පිටු

Thursday, February 18, 2016

අනවසර කුඹල් ගෙය


අනවසර කුඹල් ගෙය
සාලේ හරි මැද ම
පොකුරු වීදුරු පහනේ
පළිඟු  මිණි වැලක
එල්ලීගෙන...

මුතු  දිලෙන දිස්නයේ
අමුතුවට
අඳුරු රළු දුඹුරු පෑයට
අනවසර කුඹල් ගෙය
සාලේ හරි මැද ම...

එසවෙනා කොසු මිට
රොස් සිතින
සැණෙන් විළිබරව
හැකිළීගෙන

මැටි කුටිර කවුළුවෙන්
එබීගෙන
ළෙල දෙන සිඟිති ඇස්
සිනා අහුරක් අයදින
හිස් කුසින් නැගෙන දෙස්
ඉවසන...
අම්ම, අප්පා කොයිද
මඟ බලන..




13 comments:

  1. Replies
    1. ඔව් නංගි. එතනින් ගනන් පුලුවන්.. ඔයා 7 ටද එන්නෙ.

      Delete
    2. ඕං අපි එදා නාට්‍ය බැලුවලු.. ඔයා පේන්න හිටියෙ නැහැ නොව... මං හතර අතේ ඇස්කරකවකවා බැලුවා.ගියේ තුනයි තිහේ ෂෝ එකට.. කාලෙකින් හිතට වදින නාට්‍ය ටිකක් බැලුවා.දැන්වුවාට ස්තූතියි ඒ ගැන..

      Delete
    3. මං ගියේ හතට නංගි.. ඇත්තටම හොඳ නාට්‍ය දැක්මක්.. අපේ මල්ලිලා නිසා කියනව හෙම නෙවෙයි හොඳද?

      Delete
  2. Replies
    1. ඒ දුටු දර්ශන තමයි මේ සිතුවිල්ල ඇති කළේ...

      Delete
  3. මේක කුඹල් ගේ ගැනම නෙවී නේද...
    මං කීවෙ ඔව් කුඹල ඉන්නව තමා ඒත් මේක කුඹලගෙම කතාව නෙවි
    මංද මට එහෙමත් හිතුන...

    ReplyDelete
  4. ලස්සනයි අදහස අක්කේ.

    ReplyDelete
  5. කාගේ උනත් දුකේදී හිත උනුවීම උතුම් මනුස්ස ස්භාවයක්..

    ReplyDelete
  6. කතා දෙකක් - එක කවියකින්

    ReplyDelete
  7. හොරෙන් ලියා ගත් ඔප්පුත් නැති හින්දා
    සැපට ඉන්න නිල නිවසුත් නැති හින්දා
    යන්න,එන්න වෙන තැනකුත් නැති හින්දා
    අනවසරයි කියා ගේ කැඩුවම හරිදැයි මන්දා...

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...