එනු සටනට...!
ප්‍රේමය නැත්නම් මරණය..
හලාහල විස මුසු ප්‍රේමයේ
මී විත ම තොල ගෑ
ග්ලැඩියේටර් පෙම්වතී මම....
අසිපත සුරත දරමින්
සිතුවිලි මුවහතින්
පලිහ ද ලෙළවමින්
කවිකම්හි උණුහුමින්
සටන් බිම බට
ග්ලැඩියේටර් පෙම්වතී මම....
දණ නමා කවියෙන්
හිස නවා සෙනෙහෙන්
මුනිවත තබා උකසට
මුනිවත තබා උකසට
ගිනිගත් අතීතයක
දැවුණු හිත දෝතට ගෙන
හංස ගීතය ම මුමුණන
ප්‍රේමණීය ම සතුරා අබියස
අසිපත සැලෙත - හුණු වී වැගිරෙත...
පලිහ ගිලිහී - කවි ද ඉකි බිඳුමෙක...
දේවදූතයින් මංගලම් ගයන
තටු පිරිමදින
තටු පිරිමදින
ස්වර්ගයෙන් ආසිරි පැන් ඉහින...
සටන් බිම මැද
දණ හොවා ළය හොවා
සිපගනිමි...
මගේ ආදර කඳුළු
බින්දුව...
ඉදින්,
සදාකල්හිම
නියත පැරදුම ම හිමි
ග්ලැඩියේටර් පෙම්වතී මම....
( ‘’ග්ලැඩියේටර් පෙම්වතී’’ සොරා ගතිමි නාමල් ජයසිංහ ගේ ග්ලැඩියේටර් ප්‍රේමයෙන්...
)
සොරා ගත්තටත් පාඩු නෑ එහෙනං.. නැත්තං අපි කොහෙන්ද මේවා කියවන්නේ :)
ReplyDeleteකතාව ඇත්ත. ගත්ත තැන දැම්මම හොරකමක් වෙන්නෙ නෑ.
Deleteසොරා ගත්තෙ ඔය වචනෙ විතරයි හොදේ...
Deleteසොරාගෙන හරි දැම්ම එක වටිනවා තරූ අක්කේ.. මොකද මම දැන්නේ කියෙවුවේ..
ReplyDeleteග්ලැඩියේටර් ප්‍රේමය වේදිකා නාට්‍යක්.. දැන් යූටියුබ් හරහා බලන්න පුළුවන්... මං ළගදිම ඒ ගැන සටහනක් දානවා..
Deleteහොරකම් කළ බවක් ප්‍රසිද්ධියේ කීමට තරම් ඔය පෙම්වතී නිර්භීතයි නොවැ.
ReplyDeleteඅපෝ මේ පෙම්වතී කොහෙත්ම නිර්භීත නෑ... බයගුල්ලියක්... මම හොරකම් කළේ ඔය වචනෙ විතරයි නොවැ.. ඒ නිසයි බය නැතුව දැම්මෙ...
Deleteලෝකයේ හැමදාම සදාකාලික / අමරණීය වෙලා තියෙන්නේ පරාජිත ප්‍රේමයන්ම තමයි හැබැයි...
ReplyDeleteඒකත් එහෙමද?
ReplyDelete