"VLADIMIR VOLEGOV. ගේ සිතුවමක් -
|
මේ තණ නිල්ල
ඒ එදා ඔබ
පයට පෑගුණු
තණ පලසම ද?
තෘණ පතින්
පත දැවටී
සිලිලන පිනි
කැටිති
ඔබේ ළය පෑරී
ගලා ආ
කඳුළක හැඩය
ගති...
රූරා හැලෙන සඳ වතුර
ළා දළු පත් සසලවා
සුසුම් ලන නළ රැලි
එදත් මේ ලෙසම
සසැළුණිද?
ජීවිතය
අයදින සරින්,
වැව් දිය සරැලි බිඳි බිඳී
නගනා මුණු
මුණුව
ඒ එදා මැදියමේ
‘දිය කර හරිමි
ජීවිතය මී විතක‘
ඔබ පැවසූ
වදන්
නිහඬව
අසා උන්නෙද?
ඒ එදා ඔබ අද
කොහිද?
ඒ එදා මමම ද
අද මෙතැන
ඔබ ද නැත,
මම ද ඒ එදා
උන් මා නොවේ
කාලය ඉක්ම
යයි
වේදනාවේ ගං දියෙහි
එති එතී
රළු රළ සුලි
සමඟ හැපි හැපී
යනු මිස එනු
නැති
සන්තුෂ්ටියේ
සේයා
අන්ධ අඳුරට
මුහු වෙවී..
කියන්න මට,
ජීවිතේ දුර්ග
කඳු වැටියෙන් ඔබ
මරණයේ
මිටියාවත කෙලෙසින්ද
සෙවූ
සැනසුම් හමුවිණි ද?
මී විතක් තරමින්ම
ඉමිහිරි
මත් බවේ
මායාවක්ද එය?
එක් වරක්
දෑත දිගු කර
කැඳවනු
හැකිද මා එහි
සුළු ඉඩක් වෙන්
කර
දිය හැකි
නම් පමණක්
ඔබ අසල...
ලස්සනට ලියලා තියෙනවා අක්කේ...
ReplyDeleteස්තුතියි මල්ලි...
Deleteබෑනේ... ඉඩ නෑ හිහි
ReplyDeleteඅපූරුයි ඉතිං...
ඉඩ නැත්නම් ඉතින් මේ පැත්තෙම ඉන්න එක හොඳයි...
Deleteඅගෙයි ලස්සනයි
ReplyDeleteස්තුතියි අක්කේ...
Deleteඑන්න
ReplyDeleteඑක් වරක් නොව
සිය දහස් වාරයක්
ඉඳුරාම දනිමි මම්
එක දෙයක්
ඔබද එදා උන් ඔබ නොවේ
‘‘ඔබ ද නැත,
Deleteමම ද ඒ එදා උන් මා නොවේ‘‘
අපුරු තර්කයක්..හුස්ම වැටෙන ලතාවක්..
Deleteශෝකාකූල මුත් සිත නිවන ඔබේ කවි
ReplyDeleteශෝකාකූල භාවයේ කෙළවර නිවීම නම් තියෙන්නෙ කොයි තරම් හොඳද බින්දි...
Deleteශෝකාකූල මුත් සිත නිවන ඔබේ කවි
ReplyDeleteහුදෙකලාවක මිහිරියාව, බලාපොරොත්තුව, පරිසරය, මී විත, අතරේ මැදිවුන මම. ලස්සනයි .
ReplyDeleteස්තූතියි...
Deleteහරිම ලස්සනයි අක්කෙ.. වේදනාවකින් ලියූ බවක් දැනෙනවා...
ReplyDeleteමේක කියෙවුවම දැනෙන හැගීම වචන වලින් කියන්න අමාරුයි
ReplyDeleteගොඩක් ලස්සනයි අක්කෙ...
//එක් වරක් දෑත දිගු කර
ReplyDeleteකැඳවනු හැකිද මා එහි
සුළු ඉඩක් වෙන් කර
දිය හැකි නම් පමණක්
ඔබ අසල...// පියකරුයි.
කවදාවත් ඉටු නොවෙන
බලාපොරොත්තුවක්
අපූරු සුන්දරත්වයක් කැටි වුන පද පෙළක් නංගි
ReplyDeleteකඳුලකට, මී විතකට කොහෙද නිශ්චිත හැඩයක්.අවස්ථාව අනුව හැඩ ගන්වා ගන්නවා මිසක.
ReplyDelete