පිටු

Thursday, May 9, 2019

අලුත් දහමක් සෙවිය යුතු වේ අප



ආගම වෙනුවෙන් ඔබට හැකි නම්
මරා දමන්නට මිනිසුන්
අතුරුදන් කොට දමන්නට
සිරගත කරන්නට හෝ
කොන් කරදමන්නට
කුමකට ද එවන් ආගමක්...

ධර්මයක් වේ නම් ලොව
මනුෂ්‍යත්වය උත්තරීතර බවට
නංවනු මිස,
යම ලොව මැවිය යුතු වෙද මිහිපිට
කුමකටද එවන් ආගම්
පන්සල්, පල්ලි, කෝවිල්...

මුදුනත් දී වඳින දෑතින්ම
සිර කළ හැකි නම් ගෙල
මිනිසකුගේ
කුමකට ද එවන් වැඳුමක්, පිදුමක්
ඇදහුමක්...

එපා ඉතින් මට ඔබේ ඔය ඇදහිල්ල
ජීවිතයට වඩා ජාතිය, ආගම උතුම් වූ
මනුෂ්‍යත්වයට වඩා නීතිය උසස් වූ
ප්‍රේමයට වඩා වෛරයට ආ වැඩූ...

අලුත් දහමක් සෙවිය යුතු වේ අප
මිනිසුන් ලෙස හුස්ම ගන්නට
ඉඩක් සාදන මිනිස් දහමක්
ඇදහුමක් නොවන අලුත් දහමක්...




5 comments:

  1. එවන් දහමක් හොයා ගත්තත්
    කලකදී බදු අරං ඒකත්
    දූෂණය කර දහමෙ හරයත්
    ගහවි කණපිට, සව්වො කොහොමත්

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත... කාලයත් එක්ක හැමදේකම ආරම්භක අරමුණු අමතක වෙලා ගිලිහිලා යනවා... දවසින් දවස අලුත් වෙන්න ඕන ජීවිතය යල් පනින්න නොදී...

      Delete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...