පිටු

Monday, September 24, 2012

විසි වසර සමරන ''කිතුසර'' ට සුබ පැතුම්




කිතුසර කියන්නෙ විකල්ප ධාරාවේ කිතුනු පුවත්පතක්. 1992 ජූලි මාසයේ දී තවත් කිතුනු පුවත්පතක් යනුවෙන් එළි දුටු කිතුසර මේ වසරේ සිය විසිවන සංවත්සරය සමරනවා. ‍කිතුසර විසි වසරක සංවත්සරය සැමරුවත් මේ සඳහා උර දුන් තරුණ කණ්ඩායමේ ඒකරාශී වීම සිදු වුණේ ඊටත් වසර පහකට පමණ පෙර සිට. 71 දී ළමුන්, 89 දී නව යෞවනයන් වූ මේ තරුණ පිරිස වඩා යහපත් සමාජයක් සඳහා කැප වෙන්නට සිහිනයක් තිබූ කණ්ඩායමක්. ඒ වෙනුවෙන් තෝරා ගත් විවිධ වැඩ අතර විකල්ප පුවත්පතක් යන්න එක් ප්‍රමුඛ වැඩක් උණා.

විකල්ප ධාරාවේ පුවත්පතක් පිළිබ සංවාද ගණනක ප්‍රතිඵලයක් ලෙසින් කිතුසර මුලින්ම ආරම්භ වුණේ '' දැකුම'' නමින්. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් මුල් අවදියේ දැකුමට සුබ පැතුමක් යොමු කරමින් මෙ‍සේ ලියා තිබුණා.

'' හැම අතින්ම නිවැරදි දැක්මක් අවැසි කාලයක දැකුම බිහි වීම සතුටකි. ''

මේ වන විට රාවය, විවරණ වැනි පුවත්පත් පැවති බැවින් කිතුනු අනන්‍යතාවයක් තුළ ඉදිරි ගමනක් යන්නට ''දැකුම'' කිතුසර ලෙස වෙනස් වෙනවා. 1992 වසරේ කිතුසර පුවත්පත බිහිවෙන්නේ එලෙසයි. කිතුසර පුවත්පතේ ආරම්භක පිරිස  පිළිබව එහි ප්‍රධාන සංස්කාරක මහින්ද නාමල් සොයුරා පවසන කතාව මෙයයි.

'' 1987 සිදු වූ මයිකල් රුද්‍රිගු පියතුමාගේ ඝාතනය විසින්ද, 88/89 වකවානුවේ ඝාතනය කළ හැට දහසකට අධික තරුණ තරුණියන්ගේ කැපවීම විසින් ද කිසියම් අනුප්‍රාණයක් ලැබූ පිරිසකි. ඔවුන්ගේ ගර්භාෂය විමුක්ති දේව ධර්ම කතිකාවතයි. ''

කිතුසර 20 වසර දිවැසිවර සැරිසැරුම වැඩසටහන

2012 සැප්තැම්බර් මස 29 සෙනසුරාදා පෙ.ව. 9.00 ට
මීගමුව රුක්මණීදේවී රහලේ දී පැවැත්වෙනවා.
ඒ සහා ඔබ සැමට සහෝදරත්වයෙන් ඇරයුම් කරනවා කිතුසර කණ්ඩායම වෙනුවෙන්.
       
දවසේ විශේෂ වැඩ.............
·         ලෝකය තුළ විමුක්ති අරගලය - කෙටි චිත්‍රපටය
·         ආගම හා දේශපාලනය - දේශනය ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන මහතා
·         කතෝලික සභාවේ ප්‍රගතිශීලිත්වය හා ප්‍රතිගාමීත්වය අතර ගැටුම - දේශනය ගරු ඇලොයි පීරිස් පියතුමා
·         අද දවසේ ජේසු ගීතය
·         කිතුනු විමුක්තියේ ‍කතෝලික නොවන කිතුනු මුහුණුවර - ආචාර්ය ගරු ජෙරොම් සහබන්දු දේවගැතිතුමා
·         ජාතික ප්‍රශ්නය හා ලාංකේය කිතුනුවා - නීතිඥ, යාපනය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය ගුරුබරන් මහතා
·         විවෘත සංවාදය

කිතුසර වෙබ් අඩවියට මෙතනින් පිවිසෙන්න.



