බුදු බණක්
කියන්නට පුතු ගෙදර ඇවිල්ලා
බුදු සුවඳ බුදු එළිය පැල පුරා ඉහිරිලා
බුදු පුතේ නුඹ දිනෙක බුදු වෙයන් කියාලා
නියත විවරණ දෙන්න යමු මැණිකෙ නැගිටලා
හැබැයි ඉස්සර වගේ මගෙ පුතේ කියාලා
තුරුළු කරගන්නනම් එපා ඉක්මන් වෙලා
බත් කටක් කවන්නට හිත ගියත් ළං වෙලා
එපා සිල් ඇවැත්වෙයි මවු සෙනෙහෙ සිහි වෙලා
බණ කතා කියන කොට හුරතලෙන් මුව විදා
කඳුළු පිස දුක නිවෙන බණ අසමු නෙතු පියා
හැඬුම් නැති සිතින් පුතු දකින්නට දිරි පතා
අපිත් විවරණ ලබමු වැටී වැඳ පුතු දෙපා
ගායනය - විශාරද එඩ්වඩ් ජයකොඩි
සංගීතය - රෝහණ වීරසිංහ
ගී පද - ආනන්ද හේවා රංහිඳ
බුදු සුවඳ බුදු එළිය පැල පුරා ඉහිරිලා
බුදු පුතේ නුඹ දිනෙක බුදු වෙයන් කියාලා
නියත විවරණ දෙන්න යමු මැණිකෙ නැගිටලා
හැබැයි ඉස්සර වගේ මගෙ පුතේ කියාලා
තුරුළු කරගන්නනම් එපා ඉක්මන් වෙලා
බත් කටක් කවන්නට හිත ගියත් ළං වෙලා
එපා සිල් ඇවැත්වෙයි මවු සෙනෙහෙ සිහි වෙලා
බණ කතා කියන කොට හුරතලෙන් මුව විදා
කඳුළු පිස දුක නිවෙන බණ අසමු නෙතු පියා
හැඬුම් නැති සිතින් පුතු දකින්නට දිරි පතා
අපිත් විවරණ ලබමු වැටී වැඳ පුතු දෙපා
ගායනය - විශාරද එඩ්වඩ් ජයකොඩි
සංගීතය - රෝහණ වීරසිංහ
ගී පද - ආනන්ද හේවා රංහිඳ
මේ ගීතයත් මගේ
හිතේ ඇඳුණු එඩ්වඩ් ජයකොඩිගේ අපූරුතම ගීතයක්. මේ ගීතය හිතේ කැටයම් කළ අතීත
සිදුවීමක් තියෙනවා. ඒ 1998 වසර. උසස්පෙළින් පසුව බැහැලම ගමේ, පල්ලියේ වැඩවල උන්
කාලය. එක් දවසක් අපි මීසම් භාර පියතුමා සමඟ කුමක් හෝ වැඩකට යමින් හිටියා. ඒ වෙද්දි
වෑන් රථය තුළ වාදනය වෙමින් පැවතුණේ පියතුමා ( කුරුණෑගල පදවියේ ගරු ජෙරොම් පෙරේරා
පියතුමා) ඉතාම ප්‍රිය කළ ගීත එකතුවක්. ‘‘ළමයි මේ සින්දුව අහන්න හොඳට.‘‘ එතුමා
ගීතයක් වෙත අපේ අවධානය යොමුකළා. ‘‘මේ සින්දුව අහන හැම වෙලාවකම මට මම පූජාත්වරය
ලබපු දවස මතක් වෙනවා. පූජාත්වරයෙන් පස්සෙ අම්මට ආශිර්වාද කරල කතා කළ වෙලාවෙ අම්මා
ඉකිගගහ අඬපු හැටි මතක් වෙනවා. මට හිතාගන්න බෑ, ඇයි අම්ම ඒ තරම් ඇඬුවෙ කියල. මං
ස්වාමි කෙනෙක් වෙන එක ගැන ගොඩක්ම සතුටු වුණෙත් අම්මා.‘‘
ඉන්පසුව දවසක
තවත් පියතුමෙක් මෙහෙම කිව්වා. ‘‘අම්ම නැතිවුණ දවසෙ මට දැනුණෙ මුළු ලෝකෙම නැති වුණා
