හමුවිය ඔහු මට
අඳුරු වැහිබර සැඳෑවක
දෙව් මැදුරු දොර අබියස
ඒ දේශද්‍රෝහී මිනිසා...
පාළුකරයේ සිට
පීඩිතයින්ට
යුක්තිය ඉල්ලා
මොර ගැසූ මිනිසා...
මොර ගැසූ මිනිසා...
සැප දුක කෙලෙසදැයි
විමසනු ඉතින් කුමකට
වුවනත ම ගුප්ත කවියකි
පිලාත්තු අධිකරණයෙහි
ගෙවී ගිය විත්තිමය හෝරාවන්හි
ගෙවී ගිය විත්තිමය හෝරාවන්හි
භයංකර
ශෝකාලාපය ලියැවුණ...
ගල්ගැහුණු නිහඬතාවය පතුළ කිමිදී
අත ගා බලා සොයා පහදා හදවත
දිග හරියි
ඔහු මා අබියස....
''සත්‍යය නම්
මෙයයි
අතැඹුලක් සේ රුවා අත්ලෙහි
භයංකර උකුසු ඇස් විදාගෙන
ඔවුහු මා විමසූහ...
ඉදින් සැබවින්ම සත්‍ය යැයි
මා ඇදහූ සත්‍යය
උකුසු නිය පහරට හසුව
පෑරී ඉරී වැහැරී
මියැදෙන
අයුරු දුටුයෙමි
මුනිවත ද ගොළු විය එසැණෙහි..
මුනිවත ද ගොළු විය එසැණෙහි..
උස් අසුන් අරා වැජඹෙන
පිලාත් උතුමෝ
සෝදා දෑත
පිසදා ධවල පිළියෙන්
පිලාත් උතුමෝ
සෝදා දෑත
පිසදා ධවල පිළියෙන්
මා ඇමතූහ..
'.. පැවසිය හැකිය ඔබට
දෙවියන් ගැන
දෙවියන්ගෙ ආදරය ගැන
දේව රාජ්‍යය
ගැන...
නමුත්
කිසිවිටක නොපැවසිය යුතුය
මිනිසුන් ගැන
මිනිසුන්ගෙ පීඩනය ගැන
මිනිස් රාජ්‍යය
ගැන...'
අගුළු ලා මුවට
ගසා දේශද්‍රෝහී ලේබලය
ඔවුහු මා මුදා හැරියහ..''
ඔවුහු මා මුදා හැරියහ..''
ඉනික්බිති, සුසුමකි...
දේවදූතයන් පවා
විපිළිසර මොහොතක
දෑසින් දෑස විමසා
හදින් හද නොවිමසා
ගොළු වීමු අපි....
ප්‍රවේසම් විය යුතු නොවෙද
දේශප්‍රේමීන් හැමතැනම...
එදාත්,අදත් කියලා වෙනසක් නැහැ.
ReplyDeleteපිලාත්ලා,හෙරෝද්ලා හැම තැනම.යුක්තිය ඉටු කරන මුවාවෙන්,යුක්තිය තුල රජකම් කරනවා.දේශප්‍රේමි සළු පොරවන්.
අයුක්තිය තුල රජකම් කරනවා.යනුවෙන් නිවැරදි වෙන්න ඕනේ.
Delete////නමුත්
ReplyDeleteකිසිවිටක නොපැවසිය යුතුය
මිනිසුන් ගැන
මිනිසුන්ගෙ පීඩනය ගැන
මිනිස් රාජ්‍යය ගැන...'//////
ඉස්තරම් සිතුවිල්ලක්...එදා වෙච්ච දේ අදත් සිදුවෙමින් පවතිනවා.
//ප්‍රවේසම් විය යුතු නොවෙද
ReplyDeleteදේශප්‍රේමීන් හැමතැනම...//
සැබැවින්ම සබැවින්ම
ජය වේවා!!!
අගුළු ලා මුවට
ReplyDeleteගසා දේශද්‍රෝහී ලේබලය
ඔවුහු මා මුදා හැරියහ..''///
නියමයි
ජයවේවා!!!!!!!!
මේක පසන් ගායකාවක් වගේ කවියක්.. ලස්සනයි !
ReplyDelete*ගායනාවක්
Deleteඉස්තරම් ඔබේ සිතිවිල්ල. සැබෑ දේශප්‍රේමීන් කිසිකලෙක ඝාතනය කළ නොහැක. ඔවුන් සොඳුරැ මිනිසුන් හදෙහි සැමදාම ජීවත් වේ. මම රස වින්දෙමි. ඔබට ජය!!
ReplyDeletePuduma harawath lesa pada gala pala thiyenawa.ithama sarthaka kawi pelak.mage hadawathinma mama rasa winda.
ReplyDeleteඅදනම් තරූ අක්කගෙන් වෙනස්ම විදිහක සිතුවිල්ලක්.. අපූරුයි..
ReplyDeleteShaaaaa....Hari lassanai.....Santhosai.....Mage Subepathum....
ReplyDeleteSrinath