කිතුසර පාඨකයෙක් සහ කිතුසර කණ්ඩායමේ දිගුකාලීන මිතුරියක් ලෙස විසිවන සංවත්සරයට සුබ පැතුම් එක් කිරීම  සහ 
ඔබ සැමට ඒ සඳහා ඇරයුම් කිරීම මගේ යුතුකමක් ‍සහ වගකීමක් බව 
මා විශ්වාස කරනවා. 
හැකි අය, රිසි අය අප හා එක්වන්න ලබන සෙනසුරාදා 
මීගමුවේ රුක්මණීදේවී රඟහ‍ලේදී....



10 comments:

  1. කිතුසරට මගෙනුත් සුබ පැතුම් !

    ReplyDelete
  2. කිතුසරට මගෙනුත් සුබ පැතුම් !

    ReplyDelete
  3. තරු රසී‍ හැම අතින්ම කලාවට සාහිතයයට සම්බන්ධ කෙනෙක්.කිතු සරට සුබ පතමි. ඒවගේම ඔබ ජාතික සිනමා සහ කතෝලික පර්ෂදයට සම්බන්ධ වුනානම් සෑහෙන්න වැඩක් කරන්න තිබුණා කියල හිතෙනවා.

    ReplyDelete
  4. කිතුසරට සුබ පැතුම් එක්කළ හැම දෙනාටම ස්තුතියි.
    දයා අයියේ, ජාතික සිනමා සහ කතෝලික පර්ෂදය ගැන මම ගොඩක් දේවල් දන්නෙ නැහැ. මම ඒ ගැන හොයා බලන්නම්කෝ.

    ReplyDelete
  5. ඕනෑම කෙනෙකුට එන්න පුලුවන්ද? නිකමට වගේ එන්න බැරිද? කතෝලික නොවන කෙනෙකුට උනත්. තව විස්තර කියන්නකො.

    ReplyDelete
    Replies
    1. ඕනම කෙනෙකුට එන්න පුළුවන්. ආගම් භේද නැහැ.

      ඇත්තටම කිතුසර කණ්ඩායමේ වගේම අපේ ළ.ක්රි .වී. ළමා සංවිධානයෙත් ආගම්, ජාති භේද නැහැ. හැමෝටම විවෘතයි. මහගමසේකර ප්රළබුද්ධ පොතේ කිව්ව වගේ මායිම් වැට කඩුළු නැතිව ලෝකය තනි යායක් වෙන දිනයක් ගැන සිහින දකින සහ ඒ වෙනුවෙන් වැඩ කරන පුංචි කණ්ඩායමක් මේ....

      Delete
    2. ආගම් භේද නැත්නම් කමක් නෑ. ඒත් ඔතන කියන එව්වා තේරෙයිද කියලා නම් සැකයි. කොටින්ම කතෝලික නොවන කිතුනු මුහුණුවර කියන මාතෘකාවම ප්‍රශ්නයක්. ඒත් පෝස්ට් එක කියවපුවාම ආසාවක් ඇතිවුනා. මම ඔය අහල පහල ඉන්නෙ. එන්න බලන්නම්කො පොඩ්ඩක් මූණදාලා යන්න. මොකුත් ගේන්න ඕනෙද? ටිකට් එකක් කීයද?

      Delete
    3. ළග පාත නම් ඉන්නෙ ඇවිත් බලන්න. ටිකට් ඕනෙ නැහැ. බෝරින් වගේ නම් නැගිටල යන්න පුළුවන්නේ.

      රුපියල් විස්සෙ රටකජු මුලක්, මුරුක්කු පැකට් එකක් වගේ ගෙනාවට කමක් නැහැ. මේ පණිවිඩය දුන්න මට....

      තවත් විස්තර ඕනෙ නම් පණිවිඩයක් එවන්න මේ විද්යු්ත් ලිපිනයට tharurasi@gmail.com .

      Delete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...