පිටු

Monday, June 22, 2015

අපූර් පංචාලි - අපූ ගේ ජීවන ගීතය


සත්‍යජිත් රායි ගේ පාතර් පංචාලි හි ‘අපූ‘ ඒ අපූරු සීදේවි කොලු පැංචා සිනමා ලෝලී කිසිවෙකුගේ මතකයෙන් බැහැර නොවනු ඇත. ඒ පුංචි අපූ ලෙස රංගනයේ යෙදුණු සුබීර් බැනර්ජි ගේ සත්‍ය ජීවන කතාව අපූර් පංචාලි චිත්‍රපටය තුළ දිග හැරෙනවා.



සුබීර්ගේ ඇත්ත ජීවිතය සිනමාව තුළ දිගහැරුණු අපූගේ ජීවිතයට කොයි තරම් සමානද කියනවනම් ඒ අහම්බය විස්මිත තිගැස්මකින් හිත අවුළුවන සුළුයි.

අපූර් පංචාලි හි වත්මන් කතාව සිනමා පාසලක ශිෂ්‍යෙයක් වියපත්ව හුදකලා දිවියක් ගත කරන සුබීර් මුණගැසීමට යාමෙන් ආරම්භ වෙනවා. ඉක්බිති එය අපූ සිනමා ත්‍රිත්වයත්, සුබීර්ගේ අතීතයත්, වර්තමාන ජීවිතයත් අතර දෝලනය වෙමින් ගලා යනවා හරි අපූරුවට.


ඉතාම සුන්දර, සංවේදී, බොහෝ අවස්ථාවල ඇස කඳුළු නැගෙන, ජීවිතයේ අසිරිමත් අහම්බයන් ගැන විස්මයක් දැනෙන, මිනිස්කමට ආදරය කරන්න පෙළඹවීමක් ඇති කරන සිනමා සිත්තමක්.. 



Directed byKaushik Ganguly
Produced byShree Venkatesh Films
StarringParambrata Chatterjee,Parno Mitra
Music byIndradeep Dasgupta
CinematographyShirsha Ray
Edited byBodhaditya Banerjee
Release dates
  • 25 November 2013(IFFI)[1]
  • 25 April 2014 (India)
CountryIndia
LanguageBengali

21 comments:

  1. Replies
    1. ඔන්න අද ගෙනත් දුන්නා..

      Delete
    2. ස්තූතියි. ලඟදිම රිටර්න් කරන්න බැරි වෙයිද මංදා දැකපු දැකපු හැමෝම ඉල්ලනවා බලන්න.. :)

      Delete
    3. මුලින්ම ඔයා බලල ඉන්න. බලන්න දීලා මතක ඇතිව ඉල්ලගන්න.. මගේ පොත් වගේම තමයි. චිත්‍රපටිත් ගොඩක් අය අතරට යනවා...

      Delete
  2. සිංහල චිත්‍රපටවල හිටපු ලමයි දැන් කවුද කොහෙද කියල රිසර්ච් එකක් කවුරුවත් කරනල නෑ නේද?

    ReplyDelete
    Replies
    1. චිත්‍රපටිනම් මං දන්නේ නෑ. 'සතෙන් සතේ' කියල ඇඩ්වටීස්මන්ට් එහෙක හිටපු ගෑල්ලමයෙක් ගැනනම් මං සෑහෙන්න උනන්දුවෙන් රිසර්ච් එකක් කරා ඒ කාලේ.. වැඩේ සාර්ථක උනේ නෑ ඒ ගෑල්ලමයගේ වෙලාවට. හැක්.

      Delete
    2. උඹෙ වෙලාවට ඒ රිසර්ච් එක හරිගියෙ නැත්තෙ. නැත්තං උඹ මැරුං කනව. ඒ සතෙන් සතේ ලමයා බැන්දෙ මිනීමරුවෙක් ( සත්පතිනි )

      Delete
    3. මම එක්කෙනෙක් ගැන නම් දන්නවා අර ධර්මසිරි බණ්ඩාරනායකගෙ තුන්වන යාමය ෆිල්ම් එකේ ළමා චරිතය රංග බණ්ඩාරනායකනෙ... ඔන්න එයා නම් ඉන්නවා..

      මඩොල් දුවෙ ජින්නා උපාලි වගේ අය කොහෙද දන්නෙ නැහැ.

      Delete
    4. පරණ චිත්‍රපටි හරිහැටෙි සංරක්ෂණය කරන්නවත් වැඩපිළිවෙලක් නැහැනෙ ලංකාවෙ. ඒ කාලෙ ළමා චරිත ගැන හොයල බලල නැහැ මං දන්න තරමින් කවුරුවත්ම.

      Delete
    5. //ඒ සතෙන් සතේ ලමයා බැන්දෙ මිනීමරුවෙක් ( සත්පතිනි )// ඒ වුනාට මං දැන් ඒ ගෑනු දරුවට වඩා ඒ මිනීමරුවට කැමති.. හැක් හැක්.. මේක දැකල අහන්න එපා උඹ සබ්ජෙක්ට් කාරයෙක්ද කියල.. මං කියුවේ උගේ රඟපෑම් වලට. පට්ට නළුවා.

