පිටු

Wednesday, August 6, 2014

එළිසබෙත් බැහැදැකීම......

Artist: Corby Eisbacher

ගාබ්‍රියල් දූත තෙම
මංගලම් කියන්නට
ආවෙ නෑ තාම
අඳුර කැන්දා කුටියට
වසා දැම්මා කවුළුව
කාලෙකට කළින් මම....

නිදි නොනිදි තුන්යම
දුටු නේක සිහිනතර
සුදු පියුම හොඬින් ගත්
සුසුදු ඇත් පොව්වෙක්
උන්නෙ නෑ එළිසබෙත්‍‍....

කිරි හීන බොඳ වුණේ
අකලටම...............
කොයි දරුවත් මට
මගේ දරුවෙක්
හිත හදාගත්තා මම
අන්තිමට....

ඇත්ත එළිසබෙත්,
ඔයා කිව්ව හැමදාම
නිදිවදින්න නම්
එකයි කොයි පිරිමියත්..
ඒ වුණත්,
තුන්හිතම කූද්දන ප්‍රේමයක්
කුස දරන හීනයට තානයක්
ඇත්තෙ නෑ හැම පිරිමියෙක් ළඟම
ඒ නිසයි
තනි යහන තනිකඩව 
තවම.....

ඇඹරැල්ලා මාළුවයි
පොලොස් ඇඹුලයි
පරිප්පු තෙම්පරාදුවට
කලවම් පලා මැල්ලුමයි
කෙහෙල් කොලයේ එතූ
බත්පත
අරන් ආ‍වා උදහැනැක්කෙම
අතිජාත මිත්‍ර ස්නේහයට
උත්තමාචාරය උත්තරීතර
කුස ඔත් දරු කළලයද
ඉල්පුණා ‍මෙනි ප්‍රේමයෙන් බරව...

ඉතින්, එළිසබෙත්
අම්මලා වෙන්න හැකි නෙවැ අපට
එකම දරු පැටියෙකුට.............



2014.08.06

16 comments:

  1. අපූරුයි.. රහයි.. එහෙම නොවන එකයි කරුමේ...

    ReplyDelete
  2. ග්‍රේබ්‍රියෙල් නොඑන එක හොඳයි මේ සමාජයේ හැටියට. මොකද ඔහු ඇවිත් කියන්නේ මවත් නොදන්නා, ඊටත් වඩා පියාත් නොදන්නා පිළිසිඳීමක් ගැන නේ!

    මෙතන ඇත් පැටියා හොඬෙන් අරන් එන්නේ (සුදු නොව) රතු නෙළුම් මලක් විය යුතුයි.

    ඒක සංකේතයක්.

    කෙසේ වෙතත්, ඔබ ගේබ්‍රියෙල් සහ ඇත් පැටවා සංකේත සහිතව ලියූ මේ කවිය මට සිහි කෙරුවේ මංජුල වෙඩිවර්ධන ලියූ ගොල්ගොතාවේ මලුව අමඳින්නී ගීතයයි.

    ReplyDelete
    Replies
    1. ගොල්ගොතාවේ කඳුළු ඇහිඳින්නී
      පෙම් කතාවේ මළුව අමදින්නී
      මග්දලාවේ මරියනී
      වන්දනාවේ
      වංක ගිරියේ
      අම්බපාලී
      මග්දලාවේ මරියනී

      කැට මුගුරු ගෙන පසුපසින් ආ උවැසුනේ
      ඝන අඳුරු රෑ කවුද ඈ හා තනිවුණේ
      සොඳුරු රූ සිරි දකින දෙනයන ගොළුවුණේ
      අනේ මරියා රුදුරු කතරක තනිවුණේ

      සංසාර අසපුවේ ගීතිකාවෝ රැව් නැගී
      කම්මුලේ අත ගසාගෙන සඳ ඉකිබිඳී
      ඔරසමේ හද විලාපය මත මල් පිපී
      ජීවිතේ හැටි කියා දුන්නෙද මරියනී

      Delete
    2. සින්දුව මෙතනින් අහන්න:

      http://www.boondi.lk/article.php?ArtID=906

      Singer: Amarasiri Peris | අමරසිරි පීරිස්
      Music: Darshana Ruwan Disanayake | දර්ශන රුවන් දිසානායක
      Lyrics: Manjula Wediwardena | මංජුල වෙඩිවර්ධන

      Delete
    3. කකා.....මේ ගීතය හොයලා දුන්නාට බොහෝම ස්තූතියි!! වරක් දෙකක් ඇහුවා. අමතක වෙලා තිබුනේ. ඉතාම රසවත් ගීතයක්.

      Delete
  3. අපුරුයි...
    දුකයි...
    හිතට අල්ලල ගිය අපූරු නිර්මාණයක්...

    ReplyDelete
  4. ලස්සන කවි සිත්තම.. මංජුල වෙඩිවර්ධනගේ බත්තලංගුණ්ඩුව කියෙව්වා වගේ !

    ReplyDelete
  5. එළිසබෙත් හොයාගෙන එළිසබෙත් ගාවට ඕනේ කෙනා ඇවිදින් වගේ අන්තිමේදී හරි.

    ReplyDelete
  6. Tharu...++++++++++

    ReplyDelete
  7. ලස්සනයි තරූ අක්කේ..

    ReplyDelete
  8. කියන්න දෙයක් නෑ ලස්සනයි....

    ReplyDelete
  9. එළිසබෙත් බැහැදැකලා තවම ඇවිත් නෑ වගේ...

    //අම්මලා වෙන්න හැකි නෙවැ අපට
    එකම දරු පැටියෙකුට.............//

    මේකට උත්තරේ මේ කවියෙම තව තැනක තියනවා...

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...