හිස්ම හිස් අහස යට
තෙත් කැවුණු ඇස් දෙකක්
සාංකාවෙන් සලිත වෙයි...
සුරත හෙමිහිට තබා ළය මත
මේ රිදුම් දෙන හදවතත්
මගෙම දැයි...
මොහොතකට කවියක්
විපිළිසර වෙයි...
ඇස් දෙකක් කඳුලකට අත
වනයි...
රිදෙන්නට තවත්... තව තවත්
තිබුණා ද හදවතක්..?
කුමකට ද හදවතක්..?
සුසුමක් කඳුලකින්
විමසයි..
මන්දාකිනියකට මග හැරී ගිය
පුංචි තරු කැටයක්
අහස් ගඟ ඉවුරු පැන
පොලෝ ගැබ වැද
දූවිලි පියලි අතර
සැඟව යයි....
2013.10.27
අගෙයි අගෙයි
ReplyDeleteකාලෙකට පස්සෙ ඇවිත් නලින් අගෙයි අගෙයි කියන්නෙ... අර තරු කැටේ පව් නැද්ද?
Deletehm..
ReplyDeleteහ්ම්.. හ්ම්...
Deleteඒ කියන්නෙ දැන් ගලක් වෙලාද? නැහැ වෙන්න බෑ...
ReplyDeleteවුණා නම් අපූරුයි.. එහෙම වෙන්නෙ නැති එකනෙ ප්‍රශ්නෙ...
Deleteඅහසෙන් තරුවක්
ReplyDeleteකඩා වැටෙනවා
තරුව කතා නැහැ
අහසයි වැලපෙන්නේ.............
අහස නම් වැළපෙන එකක් නෑ... බොහොම සන්තෝස වෙයි.. කරදරකාරි ගියා කියල...
Deleteලස්සනයි තරූ අක්කේ..
ReplyDeleteස්තුතියි මල්ලි...
Deleteලස්සනයි!!
ReplyDeleteස්තුතියි... මුල්ම වතාවට නේද ආවෙ මේ පැත්තෙ... සාදරයෙන් පිළිගන්නවා...
Delete//මන්දාකිනියකට මග හැරී ගිය
ReplyDeleteපුංචි තරු කැටයක්
අහස් ගඟ ඉවුරු පැන
පොලෝ ගැබ වැද
දූවිලි පියලි අතර
සැඟව යයි....//
අපූරු යි තරූ....
ස්තුතියි...
Deleteහ්ම්ම් දුක හිතුණා
ReplyDeleteඇත්තද? සමාන හදවත්... සහෘදභාවය..
Deleteලස්සනයි !
ReplyDeleteස්තුතියි මල්ලී...
Deleteහරිම දුකකින් ලියලා තියෙන්නේ...:(
ReplyDeleteහ්ම්....
Delete