පිටු

Sunday, June 4, 2017

ප්‍රේමයේ නන් පැහැ...!!!





පොසොන් සඳ බැතිබරව
ළයෙහි අත තබාගෙන
කල්වාරි කන්ද මත නවතී
ඔරසමක මුදු සරින්
මිදෙන්නට බැරි සිහින
ගැළවුමෙහි හද මඩල නමදී
අතින් අත පටලාන
පසන් ගී ස්වර මැදින්
පෙදෙන් පෙද ජිවිතය පබඳී
ළතෙත් ගුණයෙන් නිලන
ඉතින් ඒ ආදරය
සංසාරෙ ඇති තුරා පවතී

ස්නේහයේ පැහැ විසුළ
ඇන්තූරියම් පොකුර
අත දැරූ හීන්දැරි යුවතී
මුහුලසේ ලැඟුම්ගෙන
මඳහසට හිස නමන
සුදු සිලිටි ඉද්ද මල් දමෙකී
ස්වර්ගයෙන් ලැබිලාද
මේ සොඳුරු වේල්පට
සැහැල්ලුවෙ පතුළෙහිම කිමිදී
සන්සුන්ව වර නඟන
පැහැසර කැල්ම ළඟ
සංවේග සන්තාප පරදී

යවුවනය නිනද වන
ඔය නිමල ඇස් අතර
සනාතන යවුවනය දකිමී
අකුරු බොඳ වී නොගිය
ස්වර්ගීය ගිවිසුමෙක
සොඳුරුතම දෙපොළ බව හඟිමී
සාංසාර කැඳවුමෙක
අවිහිංසක ම ඉමෙක
අසෙනිය කුසුම් පොකුරු ඉසිමී
ගැඹුරුතර ජීවිතය
සරල බව මෙ තරම්ම
කියාදුන් පෙමට හිස නමමී


පොසොන් මස 4 වැනිදා, 2017
මංජුල වෙඩිවර්ධන


අම්මගෙයි තාත්තගෙයි විවාහ සංවත්සරය අද... හතළිස් වසක යුග දිවි ගමන සුවපහසු රෝස මල් යහනාවක් නොවූ බව මම හොඳින්ම දන්නවා... ඒ සියලු බාධක, අභියෝග, ප්‍රශ්නවලට ඉවසීමෙන් මුහුණදෙමින් මේ දක්වා ආ ගමන ගැන මට තියෙන්නෙ අප්‍රමාණ ආදරයක්, ගෞරවයක්. අම්මටයි, තාත්තාටයි මංජුල අයියාගෙන් ලැබුණු තිළිිණය තමයි මේ කවිය...

.........

අද කසුන්, සත්‍යා ගේ විවාහ මංගල උත්සවයේ දෙවෙනි දවස. හරියට බ්ලොග් මංගල්ලයක් වගේ... බ්ලොග් හිතවතුන් සෑහෙන පිරිසක් අද අපි මතුගම ගිහින් අහසෙන් එන දෙපළගේ ජීවිතයේ සුවිශේෂී මොහොතක සතුට බෙදා හදාගත්තා. ඒ ගැනත් ලියන්න දේවල් අපමණයි. පසුව ලියන්නම්.



28 comments:

  1. දෙමව්පියන් ගේ සංවත්සරයට මගෙන් සුබ පැතුම්.

    කසුන්- නිර්මාණී ගැන ලියන්න.

    ReplyDelete
    Replies
    1. කසුන් නිර්මාණි වගේම මංල්‍යයට සහභාගි වෙලා උන්නු එයාගෙ යාළුවො ටික දෑසින් නොදකින ලොවක් හදවතින් විඳිමින් එයාල ජීවිතය භාරගන්න විදිය... අපට අලුත්ම අත්දැකීමක් වුණා...

      Delete
    2. //කසුන්- නිර්මාණී ගැන ලියන්න.// ++++++++

      ඔව්.. ගිය නැති අපිටත් විස්තර දන ගන්න.. :)))

      Delete
    3. ගියත් නෑ වගේ නේ...