වගේ. එදා දැනුණ හිස්කම තරම් දරුණු තනිකමක් කවදාවත් දැනිල නැහැ. අම්මා නැතිවුණාට
පස්සෙ ගෙදර යනවා කියල ආශාවෙන් යන්න ගෙදරක් නෑ වගේ දැනෙනවා.‘‘ මේ ගීතය දුර්ලභ
සංවේදී, අපූරු මානව ගුණයකින් පිරිපුන් ගීයක් කියලයි මට හිතෙන්නේ... ( ගී දාසය අංක
09 )
‘තීර්ථය - කුමාරදාස
සපුතන්ත්‍රී ගීතාවලෝකනයට‘ සූදානම් වන අතරතුර වඩාත් හිතේ ඇඳුණු ගීතයක් මේ. තීර්ථය බ්ලොග් අඩවියේ
මේ සටහන බලන්න. ( ගී දාසය අංක
10 )
මල් මාලතී ලතා අඳුරේ මිලාන වී
මේ පාළු රාත්‍රියේ නොපිපී බලා හිඳී
මේ පාළු රාත්‍රියේ නොපිපී බලා හිඳී
හැඬූ සිතේ විඩා නිවා ඇදේ මාරුතේ
හැපී බිඳෙන ප්‍රේමයේ සෝ සුසුම් ලෙසේ..
කිසිදාක නොමැත ආදරේට
ලැබී ආදරේ....
හැපී බිඳෙන ප්‍රේමයේ සෝ සුසුම් ලෙසේ..
කිසිදාක නොමැත ආදරේට
ලැබී ආදරේ....
ගැලූ සිනා ගඟේ ගිලී ගියෙද ආදරේ
හඬා වැටේ ප්‍රාර්ථනා පෙම් උයන් තෙරේ..
කවදාක සුවඳ යලි දැනේද
නැවුම් ස්නේහයේ..
හඬා වැටේ ප්‍රාර්ථනා පෙම් උයන් තෙරේ..
කවදාක සුවඳ යලි දැනේද
නැවුම් ස්නේහයේ..
පද රචනය -
කුමාරදාස සපුතන්ත්‍රී
තනුව - සරත් ද අල්විස්
‘කිසිදාක නොමැත ආදරේට ලැබී ආදරේ‘ මං හිතන්නෙ
මං වැඩියම මේ ගීතයට ආදරේ මේ සත්‍යතාව හිතට හරි සමීප හින්දයි.
ගැමි සුවඳ පිරුණු නමුත් වියෝගයේ සංවේදනා
කැටිවුණු ගීතයක් මේ. ( ගී දාසය අංක 11 )
ගලින් ගලට පා තබමින් දුවන්නට එපා
ගල් මතුපිට ලිස්සනවා පය පැකිලේවී
ආල හැඟුම් මං හින්දා පිපෙන්නට එපා
දෑස තෙමාලන දුක් ගිනි නැගෙන්නට එපා
දෙමාපියන් පිට ගමකින් මට බහ දේවි
නිල් ලන්දේ ගම් මැද්දේ ඉද්ද සමන් පිපෙනවා
වෙල් බැද්දේ වගුරු පුරා කෙකටිය දළු දිලෙනවා
ගේ මැද්දේ බරණි පුරා වී අස්වනු පිරෙනවා
හිත මැද්දේ ලොකු අඩුවක් මගේ සතුට මකනවා
ආල හැඟුම් මං හින්දා පිපෙන්නට එපා
දෑස තෙමාලන දුක් ගිනි නැගෙන්නට එපා
දෙමාපියන් පිට ගමකින් මට බහ දේවි
ගමින් ඈත සිදාදියේ ලොකු නුවරක් තියෙනවා
මාල වළලු අරුමෝසම් එහි ඇති බව කියනවා
දෙමාපියන් ගමෙන් පිටට මා දෙන්නට හදනවා
සිදාදියෙන් කුමාරයෙක් මා බලන්න වඩිනවා
ගායනය - එඩ්වඩ් ජයකොඩි සමඟ නන්දා පතිරණ
සංගීතය - රෝහණ වීරසිංහ
ගී පද - කුලරත්න ආරියවංශ
