පිටු

Tuesday, September 30, 2014

වියුණු සාහිත්‍යය ( Blook )


‘වියුණු සාහිත්‍යය’ යන්න ආගන්තුක වචනයක් වෙන්න පුළුවන්... නමුත් Blook යන්න සිංහලෙන් හඳුන්වන්නට ඉතාම සුදුසු විදිය මෙය බවයි මගේ හැඟීම.. වියුණු සාහිත්‍යය යන්න මම යොදා ගන්නෙ බ්ලොග් ඇසුරින් මුද්‍රණය වන කෘති හඳුන්වන්නට. ඒ සඳහා සුදුසු හෝ ඔබ දන්නා වෙනත් නම් ඇත්නම් යෝජනා කරන්න කියල ඉල්ලීමක් කරන්නත් කැමතියි.

ලාංකික අපට ආගන්තුක වුණත් වියුණු සාහිත්‍යය විදෙස් සාහිත්‍යය තුළ නම් දශකයකට එහා අතීතයකට උරුමකම් කියන බව විකිපීඩියා විශ්ව කෝෂය ( Blook ) හෙලිදරව් කරනවා. එය බ්ලූක් යන්න හඳුන්වා දෙන්නෙ මෙහෙමයි.

A blook is printed book that contains or is based on content from a blog.

Blog + Book එකතුවෙන් බ්ලූක් යන්න නිර්මාණය වන්නට ඇති බව උපකල්පනය කළ හැකියි.

..........

මේ වසර තුළ සයිබරීය අවකාශය අතික්‍රමණය කර මුද්‍රිත පෙළක් බවට පත් වූ කෘති දෙකක් පැහැදිලිවම හඳුනා ගන්න පුළුවන්... එක් කෘතියක් තිලක සිත බ්ලොග් අඩවියෙහි පළ වූ තෝරා ගත් ලිපි එක් කොට තිලකසිරි ඒකනායක සොයුරා විසින් පළ කළ ‘තිලක සිත’ පොත... 


‘‘ජීවිතය කතන්දර ලෙස” එහි තේමාවයි. 


වෙනත් කිසිදු මුද්‍රිත මාධ්‍යයක පළ නොවී ඍජුවම බ්ලොග් අඩවියටත් ඉන්අනතුරුව මුද්‍රිත මාධ්‍යයටත් පැමිණි කෘතිය යන අර්ථයෙන් ගත් විට තිලකසිත ලාංකීය වියුණු සාහිත්‍යෙයේ මුල්ම මුද්‍රිත ප්‍රයත්නය වෙන්නත් පුළුවන්. ( මේ පිළිබඳව ඔබ දන්නා තොරතුරු ඇත්නම් සඳහන් කරන්න. )

බෝධිනී ආර් සමරතුංග සොයුරිය අනිත් කොන බ්ලොග් අඩවියේ තෝරා ගත් ලිපි එක් කොට ‘අනිත් කොන’ කෘතිය එළිදැක්වුවා. 

''A Doctor's Heart Suthra'' ඒ ඇගේ තේමාව. 


කෘතියේ නම සමඟම තේමාවක් බද්ධ වී තිබීම වියුණු සාහිත්‍යයේ අනන්‍ය ලක්ෂණයක් ලෙස ඉදිරියට යන්නත් ඉඩ තියෙනවා.

වියුණු සාහිත්‍යය බ්ලොග් ලෝකයේ අලුත් ප්‍රවණතාවක් විදියට හඳුන්වන්න පුළුවන්. ඇත්තටම එය සාධනීය වර්ධනයක්.. මේ කෘති දෙකම අත පත් වුණාම දැණුනෙ වෙනස්ම හැඟීමක්. එය සයිබරීය අවකාශයක පළ වන ලිපියක් කියවීමෙන් ලබන්න බැරි ආනන්දනීය හැඟීමක්.

........

වියුණු සාහිත්‍ය ගමන් මගේදී අප විසින් සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් ගැන ලියා තැබීමයි මගේ මේ ලිපියේ මූලික අරමුණ....

තිලක සිත පොත ගැන මා ලියූ සටහනේ අවධාරණය කළ එක් අදහසක් මේ...

