පිටු

Saturday, December 19, 2015

තවත් තරු ඇස් රහසක්....


මම උපන්නෙ, හැදුණෙ වැඩුණෙ, ජීවත්වුණේ ආදරය දෝතින්ම දරාගෙන. ඒ වෙනුවෙන් මම මගේ පවුලටත්, නෑ හිතවතුන්ටත්, ගම් පියසටත්, සිප්සතර හැදෑරූ ගුරු දෙගුරුන්ටත්, සෙනෙහස පෑ හිතමිතුරු සැමටත් ණයගැතියි ඇත්තෙන්ම. ජීවිතය මේ තරම් සරල, සැහැල්ලු, සුන්දර අත්දැකීමක් වුණේ ඒ බැඳීම් එක්ක.

ඉගෙනීම් කටයුතු සහ රස්සාව එක්ක අගනුවරට ඇවිත් වසර 15 ක් ගත වුණත් මම තාමත් ගමට ආදරෙයි. මම තාමත් ගමේ ලොකු දුව, ලොකු අක්කාම තමයි. ඒ ආදරය වෙනස් වෙලා නෑ.  



ඉතින්, මගේ කුළුඳුල් කෘතිය ‘‘තරු ඇස් රහස්“ කාව්‍ය සංග්‍රහය ගමට ගෙන යාමේ සතුට නිමිති කරගෙන උත්සවයක්  සහ වැඩසටහන් මාලාවක් ගමේ දි පවත්වන්නට කටයුතු සූදානම් වෙනවා. ඒ පුංචි ගම්මානෙන් මුල්ම වතාවට විශ්ව විද්‍යාලයට ආව වගේම, මුල්ම වතාවට පොතක් එළිදැක්වුවා වගේම ගමේ සෙසු දූ දරුවන්ටත් එයින් යම් පන්නරයක් ලබා දිය හැකි නම් එයයි මගේ සතුට. ඒ වෙනුවෙන් කළ හැකි උපරිමය කිරීම මගේ අරමුණ.

2016 නව වසරේ දුරුතු මහේ 16 වෙනි සෙනසුරාදා. කුලියාපිටිය, කබලෑදෙවිගම මගේ ගමේ දී ඒ උත්සවය පැවැත්වෙනවා.

එදින උදේ වරුව දරුවන් සඳහා ළමා වැඩසටහනකුත්, සවස කවි පොත එළිදැක්වීමේ උත්සවයත්, රාත්‍රියේ ගීත රස වින්දන වැඩසටහනක් සහ සිනමා දැක්මක් වැඩසටහන් පෙළගැස්මට ඇතුළත්.

ගමේ දරුවන් වෙනුවෙන් ළමා පොත් එකතුවක් ආරම්භ කරන්නටත් බලාපොරොත්තු වෙනවා. දැනට මා ළඟ තියෙන පොත් එකතුවෙන් එය අරඹන්නට හැකියි.

මට ඔයාලගෙනුත් උදව්වක් ඕන. ගමේ දූ දරුවන් වෙනුවෙන් ආරම්භ කරන මේ පුංචි පුස්තකාලයට හැකි නම් පොතකින් දායක වෙන්න. ළමා පොත්, පාසල් විෂයන්වලට අදාළ පොත්, යොවුන් සාහිත්‍ය කෘති විශේෂයි.

නවකතා, කෙටිකතා, කවි පොත් වුණත් වටිනවා. නමුත් බහුතර වැඩිහිටියන් කියවීමේ සංස්කෘතියට හුරු නැහැ. ජීවන අරගලයත් එක්ක කියවීමට වෙලාවක් හොයාගැනීම අපහසු වීමත්, කියවීමේ වටිනාකම ගැන අදහසක් නැති වීමත් එයට බලපානවා. අපේ ගමේ කියවීමේ සහ රස විඳීමේ සංස්කෘතිය දියුණුකරන්නට මේ දවස යම් අත්වැලක් සපයාවි කියල මම විශ්වාස කරනවා.

උදව්වෙන්නට කැමති අයට මරදාන පාතිමා දෙව් මැදුරු භූමියේ ළ.ක්‍රි.වී. කාර්යාලට හෝ සමාජ සාමයික කේන්ද්‍රයට පොත් භාර දිය හැකියි.

වැඩිදුර විස්තර ඉදිරියෙදි....( tharurasi@gmail.com )










13 comments:

  1. ෆොටෝ මොනවද? දැනටම තිබුනද? ගුඩ් ලක්!!!

    ReplyDelete
    Replies
    1. පරණ පින්තූර වගයක්, ඉස්සර අපි කළ වැඩවල.. සහ ගමේදි ගත්ත..

      Delete
  2. මං හිතුවෙ තරු ඇස් රහස් දෙවනි පොතත් එනව කියල.

    මේ වැඩෙත් ඉතාම ප්‍රසන්සනීයයි. හැකි උදව්වක් කරන්නම්

    ReplyDelete
  3. මම හිතුවෙත් තව පොතක් කියලා.ගොඩක් හොඳ වැඩක්.අපිත් උදව් කරන්නම්.

    ReplyDelete
  4. සාර්ථක වෙන්න සුභපැතුම්

    ReplyDelete
  5. මේ ලිපිය කියවන විට ඔබගේ සුදු මුදු විවාහ පෝස්ට් එක ඇහැ ගැසුනා. මේ පිලිබඳව පුවත් පත්වලට ලිපියක් ලියන්න. මේ ක්‍රමය බෞද්ධ විවාහ වලටත් යොදා ගත හැකි අපූරු ක්‍රමයක්. පන්සලේ කුඩා උත්සවයකින් කල හැකි දෙයක්. එහි මුල කතෝලික අයගෙන් වුවත් ආගමකට සම්බන්ධ නොකර ලිව්වොත් එයින් වෙන ප්‍රයෝජනය වැඩි වෙයි. මොකක් හරි ක්‍රමයකින් පාසල් පොතකට ඇතුලත් කරගන්න පුලුවන් වුනොත් සුළු කොටසක් හෝ තරුණ අය මේ දේ කරන පුලුවන්. මේ ක්‍රමය ගැන මම දැනගෙන හිටියේ නැහැ.

    ReplyDelete
    Replies
    1. සුදු මුදු විවාහයේ දෙවෙනි කොටසත් ලියන්න ඕනි. අද ඒ දෙන්නා සතුටින් ජීවත් වෙන හැටි සහ එදා දුන්නු පැල අද තියෙන තත්වය ගැන.. ඒක ඇත්තටම ඉතා වටින වැඩක්.

      Delete
  6. හදවතින්ම සුබ පතනවා අක්කේ.

    ReplyDelete
  7. ඉතා හොඳ වැඩක්. සුබපැතුම් ....!

    ReplyDelete
  8. සුබ පැතූ හැමදෙනාටම ස්තුතියි.

    ReplyDelete
  9. දිරිය සවිය පතමි.. නොවරදවාම පොතක් එවමි.. ජය..

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...