පෙර කී ගීතයට ප්‍රතිවිරුද්ධ ගැමි සුවඳින් පිරුණු සෙනෙහස් කතාවක් ගැනයි මේ ගීතයෙන් කියවෙන්නේ. කොතරම් සොඳුරු ද? ( ගී දාසය අංක 12 )
බකිණි ගහේ බකිණි මලින් පාර අහන්නේ
කුරුන්ද ළඟ දෙල් ගහ යට නිවස තිබෙන්නේ
කවදද එන්නේ කවදද එන්නේ
කවදාවත් නාව නිසා හිත පැටලෙන්නේ
මම ආවොත් දෙමාපියන් නැතිද බනින්නේ
තනියමැ එන්නේ තනියමැ එන්නේ
කැකිරි වැලේ මල් පිපිලා ගෙයි පිළිකන්නේ
ඒ මල් පෙති වලින් ඔබට පවන් සලන්නේ
දෙමාපියන්නේ වරද නොවන්නේ
කවදාවත් නාව නිසා හිත පැටලෙන්නේ
මම ආවොත් දෙමාපියන් නැතිද බනින්නේ
තනියමැ එන්නේ තනියමැ එන්නේ
සේල වළලු රන් පවලම් නැතුවයි එන්නේ
හදේ සුවඳ ආදරයයි අරගෙන එන්නේ //
හනිකට එන්නේ හනිකට එන්නේ
බකිණි ගහේ බකිණි මලින් පාර අහන්නේ
කුරුන්ද ළඟ දෙල් ගහ යට නිවස තිබෙන්නේ
කවදද එන්නේ කවදද එන්නේ
කවදාවත් නාව නිසා හිත පැටලෙන්නේ
මම ආවොත් දෙමාපියන් නැතිද බනින්නේ
තනියමැ එන්නේ තනියමැ එන්නේ
කවදද එන්නේ
කවදද එන්නේ
හනිකට එන්නේ
හනිකට එන්නේ //
ගායනය - නන්දා පතිරණ, එඩ්වඩ් ජයකොඩි
සංගීතය - රෝහණ වීරසිංහ
තවත් සොඳුරු ගීතයක්. ( ගී දාසය අංක 13 )
හඬන්න ළංව ඇති ඔබේ නුවන් පුරා
ඇඳෙන්නේ ජීවිතේ කතාවදෝ
හෙලන්න බැරිව ළතවෙනා සුසුම් සදා
කියන්නේ ජීවිතේ මුළාවදෝ
තරු ඇසක් ඇරී උදා ගිරේ
පෙම් මලක් මුවින් හිනා නැගේ
තරු ඇසේ කතා මියේද
පෙම් මලේ හිනා මැකේද
මේ වෙනසදෝ ආදරේ
සඳ රැහැන් වැටී සුනිල් දියේ
කුමුදු මල් දෙතොල් විදා පිපේ
හිරු ඇවිත් එ මල් දවාද
ඒ දුකත් වසන්ව යාද
මේ අරුතදෝ ආදරේ
ගායනය - එඩ්වඩ් ජයකොඩි, ධම්මිකා බණ්ඩාර
ගී පද - බන්ධුල නානායක්කාරවසම්
ළමා වියේ නිතර ගෙදරදි
ඇහිල, විශේෂයෙන් සංගීතයත් එක්ක හිතේ ඇඳී, බැඳී තියෙන ගීතයක් මේ. ( ගී දාසය අංක
14 )
මේ මල් යායේ මා
හා එක්වීලා
ඈ පෑ සිනා
ළංවෙලා
රෑ තරු වාගේ
නිවුණා මැළවීලා
මා දෑසේ දී
වේදනා
මා දෑතේ වෙලිලා
එදා
රෑ සීතේ සඳපානේ
පියනැගුවා
ඒ චායා සිහිනේ
යාවී
ඈ මාගේ නෙතු
දෑලේ දුක සෑදුවා
සෝ ගීතේ සවනේ
යාවී
මා ලොකේ තනිවූ
සේ මට හැඟුනා
ඈ මා හා පෙරදා
මැවූ
ඒ මායා මීදුම්
සේ දුර ඇදුනා
මේ ගීතයට ඇයි
කැමති වෙන්නෙ කියල අමුතුවෙන් විස්තර කරන්න දෙයක් නැහැ. ඇහෙන හැම මොහොතකම වසර
ගණනාවකට කළින් බඳගිරිය විහාරයක හමුවුණු පුංචි සාමනේර පැටව් ටිකමයි සිහිපත් වෙන්නෙ.
