පිටු

Sunday, April 2, 2017

උන්මාද පෙම්වන්ති මා...!!!


‘‘ඔබ දිවි ගෙවූයේ ලොව ම වෙනුවෙනි
මා දිවි ගෙවූයේ ඔබ ම වෙනුවෙනි,



මා සුරත ඔබ දෑතින් ගිලිහුණ
ඒ අවසන් තත්පරය...
හද ගැඹර විවරව ඔබ දෑසින් ගලා ආ ප්‍රේමය
මා දෑස විනිවිද හද පත්ළ කැළඹූ
ඒ අවසන් නිමේෂය...
කෙලෙස නම් අමතක කරන්නද?

සිඳු සදිසි
අප්‍රමාණ ප්‍රේමයක් අබියස
මගේ කුරා කුහුඹු පෙම
කෙසේ නම් ප්‍රාතිහාර්ය පාන්නද?

ඉදින්,
ඔබ රකින්නට මට බැරි විය.
නමුදු,
ඒ ඔබේ උත්තරීතර දිවි ගමන
මට උරුම කර දුන් පන්නරය
සදා රැකගන්නට මට හැකිය...
ඒ වෙනුවෙන් දිවි ගෙවන්නට මට හැකිය...‘‘


පෙම්වත,
ඉදින් මා උන්මාදනීය පෙම්වන්තියකැයි
ඔබ කී වදන් සනාථ නොවන්නෙද?






‘‘අයියේ, තීර්ථයෙන් අලුත් සින්දු ටිකක් කරන්න හදනවා. ඔයාගෙනුත් සින්දුවක් ඉල්ලනවා, ලියන්නකො මීනට හරි දුමාල්ට හරි සින්දුවක්...‘‘ මම කීප වතාවක් මංජුල අයියාට ඇවටිලි කළෙමි.

ඔහු උන්නේ බොංචි ගෙදරට සිර වී ගෙන, අන්දරාලා ජිජැක්ලා සමඟ අතීතයේ කරක් ගසමිනි.


‘‘මොන සින්දුද බොල, මං මේ හිරවෙලා ඉන්නෙ...‘‘ එසේ කීයේ වරක් දෙවරක් නම් නොවේ. ඒ අතර හිටිවනම දිනක,

‘‘අඩේ මෙන්න අද සින්දුවක් ලියවුණා. මේක අර මීනා කෙල්ලට නම් මරුවට තියෙයි. මේ වචන ලියවෙද්දි මට මැවුණෙම මීනාගෙ හඬ...‘‘ කෙටි පණිවිඩයක් ලැබිණි.

පසුගිය වප් මහේ 04 වැනි දා ඒ ගීතය මේලයක ඇමිණී අප වෙත ආයේය.

‘‘කල්වාරිමය මොහොතක - මීනා ප්‍රසාදිනීට‘‘ යනුවෙන් මේලය නම් වී තිබිණි.


කල්වාරි සංසාර ගිරි දුර්ගයේ
සංතාප ගී ගයන
උන්මාද පෙම්වන්ති මා.....
උන්මාද ආදරේ
සංතාන අඩවියේ හංගා නොහංගා
සංතාප ගී ගයන
උන්මාද පෙම්වන්ති මා

අළු අඳුරු අහසකට පුළුවන්ද
මුදු ප්‍රේමයක ඔබව සතපන්න
පය ලකුණු කන්දරාවක මතක බිඳ දමා
මට හැකිය ඔය දෙපය සිපගන්න...

එක නිහඬ මොහොතකට පුළුවන්ද
ඔය කුරුසියෙන් ඔබව මුදවන්න
මට හැකිය සංසාරයක් බරට තටු මවා
ඔබ රැඟෙන ඈතකට ඉගිලෙන්න...

මංජුල වෙඩිවර්ධන
2016 ඔක්තෝබර් 04

ඉදින් එකී ගී පද මෙසේ ගීතයක්ව නිමැවිණි. ඒ තීර්ථයේ සහෘදයන්ගේ ඉමහත් පරිශ්‍රමයෙනි. 



