පිටු

Wednesday, October 28, 2015

රහසක් හෙම කීවාද හිරු රැස්



විකසිත ‘‘අරුණෝද අසිරිය‘‘
කොයිබින්ද මේ මුදු සුමුදු නිල
ඇස සිහිල රන්දන...

පය පාමුළ ම
අපුල කුණු දිය ඇල
එතැන ම පල් වෙන...

හාත්පස අවුලුවන
කාක උන්මාදය
කසල මලු විසුරන...

හරහට වැතිර රළු සිල්පර
හූ තියන් ඔච්චටම
දුව යන යකඩ ලදරම
පීලි පන්නන
යන අතක් නොදැනම...

සතර මහ අපායේ 
පිල්කඩ හිඳ ගෙනම
මෙතරම් මුදු සිනිඳුවට
හිනැහෙන්නෙද කෝම
මෝනිං ග්ලෝරි මල් වැල...

රහසක් හෙම කීවාද
හිරු රැස්
කප්පරක් කටුක දුක් මැද
එකම එක සිනාවක්
ඇති වග

ජීවිතය අස්වද්දන...

23 comments:

  1. කුණ් කසල කන්දක් අබිමුවක වුව
    අහිතක් නැතිවම පිපිය හැක
    මෝනිං ග්ලෝරි මලකට
    සුවඳක වෙනසක් නැතිවම..

    ලස්සන කවියක් තරු අක්කා...

    ReplyDelete
    Replies
    1. කොම්පඤ්ඤවීදියේ ස්ටේෂම ළඟ රේල් පාර අයිනෙ කටු කම්බි වැටේ මෝනිං ග්ලෝරි මල් වැල දැන් මල් පුරවගෙන.. උදේම හිත සනසන දසුනක්..

      Delete
  2. සුන්දරයි පද පෙළ.

    ReplyDelete
  3. Replies
    1. ඒ මල්වල නම කියල දුන්නෙ ඔයානෙ මට.. ඉතින් මල් දකින හැමවෙලාවෙම ඔයාව මතකෙට එනවා.

      Delete
  4. මෝර්නින් ග්ලෝරි කියල මල් ජාතියක් තියෙනවද?
    http://nelumyaya.com/?p=4493

    ReplyDelete
    Replies
    1. තියෙනවනේ.. සර්ච් කරල බලන්න. එක එක පාටින්.. ලස්සනයි. මං හැමදාම උදේට දකින මල් වැලෙ නම් අමුතු ළා නිලක මල් පිපිල තියෙන්නෙ.

      Delete
  5. අරුමැසි නෙක මල් පිපී හිනැහෙන
    මල් උයන් මැද පිපුණි නම් මා අද
    නුඹවත් දකීවිද මේ "හිමිදිරි උත්කර්ෂය"
    මලක් නැති තැන මලක් වෙමි මම

    ReplyDelete
    Replies
    1. ඇත්තමයි තිසර..
      ලස්සනයි ඔයාගෙ මේ පුංචි කවිය..

      Delete
    2. තිසරගේ කවියත් හරි ලස්සනයි.

      Delete
    3. තිසර...නියමයි!

      Delete
  6. දහසක් කම්කටොලු අපහාස අවලාද මැද සිනහවෙන සෑම ගැහැනියක් මිනිසෙක්ම මෝනින් ග්ලෝරි මලක්....

    අර්ථවත් ලස්සන පැදි පෙළක්
    ජයවේ රසී!

    ReplyDelete
  7. පිපේ නම් මඩේ මහනෙල්
    කුණු කන්දක් අසල
    මෝනින් ග්ලෝරි මල් පිපිම
    කුමන අරුමයක් විද මා හට

    ReplyDelete
    Replies
    1. අරුමයක් නැහැ.. ඒත් හරිම ලස්සනයි..

      Delete
  8. මල්වත්තක මල් ගොමුවක පිපෙනවාට වඩා අගෙයි,
    කම්බි වැටක දර ඉපලක පිපුනු මලක අගය වැඩියි,

    අපූරු පදවැල තරූ…….මම ඔය මෝනිං ග්ලෝරි ගැන හොයනකොට දැක්කෙ කංකුං වලට කියන්නෙ Water Morning-glory කියලලු...හෙහ්,

    ReplyDelete
    Replies
    1. කන්කුන් කතන්දරේ අදයි දැන ගත්තෙ. අපූරු සොයා ගැනීමක්..

      Delete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...