පිටු

Wednesday, March 23, 2016

Gloomy Sunday – A Song of Love and Death






යුද්ධය, මිත්‍රත්වය, ජීවිතය, ප්‍රේමය මේ සියල්ල සමඟ විටක මනුෂ්‍යත්වය ඉක්මවා යන විටක මනුෂ්‍යත්වය පාගා දැමෙන ත්‍රිකෝණික ප්‍රේම කතාවකි. Nick Barkow විසින් රචිත නවකතාවක් පසුබිම් කොටගෙන සප්ත ස්වර විස්මය සමඟ සිනමාත්මක සෞන්දර්යය අපූර්වාකාරයෙන් මුසු කොට නිමැවූ සිනමා සිත්තමකි. ප්‍රේමය විසින් ජනිත කරනු ලබන මනුෂ්‍ය පැවැත්මේ චමත්කාරයත්, අනුවේදනීය බවත් එහි මනාව ගෙත්තම් ව ඇත. 

දෙවන ලෝක යුද සමයේ හංගේරියාවේ ඉතා කුඩා අවන්හලකින් ඇරඹෙන තුන් කොන් ප්‍රේම කතාවකි. ඒ අවන්හල් හිමි යුදෙව් ජාතිකයා එහි සේවය කරන රූමත් සේවිකාව සහ පියානෝ වාදකයා අතර ය.

එකී ප්‍රේමය සහ විරහවේ සාංකාව අතරින් උපදින අතිශය සංවේදී සංගීත ඛණ්ඩයකි. Gloomy Sunday ලෙසින් නම් ලබනුයේ එකී මියැසි සංකලනයේ වේදනාත්මක අසිරියයි. එය බොහෝ සාංකාබර හදවත් තුළට ජීවිතයෙන් සමුගෙන යන්නට චිත්ත ධෛර්යය වැඩ වූ සංගීත නාදයක් බවට පත් වෙයි. එහි නිර්මාතෘ වූ තරුණ අන්ද්රේස් ද අවසන තෝරා ගන්නේ සිය දිවි නසා ගැනීම ය. 

යුද්ධයේ දී මෙන්ම ප්‍රේමයේ දී ද සිදු වන කිසිවක් අසාධාරණ නැතැයි කියමනක් ඇත. නමුත් සැම විටම එය එලෙසින්ම පිළිගත යුතු ද? 

ජර්මන් ආඥාදායකත්වය තුළ මනුෂ්‍යත්වය වැළලී යන ආකාරය සිනමා කෘතිය තුළ නිරූපණය වන්නේ ඉතා අනුවේදනීය අයුරිනි. කිසිදු යුද්ධයකදී මනුෂ්‍යත්වය කිරුළු දරන්නේ නැති බවට විවාදයක් නැත.
මතකයෙන් බැහැර නොවන සොඳුරු අනුවේදනීය චිත්‍රපටයකි. 






6 comments:

  1. ටොරන්ට් තියේද බලන්න ඕන.. ඔව්.. මේ වගේ එකක් මිස් කොරගන්න හොද නෑ.. ඉද හිටල වත් මේවගේ පිච්චර් එකක් බැලුවාම මාර ගතියක් එනව

    ReplyDelete
  2. කියෙව්වා ම බලන්නමයි හිත....

    ReplyDelete
  3. යුද්ධයේ දී මෙන්ම ප්‍රේමයේ දී ද සිදු වන කිසිවක් අසාධාරණ නැතැයි කියමනක් ඇත.

    ReplyDelete
  4. තරූ අක්ක පොත් ගැන දාද්දී පොත් හොයාගන්න පුළුවන් පරිසරයක නෙමෙයි ඉන්නේ. ෆිල්ම් ගැන දාද්දී ඒකත් එහෙමයි. බෑනේ කරන්න ඉතින්. සටහන එක්ක මේක බලන්න ආස හිතුනා.

    ReplyDelete
  5. ස්තුතියි ටිප් එකට.. මේක බලන්නම ඕන..

    ReplyDelete
  6. ලස්සනයි වගේ.ලැබුනොත් බලන්නම්.

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...