‘‘මේ කතා ගොන්න තවත් ඔපමට්ටම් කළ හැකි යැයි මම සිතමි. බොහෝ විට අප බ්ලොග් සටහන් පළ කරනුයේ ලියූ ‍සැනෙන්, සංස්කරණයකට හෝ නැවත කියවීමකට හෝ බඳුන් නොකරමිනි. බ්ලොග් කලාව තුළ මේ ක්ෂණික බව, ඉසියුම් නොවන බව එතරම් ගැටලුවක් නොවේ. නමුත් එකී ලිපිම මුද්‍රිත මාධ්‍යයට එන විට මීට වඩා සැලකිල්ලෙන් සංස්කරණය විය යුතු යැයි සිතමි. ”

  • බ්ලොග් අඩවියේ පළ වූ ලිපි අතරින් මුද්‍රිත කෘතියට සුදුසු ලිපි තෝරා ගැනීම සැලකිලිමත්ව සිදු කළ යුතු දෙයක්. එසේ තෝරා ගන්නා ලිපි වුණත් නැවත සංස්කරණය වීම වැදගත්. 
  • වියුණු සාහිත්‍යයේ ගුණාත්මක වර්ධනය වෙනුවෙන් බ්ලොග් ලෝකයේ අපට ලබා දිය හැකි දායකත්වයත් සුවිසල් බවයි මම හිතන්නෙ. අපි අතර ඉන්නවා සාහිත්‍ය කලා කටයුතුවල ප්‍රවීණයින්, දක්ෂයින්, නිර්ලෝභීව දායකත්වය දක්වන සොයුරු සොයුරියන්. ඉහත කෘති එළිදැක්වීම්වලදි පවා ඒ බව මනාව පැහැදිලි වුණා.
  • අපි අපිටම පුළුවන් වියුණු පොත්වල කවර හදන්න, පිටු හදන්න, සෝදුපත් කියවන්න, සංස්කරණ කටයුතුවලට දායක වෙන්න. 
  • මෑත කාලයේ මගේ අත්දැකීම් අනුව කෘතියක් සමාජගත කරන්න, අලෙවි කරගන්න යම් ශ්‍රමයක් දරන්න වෙනවා. එය ලේඛකයාට තනිව කළ හැකි කටයුත්තක් නොවෙයි. එය සාමූහික කටයුත්තක් විය යුතුයි. බ්ලොග් ලෝකයේ සහෝදරත්වයට මේ සඳහා දියහැකි දායකත්වයත් අතිවිශාලයි.  
  • පොතක් මිල දී ගන්න, කියවන්න. ඒ පොත ගැන අදහස් පළකරන්න. තම තමන්ගේ සයිබර් අවකාශය තුළ ඒ පොත් වෙනුවෙන් ඉඩක් ලබා දෙන්න අපට හැකියි. 
වියුණු 
සාහිත්‍යයේ ගුණාත්මක ඉදිරි ගමනක් වෙනුවෙන් අපේ දායකත්වය වැදගත් වේවි. තම බ්ලොග් නිර්මාණ මුද්‍රිත කෘති බවට හැරවීමේ සිහිනයෙන් සිටින සැමට සුබපැතුම් එක් කරන ගමන්ම, ‘මුද්‍රිත මාධ්‍යයට එක්වීම සුදුසු බවට හැඟෙන නිර්මාණ සහිත බ්ලොග් ලේඛක ලේඛිකාවන් දිරිමත් කරමු‘ කියන ඉල්ලීමත් ඔබ හමුවේ තබන්න කැමතියි.

( ඔබේ අදහස් සහ යෝජනා එක්කරන්න.)


33 comments:

  1. සහතික ඇත්ත... හොඳ යෝජනාවක්....

    ReplyDelete
  2. "වියුණු" කියන්නෙ "වියපු" වගේ එකක්ද?

    ReplyDelete
    Replies
    1. වියන ලද, වියමන් කරන ලද අර්ථයෙන් වෙන්න ඕන...

      අපි ලියවිල්ලකට වියමන කියලත් කියනවනෙ.

