පිටු

Wednesday, February 3, 2016

මුතු කුමාරි නොවේ මා...



බෙලි කටුවට ම
ගුලි වෙමි...
බෙලි කටුවට ම
දිය වෙමි...
මුතු උපදනා සිහිනය
සිඳු ගැඹරට ම
බිලි දෙමි...



2016.02.03

35 comments:

  1. අමුතු නමුත් අපුරු සිතුවිල්ලක් :)

    ReplyDelete
  2. ඔව්.. සමහර විට හිතෙනවා වැඩක් නෑ කියල අනුන් වෙනුවෙන් තැලිලා පොඩිවෙලා මැරෙන එක...

    ReplyDelete
    Replies
    1. කළණෙ දන්නවනෙ මට එහෙම හිතෙන්නෙ නැති වග...

      Delete
  3. ලස්සනයි තරූ..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි... ‘සිංහ‘ කියන නමටත් බයක් දැනෙනවා. සිංහ ලේ කට්ටියගෙ කෙනෙක් නෙවෙයි වෙන්න ඇති නේද?

      Delete
    2. හප්පේ ජාතිවාදීයෙක් නෙමේ...

      Delete
  4. මම හිතාගත්ත විදිහ හරිද මන්ද මේකේ ප්ලොට් එක ගැන.. කෙසේ නමුත් ලස්සනයි...

    ReplyDelete
    Replies
    1. මම ත් හිතපු දේම මතු වෙලා නැද්ද කියල මටත් දැන් දැන් හිතෙනවා...

      Delete
  5. හීනි කවියක් වුනත් ප්‍රබලයි. අපූරුයි

    ReplyDelete
  6. "සිඳු" කියන්නෙ මොකක්ද? මුහුදද ? ඒක දන්නෙ නැති නිසා අදහස පැහැදිලි මදි වගේ.

    ReplyDelete
    Replies
    1. සිඳු.. කියන්නෙ මුහුදට..

      Delete
    2. ස්තුතියි :)

      Delete
  7. මුතු නොතනනා මෙනෙවිය
    වෙතටම තදින් බැඳෙනෙමි
    සිඳු පිට සරැළි නගමින්
    බෙල්ලෙකු නොවී මියැදෙමි..

    ReplyDelete
  8. නුඹ නිසාවෙන්ම තැනු
    මුතු පබළුවෙන්
    නුඹේ ගෙල හැඩවනායුර දැක
    තුටු පහටු වෙමි
    අවසාන සිනාවෙන්ම නික්ම යමි

    ලස්සනයි තරු අක්කා

    ReplyDelete
    Replies
    1. ලස්සනයි ඔයාගෙ කවියත් මල්ලි.

      Delete
  9. ලස්සනයි තරු..............

    ReplyDelete
  10. මුතු කුමාරී නොවේ මා, මුතු නොවේ හෙලුවෙ කඳුලුයි, ඕනෑනම් කඳුලු නුඹට තවත් හඬන්නම්.

    ලස්සනයි තරු අක්කෙ.

    ReplyDelete
    Replies
    1. මුතු කුමාරි නොවේ මා
      මුතු නොවෙයි හැඬුවෙ කඳුළුයි
      මුතු මාල තනා පළඳින්නට
      ඕනෑ නම් කඳුළු ඔබට
      තවත් හඬන්නම්...

      මමත් කැමති සින්දුවක් සමිතගෙ.. ඒ සින්දුවෙන් තමයි කවියට මාතෘකාව ආවෙ...

      Delete
  11. බෙලි කටුවට ම
    ගුලි වෙමි...
    බෙලි කටුවට ම
    දිය වෙමි...
    මුතු පබළුවක් ලෙස
    යළිත් මම
    උපදිමි..

    ReplyDelete
    Replies
    1. මුතු පබළුවක් ලෙස
      යළිත් මම
      උපදිමි..

      විය යුත්තේ නම් එය තමයි..

      Delete
  12. වැලිකැටය කඳුල මුතු වෙනව..
    වැලිකැටය කඳුල ඒ විදියටම තියාගන්න පුළුවන් නං..
    මුතුත් ඕන නෑ කුමාරියොත් ඕන නෑ....
    පොළොවෙ පය ගහපු සහෝදරියොයි ඕන

    ReplyDelete
  13. සිඳු පතුල
    සරන්නෙමි
    කිමිද නුඹ
    සොයන්නෙමි
    මුතු නොපැතු හද විලම
    නුඹ නමින් පුදන්නෙමි

    ReplyDelete
  14. හොරෙන් ම රිංගලා, කටුව අස්සෙන්
    වැලි කැටයක්

    කැවුම් දෙයි,
    රිදෙයි, දැවෙයි, කකියයි, වෙහෙසයි
    වැඩෙයි, හැඩවෙයි ආගන්තුකයා

    මුතු බෙල්ලෙක් ව දිවි දෙමි,
    මුතු ඇටයක් වෙනුවෙන් ම.

    ReplyDelete
  15. කටුව අතරින් රිංගලා
    හොරෙන් ම
    වැලි කැටයක්

    කැවෙයි, දැවෙයි, පුපුරු එයි,
    රිදුම් දෙයි, කකියයි, තැවුල් දෙයි

    හැඩ වෙයි, ඔප වෙයි, බබළයි
    වැඩෙයි ආගන්තුකයකු

    මුතු ඇටයක්ව ඉපදෙන්න
    බෙල්ලෙක්ව මියයමි.

    ReplyDelete
    Replies
    1. මුතු උපදනා අන්දම... පැතුමකට ගොනු කළ අයුරු ලස්සනයි..

      Delete
  16. පුංචි මුතු ඇටය
    සිඳු ගැඹරටම
    ගුලි වෙන්න තනන
    හැකිවේද සැගවෙන්න
    මුතු හොයන රකුසු දෑස් වලින් දුරුව.

    ReplyDelete
  17. බෙලි කටුව තුල හුදකලාවම දිය වීම දුකකි. මුතු ඉපැදැවීම වේදනාබර කාර්යයක් වුවත් අවසානයේ වටිනා මුතු ඇටයක් බිහි වෙයි. කුටුම්භගත ස්ත්‍රියකගේ මව්වත් සිහිනය ඉටු නොවීමේ වේදනාවයි මට මේ නිර්මාණයෙන් දැනෙන්නේ. අපූරුයි.

    ReplyDelete
  18. අර්ථවත්
    ජයවේවා!

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...