      Delete
  2. ඇත්තටම තරු අක්කේ මම හිතුවෙම නැහැ ඔයා මාව හොයා ගෙන ඇවිත් කතා කරයි කියල. ඒකයි මට හරියට කතා කරගන්නවත් බැරි වුනේ. මම හරි ආසාවෙන් හිටියෙ ඔයාලව හම්බවෙන්න. ඉතින් ඊයෙ මම ඒකට වාසනාවන්ත වුනා. ඔයාට ගොඩාක් ගොඩාක් ස්තූතියි මාව හොයාගෙන ඇවිත් කතා කලාට මට ඇත්තටම ඊයෙ හරිම අපූරු දවසක් තමයි.

    ReplyDelete
    Replies
    1. මම දෙවෙනි වතාවෙන්ම කටකාරිව අල්ලගත්තා. සතුටුයි නංගි ඔයාව අඳුනගන්න ලැබීම ගැන. ඒ වගේම ඔයාගෙ පෙම්බරාවත්... ඔයාල දෙන්න හරිම ලස්සනට සින්දු කිව්වා. දවසක ඔයාලගෙ යුග ගීතයක් ප්‍රසිද්ධ මාධ්‍යවල අහන්න ලැබේවා කියල මම ප්‍රාර්ථනා කරනවා...

      Delete
    2. මමත් හරි ආසාවෙන් උන්නේ කටකාරිව හොයා ගන්න.. කොහෙද මේ තරූ ට වැඩිවෙලා ඒක අමතක කරලනේ.. :))))

      Delete
    3. ඔව්නෙ.... මට වැඩි වුණා... කොහෙද ඉතින් තව ඩිංගෙන් ජෝඩුවත් යන්න ගිහින් මෙයාල සුබ පතන්න එද්දි...

      Delete
    4. ගොඩාක් ස්තූතියි තරු අක්කේ. අපි දෙන්න ගෙ හීනයක් තමයි කවදහරි යුග ගීතයක් කරන්න. බලමුකො දවසක.අයිය ගෙ ගීත නම් 3ක්ම youtube එකේ තියනව.

      Delete
    5. මම තිස්සගෙ ගීත ඇහුවා.. ඒ අතරින් පාලු නිසංසල ගීතයට තමයි බොහොම කැමතියි. හරිම සෞම්‍ය මුදු හඬක්.. හිත නිවනවා..

      https://www.youtube.com/watch?v=Z0xdCz-V31M

      බලමු මමත් බලන්නම් ඔයාල දෙන්නගෙ ලස්සන ප්‍රේම ගීතයකට යම් වැඩපිළිවෙලක් හදාගන්න...

      Delete
    6. හදවතින් ලස්සන මිනිසුන් මැද ගෙවුනු හෝරා කිහිපයක්.... හරිම ලස්සන යුග ගී ගැයුම අපි හරි ආසාවෙන් රසවින්දා කටකාරී නංගී. ආයේ හමුවෙමු දවසක

      Delete
  3. අම්මගෙයි තාත්තගෙයි හතළිස්වෙනි සංවත්සරේට සුභ පැතුම්.. පෙරේද ගෙදර උත්සවයක් තිබ්බ කියුවම මතක් උනේ.. අපි කවදාවත් ඒ දිනේ සමරලා නැද්ද කොහෙද.. මේ දෙසැම්බර් වලට අපේ අම්මගෙයි තාත්තගෙයි 56 වෙනි විවාහ සංවත්සරේ.. ආ.. ඊයෙත් අමතක උනා රෑ නෝනා මතක් කරනකම්ම.. ඊයේ අපෙත් දහතුන්වෙනි ඇනිවසරිය.. මම නොදැනම සැමරුවා..:))

    ReplyDelete
    Replies
    1. අපිත් මේ පළමුවෙනි වතාවට පුංචි සැමරුමක් ගත්තෙ 40 විශේෂයිනෙ... ආගමික කටයුත්තක් සහ පවුලෙ අයගෙ එකතුවක්...

      ඔයාලගෙ විවාහ සංවත්සරයටත් සුබ පැතුම්...!!!

