තේවත්ත පල්ලියෙ
රබර් හේඩාව යටපන්පැදුරෙ....
හිස තියන් මා උකුල මත
හොරෙන් පිසලූ කඳුළු කැට
නොදුටු සේ උනිමි
අම්මේ....
නොපෙන්වා සඟවාන
හිනැහෙනඅපමණක් කඳුළු උල්පත්ය
ම හද බැම්මේ....
අප මුවින් ගිලිහෙන
යැදුම් හඬ අසා උන් සුළඟ වුව
සාංකාවෙන් වගෙයි
අම්මේ...
සල සල ව සසැලෙන
හීන් කෙඳිරිල්ලක්ව
ඈතටම ඇදී යයි
පිම්මේ....
කෙසඟ කේඩෑරි සිරුර තුළ
අන්තිම දිරි පොදත්එක්කරන්
නැගිටින්න වෙර ගන්න
අම්මේ...
අපමණක් දුක් දැරූ
මව්කමටමාතෘ ස්නේහයෙන්
උර දෙනුව
පැතුම් කප්පරකි හද
දැන් මේ...
2014.05.07
ආදරයේ උල්පත අම්මා.....
ReplyDeleteඔබේ ගුන කීමට හෝඩියේ අකුරු මට මදි... අම්මා.....!!
ReplyDeleteකොහොම මේ ගුණ කියල ඉවරකරන්නද.
ReplyDeleteඅම්මා පෙව් ලේ කිරි කදුලෙනි .. මේ ලොව මෙතරම් හැඩ උනේ
ReplyDeleteඅපූරු සංවේදී පද පෙලක්...
ReplyDeleteලස්සනයි තරු...
ජයවේවා
අපූරු කවි පෙලක් අක්කේ..
ReplyDeleteඅම්මා ගැන ලිවීමට මා දන්නා වචන මදි.
ReplyDeleteහරියටම නිර්වචනයක් දෙන්න බැරි වචන වලින් එකක්....අම්මා
ReplyDeleteඅම්මා!
ReplyDelete