දුප්පත් ගම්මානයක පුංචි මැටි ගෙවල් කිහිපයක ඒ සාමණේර ජීවිතය මොන විදියකින් ගෙවෙනවද
කියල හිතද්දිත් දුකයි. ( ගී දාසය අංක 15 )
ඉස්සර විදියට
දුවපැන යන එක
මතකද තහනම් කරපු දිනේ...
සෙල්ලම් වයසට ඉන්නේ කොහොමද
කියන්න පොඩි හාමුදුරුවනේ...
කරඹ කැළෑවට වවුලෝ ඇවිදින්
රෑ තුන්යම රජ මඟුල් කතී..
පාළුව දැනුනම මෙරු රැළ තරහින්
වැලි මාලිග වට කුලල් කති...
රෑ කල තනි යහනේ සැතපෙන විට
දැනුනිද මවකගෙ සෙනෙහෙ ගුණේ..
බුදු බණ එතකොට සිහියට එනවද
කියන්න පොඩි හාමුදුරුවනේ...
පද රචනය - අමරසේන කංකානම්ගේ
මතකද තහනම් කරපු දිනේ...
සෙල්ලම් වයසට ඉන්නේ කොහොමද
කියන්න පොඩි හාමුදුරුවනේ...
කරඹ කැළෑවට වවුලෝ ඇවිදින්
රෑ තුන්යම රජ මඟුල් කතී..
පාළුව දැනුනම මෙරු රැළ තරහින්
වැලි මාලිග වට කුලල් කති...
රෑ කල තනි යහනේ සැතපෙන විට
දැනුනිද මවකගෙ සෙනෙහෙ ගුණේ..
බුදු බණ එතකොට සිහියට එනවද
කියන්න පොඩි හාමුදුරුවනේ...
පද රචනය - අමරසේන කංකානම්ගේ
තනුව - රෝහණ
වීරසිංහ
ඉහත දැක්වූ ගී
සියල්ල මෙදා ‘මාරම්බරි‘යේ ගැයුණෙ නැහැ. නමුත් මේ ගීතය නම් සජීවීව රස විඳින්නට තරම්
මා භාග්‍යමත් වුණා. පෙර නිමැවූ තනුවකට එක රැයකින් අජන්තා රණසිංහයන් මෙම වචන යොදා
ගීතය නිර්මාණය කළ බවයි කියවුණේ. කොතරම්
විස්මිත නිමැවුමක්ද? පද රචනය, සංගීතය, ගායනය සියල්ල එක්ව ගත් කළ ශෘංගාර රස වෑහෙන
අනර්ඝ ගීතයක්. එත් කොතරම් සෞම්‍ය සංයමයකින් පද ගළපා තියෙනවද!! ඔන්න වැසි දැරියත්
කැමති ගීතයක්. ( ගී දාසය අංක 16 )
මුව මුක්තා ලතා පිපි හංසාංගනා
විල් නෙළුමාසනෙන් ආ ළඳේ
නුඹ භාග්‍යා සරෝජාවියේ
ස්වර්ණා වර්ණා පෑයෙන් දිලේ
මා හද ප්‍රේමාංගනේ
රෑ නුඹ රාසින් ළඳේ
බඳ මණිමේඛලාව මුදා
අනුරා නෙත් නගන් නොනිදා
ආකාශ ගං චන්ද්‍ර නෞකාවේ
(ආකාශ ගං චන්ද්‍ර නෞකාවේ)
තනි වෙන්න යං පෙම් රසෝජාවේ
(තනි වෙන්න යං පෙම් රසෝජාවේ)
රූ සිරු කල්‍යාණියේ
මා සැතපෙන්නම් ප්‍රියේ
තුනු ශ්‍රීයෙන් විපුල් වොරැඳී
මනසානන්ද මන්දෝදරී
lනිස සනි සග ගම l පම පධ නිනි සරි lග - - -l - - රිග lසගරිස l
lනිපනිස l රි - - - l- - නිප lමධපග lමපගරි l නිනි සරි l
lස - - - l
හිරු එන්න පෙර රාත්‍රි මේ සීතේ
(හිරු එන්න පෙර රාත්‍රි මේ සීතේ)
