පිටු

Wednesday, May 6, 2015

සෙල් ලිපියක් ද ප්‍රේමය ?


පෙම්වත.....

නිශ්ශංකමල්ල ය ඔබ
විපිලිසර කරවා
සිලිටි සිත්
සෙල් ලිපි තබා තැන තැන
මහත් ගර්වයෙන්
නික්ම යන....


නිශ්ශංක ලතා මණ්ඩප මැද
සීතල කළු ගලක
විඩා නිවනා
මේ කඳුළු බිඳ
ඔබ ඉතින් නොහඳුනනු ඇත......


පෙම්වත...
සුභාෂිත කවි අපමණ
දනිමි මම
කව්සිළුමිණෙන් කවියක්
රැගෙන එනු මැන....


ලතා මණ්ඩප
ගල් කුළුණු වුව
සසැලෙනු නියත ය
දෑසින් දෑස වෙලී පැටළුණු දා
දෙහිතක සුසුම් උණුහුම මැද.......


( ප්‍රේම ගීතාවලිය 03 )

7 comments:

  1. කඳුළු හීතල වැඩිද මංදා
    උණුහුමත් උණුහුමම හොයනා
    ශෛලමය නිශාවකට...
    විඳින්නම බැරි ප්‍රේමයේ
    නොසළකා හැරීමය
    හීන හිත පතුලටම ආ කල...

    ReplyDelete
  2. හරිම සුන්දරයි........

    ReplyDelete
  3. ඔබේ ආදරේ...
    දෙවන පෑතිස් රජ දවසේ...
    ශිලා ලිපියක් වාගේ....

    ReplyDelete
  4. පෙම්වතිය,
    නිශ්ශංකමල්ල නොවේ මා
    ඔබට අමතක වුවද
    මා වෙමි සාලිය කුමරුන්
    හැර දමා රජ සැප
    ප්‍රේමයේ සුව සොයා
    ඔබ වෙතට පැමිණි මා
    නොහඳුනන්නේ කෙසේද
    කඳුළු බිඳක ඇති සීතල

    ඉඳින් පෙම්වතිය,
    හදවතේ ගැබුරුම තැන
    ඔබ ගැන නිධාන කොට
    ලියා ඇති විට ප්‍රේම කාව්‍යක්
    කවි සිළුමිණෙන් කවි
    කුමකටද තවත්...

    ReplyDelete
  5. එදවස එකෙකි
    අද දවස බොහෝමෙකි
    නිශ්ශංකමල්ලලා
    අනාථ පෙම්වතියන් ගැන
    තැන තැන වීරත්වයේ සෙල්ලිපි තබන

    ReplyDelete
  6. ඔය නිස්සංක මල්ලියා නේද අනුන් කරවපු එව්ව වලත් නම ගහගත්තේ?

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...