      Delete
    6. / මං කියුවේ උගේ රඟපෑම් වලට. පට්ට නළුවා. /

      මොනව කියනවද මලේ..මමත් කැමතිම නළුවෙක්...අවුරුදු හත අටකට වගෙ උඩදි ගියා ටෙලිෆිල්ම් එකක්.." ජීවිතයට ඉඩ දෙන්න." .... මිනිහ රඟපෑවෙ ඇක්සිඩන්ට් එහෙකින් අතීතය අමතකවෙන ආකිටෙක්ට් කෙනෙක්ගෙ චරිතයක්..ෂෙහ්, කියල වැඩක් නෑ...චාන්දනි සෙනෙවිරත්න, මීනා කුමාරි සහ අයිරාංගනී සේරසිංහ එහෙමත් හිටිය ඒකෙ.

      Delete
    7. යෙප්. මං බලල තියෙනවා.. චාන්දනීගේ මල් වගාවේ නිහඬ සහයකයා.. නිකිණි වැස්ස ෆිල්ම් එකෙත් ඔය දෙන්නගෙ ඔය වගේම ප්‍රේම සීන් එකක් තියෙනවා ඒකෙත් මූ ආකියෙක්.

      Delete
    8. ‘‘ජීවිතයට ඉඩ දෙන්න‘‘ ලස්සන කතාවක්. මට ඔය කතාව මතක හිටියෙ හැබැයි වෙන හේතුවක් නිසා...

      නිකිණි වැස්ස ගැනත් මම මොනවදෝ ලියල තියෙනවා මේ ලින්ක් එකෙන් ගිහින් බලන්නකො.. ඒකෙ බිමල්ගෙ ඉරණම නම් හරිම දුකයි

      http://tharurasi.blogspot.com/2013/07/blog-post_10.html

      Delete
  3. අපූගෙ ජීවන අන්දරය මගෙහිත තදින්ම ඇද බැඳගත් කතාවක්. බන්දෝපාධ්‍යායගෙ නවකථා ද්විත්වය වගේම රායිගෙ සිනමා ත්‍රිත්වය....ඒත් මේ අපූ පංචාලි ගැන මම හාංකවිසියක් දැනගෙන හිටියෙ නෑ කිව්වම...හෙහ්,හෙහ්..ස්තූතියි තරූ......:)

    ReplyDelete
    Replies
    1. බලන්න... ලස්සන චිත්‍රපටියක්.. විකිපීඩියාවෙන් වැඩි විස්තර දැනගන්න හැකි වේවි..

      Delete
  4. පරණ සිංහල චිත්‍රපටි හොයා ගන්න පුළුවන් තැනක් තරු අක්කා දන්නේ නැතිද ?

    ReplyDelete
    Replies
    1. එහෙම තැනක් ගැන නම් දන්නෙ නෑ මල්ලි. ඕනම නම් වෙලාවක කොටුවෙ රවුමක් ගහල බලමු.

      Delete
    2. කොටුවේ රවුම් ගහන්නේ කොහොමද? ජ්‍යාමිතිකව අමාරු වැඩක්. එහෙම නෙවෙයි අපි කොටුවේ 'රස්තියාදුවක්' ගහමු. මටත් කියන්න මාත් එන්නම්.

      Delete
    3. හරි. අපි කොටුවෙ රස්තියාදුවක් ගහමු.. මනෝජ් මල්ලිටත් හැකි දවසක් කතා කරගන්න. අපි නම් ඉන්නෙ අල්ලපු වැටේනේ...

      Delete
    4. එහෙනම් අපි කොටුවේ රස්තියාදුවක් ගහමුකෝ.අයියලා,අක්කලා කතා කර ගත්තු දවසක් අපිටත් කියන්නකෝ.සෙනසුරාදාවක් නම් ගොඩක් හොඳයි.

      Delete
  5. CD, DVD හොයා ගන්න නොතිබිච්ච 1990 අවුරුද්දේ අපි නුවර ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලෙට ගිහින් අපූ සන්සාර් UHF පටිය ණයට ඉල්ලාගත්තා මතකයි. , ඊට පස්සේ TV එකක් හා ප්‍රොජෙක්ටර් එකක් හොයාගෙන කුඩා ශාලාවක සෑහෙන පිරිසක් එක්ක බැලුවේ .අපුව ඉස්සෙල්ලාම දැක්කේ එදා. මුලින්ම පාතර් පංචාලි බලනකොට හිතේ ඇති වුන චමත්කාරජනක කම්පනය තාම දැනෙනවා. මේ ච්ත්‍රපටිය ගැන ආරංචිය කිව්වටත් අතීත මතක අවිස්සුවාටත් ස්තුතියි තරූ

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...