හා හා ගයන් සෞම්‍ය සංගීතේ
(හා හා ගයන් සෞම්‍ය සංගීතේ)
ඒ හිරු නොනගීවා
රෑ තව දිගු වේවා
ඔබෙ නළලේ සඳුන් තිලකේ
අද ඉහිරේද දෙතොලින් මගේ
විල් නෙළුමාසනෙන් ආ ළඳේ
නුඹ භාග්‍යා සරෝජාවියේ
ස්වර්ණා වර්ණා පෑයෙන් දිලේ
මා හද ප්‍රේමාංගනේ
රෑ නුඹ රාසින් ළඳේ
බඳ මණිමේඛලාව මුදා
අනුරා නෙත් නගන් නොනිදා
ආකාශ ගං චන්ද්‍ර නෞකාවේ
(ආකාශ ගං චන්ද්‍ර නෞකාවේ)
තනි වෙන්න යං පෙම් රසෝජාවේ
(තනි වෙන්න යං පෙම් රසෝජාවේ)
රූ සිරු කල්‍යාණියේ
මා සැතපෙන්නම් ප්‍රියේ
තුනු ශ්‍රීයෙන් විපුල් වොරැඳී
මනසානන්ද මන්දෝදරී
lනිස සනි සග ගම l පම පධ නිනි සරි lග - - -l - - රිග lසගරිස l
lනිපනිස l රි - - - l- - නිප lමධපග lමපගරි l නිනි සරි l
lස - - - l
හිරු එන්න පෙර රාත්‍රි මේ සීතේ
(හිරු එන්න පෙර රාත්‍රි මේ සීතේ)
හා හා ගයන් සෞම්‍ය සංගීතේ
(හා හා ගයන් සෞම්‍ය සංගීතේ)
ඒ හිරු නොනගීවා
රෑ තව දිගු වේවා
ඔබෙ නළලේ සඳුන් තිලකේ
අද ඉහිරේද දෙතොලින් මගේ
පද රචනය - ආචාර්ය අජන්තා රණසිංහ
සංගීතය - ආනන්ද පෙරේරා
විශාරද එඩ්වඩ් ජයකොඩි හරිම වාසනාවන්ත ගායකයෙක්. අර්ථවත්,
සොඳුරු, මධුර ගීතවලින් ඔහු මහා පොහොසතෙක්. එයින් 16 ක් තෝරාගැනීම හරිම අසීරු
කාරණයක්. ගී දාසයේ ඒවා දාසයක් තෝරාගන්න තරම් ඔහු ගීතයෙන් පොහොසත් කියල මට හිතෙනවා.
මුව මුක්තා ලතා එක දිගට තුන් පාරක් ඇහුවා කමෙන්ට් කරන්න කලිං..
ReplyDeleteහිරු එන්න පෙර රාත්‍රී මේ යාමේ..
හා හා ගයන් සෞම්‍ය සංගීතේ..
තනුවකට මෙහෙම වචන දානවා කියන එක හරි පුදුමයි... තනුවත්, ගැයුමත් මාර ලස්සනයිනේ...
Deleteතරුරසී, මේ දවස් වල ගමන් යද්දී නිතර ඇහෙන ගී දෙකක් තමයි " බුදු බණක් කියන්නට පුතු ගෙදර ඇවිල්ලා" සහ "මුව මුක්තා ලතා". එයින් පළවෙනි ගීය මට අහන්න අමාරුයි. මටත් ඉන්නෙ පුතෙක් නෙ.. හිතු හිතු වෙලාවට තුරුලට ගන්න , හිතෙන හිතෙන දේවල් හදලා කන්න දෙන්න, ලෙඩක් දුකක් උනාම ලඟ ඉන්න අම්මා කෙනෙකුගේ තියන නොසිඳෙන ආසාව නිසා..
ReplyDelete//ගී දාසයේ ඒවා දාසයක් තෝරාගන්න තරම් ඔහු ගීතයෙන් පොහොසත් කියල මට හිතෙනවා. //
මේ තරම් ගීත සම්පතක් හිමි ගායක ගායිකාවෙ අතළොස්සයි ඉන්නෙ අපට... ඒ නිසයි මට එහෙම ලියන්න හිතුණෙ.