මංජුල වෙඩිවර්ධනයන්ගේ ගේය පද කාව්‍යය හමු වූ තැන් සිට ගීතයක් වන තුරුම, එය දැකුම්කළු සංගීතමය දෘශ්‍ය සිත්තමක් වනතුරුම අතිමහත් ශ්‍රමයක් දැරුවේ දිමුතු ය. දිමුතු ප්‍රදීප් පෙරේරා ය. ගීතය වෙනුවෙන් නැහුණේ ඔහු ය.

තීර්ථය ත්‍රිමූර්තියේ නලින් මංචනායක සේම ප්‍රියංක සමරකෝන් සොයුරෝද ඒ වෙනුවෙන් කැප වී සිටියහ.

නාලක අංජන කුමාර අප මියැසි සහෘදයා දින කීපයක්ම ගීතයේ ස්වර රටා සියුම්ව ඔප් නංවන්නට කාලය, ශ්‍රමය කැපකළේය.

මීනා ප්‍රසාදිනී ආත්මයෙන්ම ගීතයට හඬ මුසු කළාය.

මේ සංගීතමය දෘශ්‍ය සිත්තමේ නිමේෂයෙන් නිමේෂය සියුම්ව එක්තැන් කරමින් පද රටාවට, ස්වර සංකලනයට අපූර්වත්වයක් එක්කරන්නට මහත් උවමනාවෙන් කැපවුණේ සංජීව දේවප්‍රිය සමරකෝන් සොයුරාය. ඔහු තීර්ථයේ නිල ඡායාරූප සහෘදයාය.

එහි මුල්ම හඬ පටය ඇසුණු දා මෙන්ම මුල්ම මියැසි දෘශ්‍ය සේයාපටය දුටු දාද ඇස කඳුළු නැගිණි. ප්‍රේමය අරභයා ලියැවුණු සොඳුරු, හෘදයාංගම  ගීතයක් වනු ඇතැයි සිතමි.

තීර්ථයේ කුළුඳුල් ගීත නිර්මාණය ඔබද ආදරයෙන් වැළඳ ගනු ඇතැයි සිතමි.



තීර්ථයේ සුමිතුරෝ


සංජීව දේවප්‍රිය සමරකෝන් - මියැසි දෘශ්‍ය සල රූ නිමැවුම්කරු



28 comments:

  1. මේ වචන මේ සත්සර මුසුව මේ උන්මාද හඬ මාව කොහේදෝ ඈත ලෝකෙකට ගෙන ගියා.

    ReplyDelete
    Replies
    1. අයියෝ... දැන් කොහෙන්ද මේ ළමයව හොයාගන්නෙ...

      මේ ගීතය ඇහෙද්දි මටත් දැනෙන්නෙ කොහෙදෝ නොදන්නා ලෝකෙක අතරමං වෙලා වගේ හැඟීමක් තමයි නංගි...

      Delete
    2. හොයන්න මහන්සි වෙන්න එපා අක්කි මම අයෙ ආයෙ මේක අහ අහ අතරමන් වෙනෝ

      Delete
  2. හරිම ලස්සනයි තරු අක්කෙ. හරියට දුක හිතෙනවා ඒ සිංදුව අහගෙන ඉන්නකොට. :(

    ReplyDelete
    Replies
    1. ලස්සනයි... දුකයි... මටත් එහෙමමයි...

      Delete
  3. සිංදුවෙන් කොටසක් විතරයිනෙ වීඩියෝ එකේ තියෙන්නෙ. හරිම ලස්සන පද සහ ගායිකාවගේ කටහඬ

    ReplyDelete
    Replies
    1. යූටියුබ් ලින්ක් එකෙන් සින්දුවට යන්න පුලුවන් නේද?

      Delete
  4. මේ ගීතය මාවඋණ්මාධයට පත් කළා...
    හරිම ලස්සනයි අක්කෙ..ඔයාට ස්තුති මේ සිංදුව ඉදිරිපත් කළාට..

    ReplyDelete
  5. හරිම ලස්සනයි තරූ...සන්ගීතය හිතකට කොච්චර ලොකු දේවල් දෙනවද...නේද

    ReplyDelete
    Replies
    1. පද පේළි, සංගීතය, හඬ එකට ගැළපුණාම විඳින්න පුළුවන් ගීතයක් මතුවෙනවා.

      Delete
  6. 'වෙඩිවර්ධන'

    ගැලපෙනම නම!

