පිටු

Tuesday, April 23, 2013

සුසුමකින් මග අසන



දුර ඈත ඉගිල ගිය
වැහි ලිහිණියෙකි
රිදුණු අත්තටු පිරිමදින....

හිම මිදෙන සීතලේ
කවියක උණුහුමට
ගුලි වී නිදන...

මධු විතක දැල්වෙන
හද මතක
පපුතුරේ හොවා
ුලක දොවන....

අන්ධ අුර යට
තනි වුණු
තරුවකිය...

ලිහිණි ඇස
පිරෙන කුලක
සීතලට ගිනි ගැනෙන

රිදුණු තටු පිරිමදින
බිුණු හිත මල් පිපෙන
දිනක් ඒදැයි කෙදින
සුසුමකින් මග අසන.... 


16 comments:

  1. Replies
    1. ඇත්තද? ස්තුතියි නංගි...

      Delete
  2. හ්ම්ම්ම්ම්ම්ම්ම්... කවුද ?

    ReplyDelete
    Replies
    1. ඇස් අගිස්සෙ කදුළු කැට හංගන් ඉන්න ලිහිණියෙක්...

      Delete
  3. Replies
    1. ස්තුතියි දෙව්මි... ඔයා මුලින්ම මේ පැත්තෙ ආවෙ නේද?

      Delete
  4. ලස්සණ යි, කවුද ඒ වැහි ළිහිණියා?

    ReplyDelete
    Replies
    1. දුර ඈතක ඉගිලිලා ගිය වැහි ලිහිණියෙක්...

      Delete
  5. ඉස්සර ලිහිණීයෝ දකිද්දි ආසයි මං. ඒත් දැන් බයයි මං ලිහිණියෝ දකිද්ද.ඌ යටින් වහන් උනු උකුස්සෙක් සිටීදෝ කියා..

    ReplyDelete
    Replies
    1. හැම ලිහිණියෙක්ම නපුරු නෑ බට්ටි... අහිංසක ලිහිණියොත් ඉන්නවා....

      Delete
  6. මේ සයිබරෙත් ළිහිණියෙක් හිටියා දැන් නෑනේ පේන්නවත්.නිර්මාණය අගෙයි

    ReplyDelete
    Replies
    1. ඒ ලිහිණියත් ඈතක පියඹල ගිහින්ද ?

      Delete
  7. //රිදුණු තටු පිරිමදින
    බිඳුණු හිත මල් පිපෙන
    දිනක් ඒදැයි කෙදින
    සුසුමකින් මග අසන.... //

    ලස්සනයි අක්කෙ!!!

    ReplyDelete
    Replies
    1. එහෙමනම් සතුටුයි නංගා...

      Delete
  8. සේකර සක්වා ළිහිණි පද්‍ය සංග්‍රහයෙනුත් රත්නශ්‍රී කවියෙන් වගේම ගීයෙනුත් මේ ආදරය ගැන ලිව්වා... තරූගෙ මේ කවියත් කියෙව්වාම දැනේනෙ ඒවගේ හැඟීමක්.

    ReplyDelete
    Replies
    1. සක්වාලිහිණි කියවල නැහැනෙ මං... හොයා ගන්න ඕන අයියේ...

      Delete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...