Deleteඔයා හරි තරු රසී...
Deleteමුව මුක්තා ලතා සිංදුවට මාත් ගොඩක් ප්‍රිය කරනවා...
ReplyDeleteඅපූරුයි අක්කේ...
ස්තුතියි නංගී...
Deleteනම මාරු කලා. තරුරසී = මාරම්බරී
ReplyDeleteමං කැමති ම ගී 16 තෝරන්න ගියා නම් ඒක හරිම අමාරු වැඩක් වෙනවා. ඒ නිසා මුලින් හිතුවෙ මං කැමතිම ප්‍රේම ගීත හැර වෙනත් විෂයන් සම්බන්ධව ලියවුණු ගී 16 ක් ගැන ලියන්න.
Deleteමාරම්බරී අහන් ඉද්දි හිතුණා බොහෝ ගීත ජීවිත අත්දැකීම්වලටත් සම්බන්ධ නිසා එයින් ගී 16 තෝරගන්න...
නම වෙනස් කරන්න එපා.. මම ‘‘තරුරසී‘‘ ම තමයි.
මගේ සින්දුව පළ කිරීම ගැන හද පිරි ප්‍රණාමය.. පළමුවෙන් ම..!
ReplyDeleteහැබැයි ඒකට වාගෙම පුද්ගලික හේතුවක් මත මං බකිනි ගහේ බකිනි මලෙන් සින්දුවටත් කැමතියි.
හඬන්න ළං ව ඇති ගීතය අපේ අම්මාගෙ ප්‍රියතම ගීවලින් එකක්..
එහෙමනම් අම්මට කියන්න එයා කැමති ගීතයකුත් තෝරල තියෙනවා කියල. අම්මයි, තාත්තයි එක්ක මේ සැරෙත් ‘සම‘ කුටියෙදි හමුවෙමු.
Delete"දොඹ මලින් මලට" සින්දුවත්,"සසරේ මහ සයුරේ තනි වූ විට
ReplyDeleteඔබ පවුරක් වූවා" ගීතයත් මම ගොඩක් ප්‍රිය කරන එඩ්වඩ් ජයකොඩිගේ තවත් ගීත දෙකක් තරු අක්කාගේ මේ ගී ගොන්නේ නැති.
මමත් කැමතියි, ඒ ගීතවලට...
Deleteබුදු බණක් ගීතය නම් අහනකොට ඕන වෙලාවක කඳුලක් නම් එනවා. //එපා සිල් ඇවැත්වෙයි මවු සෙනෙහෙ සිහි වෙලා// මේ පදය ඇහෙනකොට දැනෙන හැඟීම විස්තර කරගන්න බැහැ. ළමයි මහණ කිරීමේ ඛේදවාචකයත් මේ ගීතය ඇතුලේ තියනවා කියලා මට හිතෙන්නේ....
ReplyDeleteඑඩ්වඩ්ගේ ගීත අතරින් ප්‍රියතම එක තෝරන්න උණොත් මම තෝරන්නේ "නිල් නුවන් පෙඟෙන" ගීතය. තව මම කැමති ඔහුගේ ගීත ටිකක්...
දවසින් දවසට කොලයෙන් කොලයට
සුලං කෝඩයක මහා මේඝයක
මිණි මිණි පොද වැටේවි
නෙතු දැහැන් බිඳී
එපා සඳේ ඔබේ සිනා
සිරියහනේ ලණු ඉහිරී
තෙදිනි විරාජ
සක්වල එතෙරට ඇදෙනා
දොඹ මලින් මලට
මෙන්න මේ නිසාමයි ලිව්වෙ ගී 16 ඒවා 16 ක් තෝරන්න හැකියි කියල. මමත් මේ ගීතවලට කැමතියි. ‘‘සක්වල එතෙරට ඇදෙනා‘‘ බොහොම හිතට දැනෙන මව්ගුණ ගීයක්...
Deleteඔක්කොම සින්දු වලට එක වගේ කැමතියි. ඇත්තටම මගේ සින්දු තෝරද්දී එඩ්වර්ඩ් හිතට ආව. හඬන්න ලංව, මේ මල් යායේ හෙම කැමතිම සින්දු.
ReplyDelete