පිටු

Wednesday, July 11, 2012

ආසියාවෙ අසිරි ද මේ දිස් වෙන්නේ





ළපටි කැකුළු මල් අකලට පර වෙන්නේ
දිළිු කුසේ ගිනි නිරතුරු දැල්වෙන්නේ
අසරණ ලේ කුලින් බිම නැහැවෙන්නේ
ආසියාවෙ අසිරි ද මේ දිස් වෙන්නේ





( බස් රේඩියෝ බ්ලොග් සතිය වෙනුවෙන් හැමදාම නිර්මාණයක් පළ කරන්න ඕන කියල හිතුවා.. පරණ කවි පොත් දෙකකුත් හොයා ගත්තෙ ඒ නිසයි. ඒත් හැමදාම අහන්න දකින්න ලැබෙන දේවල් නිසා හිත නොසන්සුන්.... අපේ රට මේ යන්නෙ මොන වගේ අනාගතයකටද? ප්‍රේම කවි ලිය ලියා සන්තෝෂ වෙන්න බැරි ගතියක් දැනෙනවා.....

ළමා අපචාර පිටුදැකීමේ පා ගමනක් ළමුන් සමග ජූලි මස 21 වන දා කොළඹ දී පවත්වන්නට සූදානමක් පවතිනවා. වැඩි විස්තර පසුව දන්වන්නම්. හැකි අය සහයෝගය ලබා දෙන්න. ළමුන්ගේ ආයාචනාවන් විදියට පෝස්ටර් සහ බැනර් සහා යොදා ගත හැකි පාඨ ලියා දෙන්න පුළුවන් නම් හරිම වටිනවා . )

18 comments:

  1. හිතක් පපුවක් නැති තිරිසන් සල්ලාලයො ඉන්න ලෝකෙ තවත් එක රටක් විදියට ලංකාවේ ආස්චර්යය පෙන්නපු අවස්ථා නේද

    ReplyDelete
    Replies
    1. අපි දැන් සංවර්ධනයෙන් ඉහළට... ගුණධර්ම අතින් පහළට.... නෙළුම් පොකුණු, නෙළුම් කුළුණු හැදෙද්දි වැව් පොකුණුවල නෙළුම් සුවඳ නැති වෙලාම යයි වගේ...

      Delete
  2. මමත් ඊයෙ දැකපු නිවුස් එකට හිත සසල වුණා.ඇපු කේන්තිය නිවෙනකම් බැන්නා..අවුරුදු 14ක දරුවෙක් විනාශ කරල 3 දෙනෙක් එක්ක තව සුදු රෙද්දකින් මූණත් වහගෙන දඩයක් නැතිව මරණීය දණ්ඩනය දුන්නනම් අහිංසක මල් කැකුලකට ඉබේම පිපෙන්න වරම් ලැබේවි..

    ReplyDelete
    Replies
    1. තමන්ට දුවල, සහෝදරියො නැත්ද? කොහොමද මේ මිනිස්සු මේ වගේ අපරාධ කරන්නෙ... යහපත් පිරිමි හැමෝමත් මේ වගේ දූෂිත මිනිස්සුන්ට විරුද්ධ වෙන්න ඕන... මොකද මේ සිද්ධ වෙන දේවල් නිසා හැම පිරිමියෙක් දිහාම දරුවන්, කාන්තාවන් සැකයෙන් බලන අනාගතයකුයි එළඹෙන්නේ...

      Delete
  3. දැන් අහන්න ලැබෙන සිද්ධීන් ගැන පුදුම කලකිරීමක් තියෙන්නේ . මේව කරන අයට කොහොම දඬුවම්ද දෙන්න ඕන කියල හිතාගන්න බෑ .

    ReplyDelete
    Replies
    1. නීති රීති දැඩි වෙන්නත් ඕන තමයි.. ඒත් ගිම් ඊට වඩා මිනිස්සුන්ව අධ්යා.ත්මිකව, ගුණධර්මවලින් පෝෂණය කරන වැඩපිළිවෙලක් හැදෙන්න ඕන... මේක ආණ්ඩුවට විතරක් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි.. ආගමික සංස්ථා, සමාජ සංස්ථා, දේශපාලන සංස්ථා මේ හැමෝම එකතු වෙලා වැඩ කරන්න ඕන... එහෙම නැති උණොත් අපේ දරුවන්ට ජීවත් වෙන්න ඉතිරි වෙන්නෙ බොහොම භයානක සමාජයක් තමයි....

