පිටු

Friday, April 1, 2016

ඉස්සර ඉර.....



මං තාම ආදරේ
ඒ ඉස්සර ඉර ට
මුදු රැස් ඇඟිලි තුඩගින්
සෙමෙන් හිස පිරිමැද්ද..
උණුහුම් හාදුවකින්
කොපුල් තල කිති කැව්ව
ඒ ඉස්සර ඉර
ඉස්සර ම ඉස්සර...

වැව් දිය රැළි මත
පළිඟු සිත්තම් මැව්ව
මුදු මල් පියලි මත
පිනි කඳුලැල් මැකුව
ඒ ඉස්සර ඉර
කොච්චර සුන්දර ද...

හෙමි හෙමින් අඩි තියා
නොසිතු නොපැතූ සැණෙන
සුන්දරම කවිකම්
අරන් ඇවිදින් ළඟට
අරපරිස්සම් මයෙ
හීන මල් පොට්ටු  මත
රොන් සුණු ඉහිරෙව්ව
ඒ ඉස්සර ඉර
කොච්චර ළෙංගතු ද...

ඉර සැර වැඩි කියා
යන්නෙ කෝමද දුක ලියා
ඉස්සර ම මතක
හදවත තියා
ඉන්නෙ ඒකයි
මං හැර නොයා....

2016.03.30

35 comments:

  1. //අරපරිස්සම් මයෙ
    හීන මල් පොට්ටු මත
    රොන් සුණු විසිරෙව්ව
    ඒ ඉස්සර ඉර// ++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
  2. අහිංසක පැතුම් කවදා හරි හැබෑ වෙනවා තරූ......... එතකල් ඉන්න... ජයවේවා..

    ReplyDelete
    Replies
    1. ‘‘ආදරයේ පළමු පාඩම බලා හිඳීමයි..‘‘ මං නෙවෙයි පාවුලෝ කියන්නෙ එහෙම සන්තියාගෝ පොතේ..

      Delete
  3. ඔව්.. සමහර මතක මග හැරලා යන්න හරි අමාරුයි තමයි... :)

    ReplyDelete
  4. සුන්දර මතකයන්
    ගෙන දේවි
    ජීවිතයට ජීවය,,

    ReplyDelete
  5. ඉර වුණත් එකම විදියට තියෙන්නෙ නෑනෙ

    ReplyDelete
    Replies
    1. ඒකනෙ.. මේ දවස්වල ඉර බලන්න එපැයි... හරිම සැරයි...

      Delete
  6. ඕම කීවට දවස් දෙකක් තුනක් පෑව්වොත් ඉර අහන කතා අම්මෝ:D.........
    ලස්සනයි කවිය

    ReplyDelete
    Replies
    1. ඇතුවත් බැරි නැතුවත් බැරි ඉර...

      Delete
  7. ආයෙත් ඉස්සර ඉර පායාවි...
    අදයිනේ මන් මේ පැත්තේ ආවේ...ලස්සනයි පදවැල්..

    ReplyDelete
    Replies
    1. ඉර ඉර මයි... අපි ඉතින් බඹර චක්කරේ වගේ කැරකෙන හින්දනෙ මේ ඔක්කොම අලකලංචි...

      Delete
  8. කාලයට ඉඩ දෙන්න එයා විසදාවි.

    ReplyDelete
  9. මේ ඉර සැර වුනේ
    දඩබ්බරකමකට නොවේ
    එළිය කරන්නයි තවත් ලොව ඔබේ
    ටිකක් ඉර සැර වුනේ

    ReplyDelete
    Replies
    1. ඉර සැර වෙන්න මිනිස් ක්‍රියාකාරකම් බලපානවා... සැර අඩු කරගන්නත් අපිටම තමයි පුලුවන්...

      Delete
  10. අමතක කරන්න බැරි මතක.. :)

    ReplyDelete
  11. දැන් ඉර හරි සැරයි තමා. මාත් ආදරේ ඉස්සර ඉරට :)

    ReplyDelete
    Replies
    1. හංසිටත් ඉස්සර ඉරක් තියෙනව වගේ...

      Delete
  12. මේ ඉර සැර වුනේ
    දඩබ්බරකමකට නොවේ
    එළිය කරන්නයි තවත් ලොව ඔබේ
    ටිකක් ඉර සැර වුනේ

    ReplyDelete
  13. කවියෙ නමට ඉස්සර ඉර කියා යෙදුව නම් හොඳයි කියල හිතෙනව.. ඊළඟ කවි පොතට වුණත් ඒක ගැළපෙන නමක් නොවෙයි ද?

    ReplyDelete
    Replies
    1. හොඳ අදහසක්... කවියෙ නම වෙනස් කරන්නම්... පොතක් ගැන නම් තාම අදහසක් නැහැ..

      Delete
  14. රැයක් දවාලක් නැහැ
    හැමදා ම මහ මග ම

    කැරකිලා මං වටේ
    දොස් පරොස් ඇයි ඔබෙන්?
    කැරකෙන්නේ මං නොවෙයි

    කොපුල්තල පිරිමදිමි,
    උදෑසන හැමදා ම.


    දවල් වැඩ යමරෙට

    මල් පියලි මත හිම ව,
    පිනි කඳුලු අතුරන්න
    බිම අතුල දිය බිංදු
    අහස් කුස රන්දන්න,
    මිහිකතේ ගී බුබුල
    වැස්සක්ව වස්සන්න,
    වැව් දියේ රළ නගන
    මුදු සුළඟ උපදන්න,


    වැඩ වැඩ හොඳටෝ ම වැඩ

    විලි වහන කම්බිලිය,
    කොළපාට කම්බිලිය

    ආ! සැඳෑ පොරෝණය,
    වියන්නෙත් මම ම නේ

    ඉර සැර වැඩි ඇයිදෝ
    නොදන්නා හැඩයි ඔබ?

    මං නිවාඩු හෙට සිට

    http://muthupahan.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ආදරේ හරි කරදර
      ඉරටත් හරිම හිරිහැර
      සැර වුණත් කොච්චර
      ඔබ ඉර ය මට සුන්දර...

      Delete
  15. වෙයි කියා
    බයයි උඹ
    හඳ...

    ReplyDelete
    Replies
    1. හඳක් වුණොත් හොඳයි... ඒත් ඉරට මුවාවෙන්නෙ..

      Delete
  16. සැර ඉරටමද මේක ලිව්වේ.

    ReplyDelete
    Replies
    1. සැර ඉර ට... ඉස්සර ඉර ගැන මතක් කරල දුන්නා.

      Delete
  17. ලස්සන වචන ටිකක්.. හරි අපූරුවට අමුණලා.
    මං ආසත් ඉස්සර ඉරට....
    අදයි ගොඩ වුණේ... රහයි තරූ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.. සාදරයෙන් පිළිගන්නවා.

      Delete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...