      Delete
  4. අපෙත් පළමුවැනි සංවත්සරය එන්නේ මේ මාසේ.
    අම්මාගෙයි,තාත්තාගෙයි විවහා සංවත්සරයට අපෙනුත් ආදරණිය සුබ පැතුම් අක්කේ.

    ReplyDelete
    Replies
    1. ඔයාල දෙන්නටත් 50 ඉක්මවා දුර ගමනක් යන්නට සුබ පැතුම්!

      Delete
  5. මගෙත් හදපිරි සුබ පැතුම්. තවත් චිරාත් කාලයක් ලස්සනට ජීවත් වෙන්න ලැබේවා.

    මටත් ආසයි කසුන් නිර්මාණිගේ මංගල්‍ය ගැන දැන ගන්න.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සයුරි නංගි...

      හෙමිහිට ලියන්නම්... ඒ ගැන... මං හිතනවා අපේ බ්ලොග් යාළුවො හැමදෙනාම ගොඩක් සතුටු වුණු ඒ වගේම තරමක් හදවතින් සැලුණු, සංවේදී වුණු අවස්ථාවක්

      Delete
  6. තරු අක්කව මට හම්බු වෙන්න බැරි වුනානෙ...
    මාව ඇහුවයි කියල කටකාරි නම් කිවුවා...

    බලමුකො කටකාරිගෙ එකෙදිවත් නේද අක්කියෝ

    ReplyDelete
    Replies
    1. මූණූපොතේ හුරුවට මං අනුමාන කළා ඔයා ගැන. ඒත් ඒ හැම වෙලාවකම ඔයා යාළුවො එක්ක බොහොම සතුටින් කතා බහ කරමින් උන්නෙ... ඉතින් මට බාධා කරන්න හිතුණෙ නැහැ. අපි එන්න හදද්දි මං ඔයා ඉන්නව දැක්කෙ නෑ නංගි. සමාවෙන්න. අනිවාර්යයෙන්ම කටකාරිගෙ මංගල්ලෙදි හමුවෙමු.

      Delete
  7. අම්මාටයි තාත්තාටයි සුබ පැතුම්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි යාත්‍රා...

      Delete
  8. මංජුල අයියාගේ පද මුසුව මේ තරම් සරල හැඟුම්බර ලතෙත් වන සුළු වෙන්නේ කොහොමද ? ඒකනම් ඉස්තරම්ම තෑග්ගක් තරු අක්කේ !

    ReplyDelete
    Replies
    1. අයියා ඔය කවිය ලිව්ව මම මගුල් පින්තූරය ගැන කියපු විස්තර අහන් ඉඳලා... කවිය ලිව්වට පස්සෙයි පින්තූරය දැක්කෙ. කොහෙම වුණත් අවුරුදු ගාණක ඉඳල මංජුල අයිය අපේ අම්මවයි, තාත්තවයි, අපේ පවුලයි දන්නවනෙ. ඒ නිසා මෙහෙම ලියවෙන්න ඇති... මටත් පුදුම හිතුණා...

      Delete
    2. මම ඉස්සර ‘‘මනාලි අම්මා‘‘ කියල ලියපු කවියකුත් මංජුල අයියට යැව්වා. ඒකත් උදව් වෙන්න ඇති...

      Delete
  9. අම්මටයි තාත්තටයි මගේ සුබ පැතුම්!

    තාත්තගෙ බම්ප් එක නියමයි...ඔය ඒ කාලෙ තිබ්බ විලාසිතාව....අපි ඔය වැඩ දාල කොණ්ඩ කපන කාලෙ වෙනකොට බම්ප් එක අවුට් ඔෆ් ෆැෂන්...:)

    ReplyDelete
  10. අම්මා තාත්තාගේ සංවත්සරයට සුබ පැතුම්....චිරාත් කාලයක් යෙහෙන් වැජඹේවා

    ReplyDelete
  11. අම්මාටත් තාත්තාටත් මගෙනුත් සුභපැතුම්...
    ගොඩක් පරක්කුයි ඉතින්:D

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...