පිටු

Sunday, October 27, 2013

මග හැරුණු තරු කැටයක්...


හිස්ම හිස් අහස යට
තෙත් කැවුණු ඇස් දෙකක්
සාංකාවෙන් සලිත වෙයි...

සුරත හෙමිහිට තබා ළය මත
මේ රිදුම් දෙන හදවතත්
මගෙම දැයි...
මොහොතකට කවියක්
විපිළිසර වෙයි...

ඇස් දෙකක් කඳුලකට අත වනයි...

රිදෙන්නට තවත්... තව තවත්
තිබුණා ද හදවතක්..?
කුමකට ද හදවතක්..?
සුසුමක් කඳුලකින් විමසයි..

මන්දාකිනියකට මග හැරී ගිය
පුංචි තරු කැටයක්
අහස් ග ඉවුරු පැන
පොලෝ ගැබ වැද
දූවිලි  පියලි අතර
සැව යයි....

2013.10.27

20 comments:

  1. Replies
    1. කාලෙකට පස්සෙ ඇවිත් නලින් අගෙයි අගෙයි කියන්නෙ... අර තරු කැටේ පව් නැද්ද?

      Delete
  2. ඒ කියන්නෙ දැන් ගලක් වෙලාද? නැහැ වෙන්න බෑ...

    ReplyDelete
    Replies
    1. වුණා නම් අපූරුයි.. එහෙම වෙන්නෙ නැති එකනෙ ප්‍රශ්නෙ...

      Delete
  3. අහසෙන් තරුවක්
    කඩා වැටෙනවා
    තරුව කතා නැහැ
    අහසයි වැලපෙන්නේ.............

    ReplyDelete
    Replies
    1. අහස නම් වැළපෙන එකක් නෑ... බොහොම සන්තෝස වෙයි.. කරදරකාරි ගියා කියල...

      Delete
  4. ලස්සනයි තරූ අක්කේ..

    ReplyDelete
  5. ලස්සනයි!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි... මුල්ම වතාවට නේද ආවෙ මේ පැත්තෙ... සාදරයෙන් පිළිගන්නවා...

      Delete
  6. //මන්දාකිනියකට මග හැරී ගිය
    පුංචි තරු කැටයක්
    අහස් ගඟ ඉවුරු පැන
    පොලෝ ගැබ වැද
    දූවිලි පියලි අතර
    සැඟව යයි....//
    අපූරු යි තරූ....

    ReplyDelete
  7. හ්ම්ම් දුක හිතුණා

    ReplyDelete
    Replies
    1. ඇත්තද? සමාන හදවත්... සහෘදභාවය..

      Delete
  8. හරිම දුකකින් ලියලා තියෙන්නේ...:(

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...