පිටු

Wednesday, July 8, 2015

සැඳෑ සක්මන


හැමදාම හැන්දෑවට
කොල්ලුපිටිය ඉස්ටේසම
අතීත සිඳු ගැඹර
කලත කලතා
මතක දිය බිඳිති
වත මත ඉසින....
ඇස තෙමන....

සිතිජ ඉම සැඳෑ හිරු
උණුහුම් මන්දහාසයෙන්
පැහැසර කරවා
විසල් නිල් අහස
හෙටත් ආදරය ගෙන
නොවැරද එන බව ම
කියා නික්මී යන....

5 comments:

  1. එල ද බ්‍රා නිර්මානයක්

    ReplyDelete
  2. හොදාාාා.....යි...!!

    ReplyDelete
  3. මට මතක් වුනා මේ සිංදුව

    අවසාන සැදෑ සක්මන
    නොදැනීම ගෙවුන ඉක්මන
    දැන් නික්ම යන්න කාලය අපි අපෙන්
    යලි හදාගන්න බැරි වුන සිත් අරන්

    අප සිනා සැලූ තැන් වල ගස් වැල්
    මල් වරා හිදිවිද අප එනකන්
    නැති වුනේ අපට අප මිස
    මේ ලොවට නොමැත එහි දුක
    නඩන්නා ඉතින් නොසලා කදුලැල්

    අප දෙපා සැලූ වෙරළේ රල වැල්
    කැටි ගැසී රැදෙවිද අප එනකල්
    නැති උනේ අපට අපමය
    කාලය යයි අප පසුකර
    නාඩන්න ඉතින් නොසලා කදුලැල්

    Singer : Somathilaka Jayamaha
    Lyrics : Ravi Siriwardana
    Music : Rohana Weerasinghe

    https://www.youtube.com/watch?v=01BQ9Iy1y34

    ReplyDelete
  4. ලස්සනයි කවිය තරු අක්කා. ජයවේවා

    ReplyDelete
  5. හිරුට සමුදුන් සැදෑ අහස
    හැඳගෙන කළු පාට සළු
    අනුරාගයෙන් පිරුණු
    පෙම් කරන හැටි සඳත් සමගින්
    අමතක කර දමා පෙමින් වෙලී සිටි
    හිරුව එක මොහොතකින්.

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...