      Delete
  3. බ්ලොග් වලට තවත් නමක් නෑ වගේ බ්ලුක් වලටත් තව නමක් ඕන නෑ කියන එකයි මගේ නම් අදහස. තිලක සිත් පොත ගන්නවත් තවම බැරි උනා. ඒත් ඉතින් තිලක සිත් නම් හැමදාම කියවන නිසා අවුලක් නෑ. ඇත්තටම පොත් වලට වඩා හොඳ නිර්මාණ බ්ලොග් වල තියෙනවා. හැබයි ඉතින් "බ්ලුක්" එලියට දාන්න කලින්, බ්ලොග් ලියලා ඉන්න එපාය... කී දෙනාද අද බ්ලොග් ලියන්නේ.. කී දෙනාද යාවත් කාලීන කරන්නේ..

    ReplyDelete
    Replies
    1. +++++++++++++++++++++++++++++++++++++++

      Delete
    2. කට වහරට බ්ලූක් හොඳයි..

      බ්ලූක් කියන වචනෙ සිංහල භාෂාවට එද්දි මෙවැනි අර්ථයක් එන්නෙ කියන එකයි මගේ අදහස...

      Delete
  4. බ්ලුක් කිව්වම මදෑ..

    ReplyDelete
    Replies
    1. තිලකසිතටත් කලින් ආපු ඒවා තියෙනවා නේ අනේ.. මට නං කල්පනා උනා.. ඇයි හකාවතී..

      Delete
    2. හකාවතී පොත නම් මම ගත්තා විභාගෙන් පස්සෙ කියවන්න ඉවසුමක් නැතිව ඉන්නෙ

      Delete
    3. අඩෝ....දේශ.......සිංහල බොලොක් වල "පට්ට" කතා ලියන්නෙ තෝයි ...ඉවානය යි.....අර තව කුඩලු විදානෙයි......ආ......තව ඉතාලි දිනේෂා ....වගේ.....සෙට් එකක්....
      කතාවක් දාපිය.....තිබහයි .....යකූ......

      Delete
    4. ඒ කිව්වමයි මටත් මතක් වුණේ ඇත්තටම හකාවතී කෙටි කතා පොතත් බ්ලූක් එකක් තමයි... බ්ලොග් අඩවියේ පළවූ කෙටිකතා නෙ පොතට අරන් තියෙන්නෙත්.

      Delete
  5. වටින ලිපියක් අක්කේ.... තිලක සිත ගත්තා ඒත් කියවන්න බැරි වුනා තවම. බෝධිනී අක්කගෙ පොතත් ගන්න ඕනෙ.

    ReplyDelete
    Replies
    1. පොත් කියවල ඔයාගෙ අදහස කියන්න.. ලිියන්න... එයාලට දිරියක් වේවි..

      Delete
  6. පොත් දෙකම තවම ලැබුනේ නැ. මං හුගක් ඇත නිසා..... නම ගැටළුවක් නැ..... හොද දෙයක් ගැලපෙන ආකාරයෙන් ඉදිරිපත් කිරීම වටිනවා.

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. ඔබේ අදහසට එකඟයි.

      Delete
  7. සිංහලෙන් බ්ලොග් සටහන් ඇරඹි මුල් අවදිය ලාබාල බොළඳ සටහන් වෙලා තිබුණත් ඉතාම වේගවත් ලෙස ගුණාත්මක ලෙස දියුණු වී තිබෙන බව දැනි පෙනී යන තත්වයයි. භාෂාව හැසිරවීමේදී තාක්ෂණික දෝෂ ඇතිවුනත අන්තර්ගතය පරෙස්සමින් තෝරා බේරාගැනීමට බ්ලොග් කරුවන් සමත්ව සිටින බව පෙනී යනවා. ඔබ පවසන ලෙස ඊට වියුණු සාහිත්‍යය කීවත් මාතලන් පවසන ලෙස බ්ලොග් යන වදනම යොදාගත්තත් පෙනීයන දියුණුව ඉතාම වටිනවා නේද හිතවත

    ReplyDelete
    Replies
    1. නම ගැන ගැටලුවක් නැහැ. එය අදහසක් පමණයි.

      Delete
  8. හුඟක් වටින වැඩක් වගේම මේ දැනුවත් කිරීම අගය කරනවා අක්කා.

    ReplyDelete
    Replies
    1. අදහස් දැක්වීමක්.... ස්තුතියි නංගි.

      Delete
  9. සල්ලි තියනවනම් කාටත් පුළුවන් මේ විදිහට තමන්ගේ බ්ලොග් එකෙන් පොතක් ගහන්න.