      Delete
  4. මේ දවස් ටිකට කීයක් නං ළමා අපරාධ උනාද නේ? ප්‍රවෘත්ති දැම්මොත් එකක් :(

    ReplyDelete
    Replies
    1. ඒකනෙ රජතුමනි... ඇයි මොනාත් නොකරන්නෙ...

      Delete
  5. අපූරු පද වැල..

    ReplyDelete
  6. පොඩි එකෙක්ටවත් පාරෙ බැහැලා යන්න බැරි රටක තව මොනවද රැකෙන්න තියෙන සාරධර්ම..
    ලංකාවේ තිබ්බ ජරාම කාලෙ වෙන්නැති මේ ගෙවෙන්නේ..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මහා භයානක කාලයක්.. යුධ මානසිකත්වයකට රටම ගොඩ නැගුවා... දැන් මේ පේන්නෙ ඒවයෙ ප්රතතිඵල.. දෙමළ මිනිස්සු මැරෙද්දි හුරේ දැම්ම සිංහල අපිට මේ ගෙවන්න වෙලා තියෙන්නෙ කළ කර්ම...

      Delete
  7. අද පත්තරේ විස්තර වලටත් කිව්වා පොඩි ළමයෙක්ට ඔහොම කරපු කෝටිපති ව්‍යාපාරිකයන් දෙදෙනෙක් ඒ ළමයි විසින් ඊයේ උසාවියේදී හොයා ගෙනලූ. ඒ දෙන්නා බන්ධනාගාර ගතකරලා. වැඩේ කියන්නේ ඒ දෙන්නගේ නඩුවට පෙනී සිටින්න නිතීඥවරු 24ක් දැනටම ඉදිරිපත් වෙලාලු. සල්ලි වලට ගිය මිනිසත්කම...

    ReplyDelete
    Replies
    1. උගතුන් බුද්ධිමතුන් ප්ර භුන් කියන අයගෙන් තමයි දැන් මනුස්සකමක් බලාපොරොත්තු වෙන්නම බැරි... ධනය බලය අතට ආවම මිනිසුන් නොමිනිසුන් වෙනවා බට්ටියේ...

      Delete
  8. සිත්තමී එක්ක එකඟයි. මේ වගේ අයට දෙන්න ඕන මරණ දඬුවම. දඬුවමක් නැති තැන අපරාධ කරන්න කවුරුත් බය වෙන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. අනික මේ බාල අපචාර සඳහා මාධ්‍ය විසින් දෙන පුළුල් ප්‍රචාරත් නවත්වන්න ඕනෙ කියලයි මට හිතෙන්නෙ

      Delete
    2. ලංකාවෙ බාල අපචාර සීග්‍රයෙන් ඉහළ ගිහින්. මේවාට සම්බන්ධ පිරිස් දේශපාලන ශක්තිය, මුදල, පිරිස් බලය, ඇතිව සිටින පිරිසක්. මොවුන් කරන්නා වු අපරාධ රැල්ල මර්දනය කිරීම ඉතාම වැදගත්.

      නැත්නම් මේ පුංචි මල් කැකුලු වලට කාගේ පිහිටක්ද

      Delete
    3. මමත් ඒ ගැන හිතල තියෙනවා.. මාධ්යඅ මගින් ප්රනචාරය වෙන තරමට ඒ විදිහෙ අපරාධ සිද්ධ වෙන එක වැඩි වෙනවා... පුරාවස්තු මංකොල්ල, ළමා අපචාර, මිනී මැරීම්, සිය දිවි නසා ගැනීම්... මේ වගේ දේවල් එකක් දෙකක් පළ වෙද්දී දිගටම එවැනි සිද්ධිම සිදු වෙනවා... මෙවැනි ප්ර්වෘත්ති මාධ්යි මගින් තලු මැරීමෙන් සිද්ධ වෙන්නෙ නොදැනුවත්ම මානසික අඩුලුහුඩුකම් ඇති අය ඒ සදහා පෙළඹවීමක්ද කියල මට හිතෙනවා...

      ඒත් කාටද අපි මේව කියන්නෙ.. මාධ්යම මර්දනය කරන්න හදන්නෙ වෙන වෙන හේතු නිසා ඒත් මේ වගේ කාරණා ගැන සංවේදී නැහැ නේද වගකිව යුතු අය...

      Delete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...