    මේ දවස්වල නිදිවර්ජ්ත වේදනාවට 'මගේ ආදරේ යක්ෂනී' කියෝන ගමන්... හ්ම්ම් හ්ම්ම්... ටැලන්ට් එකක් කියන්නේ එහෙම දෙයක් නේද?

    ස්තුතියි

    ReplyDelete
    Replies
    1. මේ කමෙන්ට් එක මෙහෙමම මංජුල අයියට දැම්මා... වෙඩි වගේ...

      Delete
    2. කාපල්ලා ඉතින් දැන් මාව!! වෙලාවට හිතුන ඔක්කොම ලිව්වේ නැත්තේ.

      Delete
    3. ඉතිරි ටිකත් ලියලම දාන්න අප්පා. ඇයි හිතේ තියන් ඉන්නෙ.

      Delete
  7. No words..... It is divine love... In words... in music.... in the voice.... in visuals.... Salutes to all!!

    ReplyDelete
  8. Replies
    1. ගීතයට දායක වූ හැම දෙනාම වෙනුවෙන් ස්තූතියි ඔබට...

      Delete
  9. සින්දුව අහන්න වෙන්නේ පස්සේ.
    එක නෙමේ තරු අක්කේ,මංජුල වෙඩිවර්ධනගේ ගොඩක් නිර්මාණ වලට "කල්වාරි" කියන වචනය පොදු කුලකයක් වගේ භාවිතා වෙනවා නේ.
    "බත්ලංගුණ්ඩුව" කියවලා ඉවර කෙරුවා.මම කවදාවත් අත්දැකලා නැති පරිසරයක් එක.දැන් කියවන්නේ "දුෂ්ටකමේ සවුන්දර්ය" අඩේ ඒ පරිසරයේ හැමතැනම මම කරක් ගහලා තියෙනවානේ.

    ReplyDelete
    Replies
    1. ආඃ ......
      ඔන්න ඉතින් මගේ 'දුෂ්ඨකමේ සෞන්දර්ය' බලාගත්තෑකි..... අනේ අය්යූ.... මට ඇයි හත්වලාමේ අහුවෙන්නේ නැත්තේ මේ පොත්?????????

      බත්තලන්ගුණ්ඩුව ඔන්න ආයෙමත් මාව ලෙඩෙක් කරන්නයි හදන්නේ..... අය්යු මෙහෙමත් ලියන්නෝ... අපිව පොත් පිස්සෝ කරනවනේ...
      වෙඩි කනවද? වෙඩි තියනවද කියලත් ෂුවර් නැහැ මට... මම ඒ ලියවිල්ලට වශී වෙලානේ!

      Delete
    2. ඔයාට ඕනද ‘‘දුස්ටකමේ සවුන්දර්ය සහ රත්මලානේ තවත් කතා‘‘

      Delete
    3. මනෝජ් මල්ලි, කල්වාරිය කියන්නෙ ජේසුව කුරුසියෙ ඇණ ගැහුව කන්දට කියන නමනෙ. අවිහිංසාවාදී විප්ලවයක් දේශපාලනික, ආගමික අධිපතිවාදයෙන් යටපත් කරල දාන්න උත්සාහ දරපු තැනක්...

      ඒ නිසාම කල්වාරිය කියන වචනය ගැඹුරු දේව ධාර්මික පදනමකින් වගේම, සමාජ දේශපාලනික අර්ථයකිනුත් සාහිත්‍යය ඇතුළෙ යොදාගන්න පුලුවනි. මංජුල අයියා බොහොම දැනුවත්ව ඒ වචනය පාවිච්චි කරනවා එයාගෙ ලියවිලිවල...

      Delete
    4. තවත් අතකින් කල්වාරිය කියන්නෙ සමාජ සාධාරණය, යුක්තිය, මනුස්සකම වෙනුවෙන් අවිහිංසාවාදීව සටන් කළ තරුණයෙක් මරා දැමුණු තැනක්...

      Delete
    5. තරු: පිස්සෙක් වගේ දුවගෙන එන්නද? හ්ම්ම් හ්ම්ම් පුළුවන් වෙයිද?? මම ඉන්නේ මේ දවස්වල මරණාසන්නව

      Delete
    6. පොත තියෙනවා මා ළඟ කෝල් එකක් දීල එන්න...

      Delete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...