    ReplyDelete
    Replies
    1. ආර්ථිකය නම් අපි කාටත් ප්‍රශ්නයක් තමයි.

      මුදල් බලාගෙන පොත් කරන්න බැරි තත්වයක් තියෙන්නෙ.. පොතක් කරන්න ඕන ආත්ම තෘප්තිය වෙනුවෙන්.... හොඳ පොතක් නම් ප්‍රකාශකයෙක් සොයා ගන්න හැකි වේවි. නමුත් සාධාරණ මුදලක් ලැබේවි කියල නම් හිතන්න අමාරුයි.

      Delete
  10. අන්න හොඳ අදහසක්! මොනවා උනත් වටින කියන වැඩක්

    ReplyDelete
    Replies
    1. සංවාදයක් ඇති විය යුතු නිසයි මගේ අදහස ලියා තැබුවෙ.. බ්ලොග් එකට සීමා නොවී පොතකට එන එක ගැන නම් මට සතුටුයි.

      Delete
  11. අදයි දැනගත්තේ මෙහෙම දෙයක් ගැන. හරිම අපූරුයි.

    ReplyDelete
    Replies
    1. සයුරිගෙත් ලස්සන ලිපි එකතුවක් තියෙනවා පොතකට ගැළපෙන. ඒ ගැන හිතල බලන්න.

      Delete
  12. හොඳ ලිපියක් තරූ.

    'තිලක සිත' පොත හම්බ වුනා. දැනට කියවගෙන යනවා. අනිත්කොණ පොතත්, රන්දිකාගේ පොතත් මග එනවලු.

    වියුණු කීවාම ඒකේ තේරුම විදියට අදහස් කලේ මොකක්ද?

    ReplyDelete
    Replies
    1. පොත් කියවල ඔයාගෙ අදහස ලියන්න. ඒක ලේඛක ලේඛිකාවන්ට ධෛර්යයක් වේවි...

      වියුණු කියන වචනය හැදෙන්නෙ වියන ලද, වියමන් කරන ලද අර්ථයෙන් මම හිතන්නෙ. බ්ලොග් ලිපි වලට වියුණු සටහන් කියන වචනය පාවිච්චි වෙනවා... මමත් ඒ බව දැක්කෙ සයිබරයෙන්ම තමයි...........

      Delete
  13. ම් බ්ලොග් ලිපි ටික පොතක් කරන්ඩ............. නරක නැ වැඩේ , ...හැබැයි ඉතින් තව සෑහෙන්ඩ ලියන්ඩ වෙනව , ..අනික ඉතින් සල්ලි ත් එපැය ..................දැනට තියන සිංහල Blook ඔක්කොම කතුවරයා විසින් පලකල පොත්ද , තිලක සිතනං එහෙමයි

    ReplyDelete
    Replies
    1. තිලක සිත කර්තෘ ප්‍රකාශනයක්
      අනිත් කොන තැචර් ප්‍රකාශන
      හකාවතී සම ප්‍රකාශන

      Delete
  14. තිලක සිත එදා ගත්තනේ.තවමත් කියවන්න තරම් නිදහසක් ලැබුනේ නැහැ.අනෙක් පොතත් හොයා ගන්න උත්සහා කරන්න ඕනේ.පොතක් මුද්‍රණය කරන්න තරම් පොහොසත් බ්ලොග් ලියන්නියෙක් තමයි තරු අක්කාත්.
    තරු අක්කා අනෙක් අයට මේ සාහිත්‍ය කලා කටයුතුවලට දෙන නිර්ලෝභීව දායකත්වය අනෙක් හිතවතුන් තරු අක්කාට නොදී ඉන්නේත් නැති වේවි තරු අක්කා පොතක් කරන දාට...:)

    ReplyDelete
  15. ඒ සහයෝගයේ නම් අඩුවක් නෑ මල්ලි ඇත්තටම... පමාවෙන්නෙ මමයි....

    ReplyDelete
  16. බ්ලොග් සගයින්ගේ පොත් සහ අනිකුත් අළුත් පොත් හඳුන්වා දෙන්නට ඔබ දරන වෙහෙස ඉතා අගෙයි තරූ . 'තරු රසි' කියලා කවරේ නම තියෙන පොතක් එනකං අපි හැමෝම බලාගෙන ඉන්නවා

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...