයක් ඇයට !

    ReplyDelete
  4. සුභ උපන් දිනයක් වේවා ඇය....

    ReplyDelete
  5. සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  6. සිස්ට ලක්මාලිට මමත් සුභ පැතුවා කියන්න... තරූ අක්ක මගේ ඊයකටවත් උත්තර නැත්තෙ තරහ වෙලාද?

    ReplyDelete
  7. සිස්ටර්ට මමත් සුභපතන්නම්

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...