‘‘ප්‍රේමය‘‘
උස් තන්හි වඩා හිඳුවා
පුද පූජා කළාය ඈ
අන්ධ බැතිමතියක සේ...
‘‘ප්‍රේමය‘‘
කර මුලින් අල්ලා
ඔසවා ඈ වරෙක
ගැසුවාය පොළවේ
ඉනික්බිති
වරින් වර
බොහෝ වර...
බිඳී විසිරුණු
හද කැට කැබිලිති මත
‘‘ප්‍රේමය‘‘
නොයෙක් වෙස් ගෙන
විලිස්සුවාය ඈ වෙත...
ආත්මාර්ථයෙන් ද,
ඉරිසියාවෙන් ද
අහංකාරයෙන් ද
මමංකාරයෙන් ද
වෙළෙවි ව
අන්‍ය රූප විලාස ගනිමින්...
‘‘මගේ න්‍යාය පත්‍රය
මගේ කාලසටහන
මගේ කොන්දේසි
මමයි ප්‍රේමය
මට උවමනා ලෙස
ඔබ පැවතිය යුතු...‘‘
ප්‍රේම පාරමිතාවේ
වියරණ පැටලී
අතරමං වූවාය ඈ...
වේදනාවෙන් කම්පිත ව
කඳුළු සැළු
එක්දහස් එක් රැයකට පසු
නැගී උන්නාය ඈ
ඈ ම නොවනා අන් අයකු ව...
බිඳුණු ක්ෂුද්‍ර හදවත
පිළිසකර කොට
සියතින්ම තැනුවා ය
දෙවොලක්
ඈ අදහනා ප්‍රේමයේ නාමෙන්
එහි දෙවියන් ද
දේව දාසිය ද
ඇදහිල්ල ද
ඇය ම වූවාය...
සියක් දහසක්
ගැහැනුන්ට, මිනිසුන්ට
දරුවන්ට
කුරා කුහුඹුන්ට පවා...
පිනි බින්දුවකට
ඉර කණිකාවකට
මල් රොන් සුණු සුඟකට පවා
එහි බොහෝ ඉඩ තිබිණි...
බිඳුණු ක්ෂුද්‍ර හදවත
ReplyDeleteපිළිසකර කොට
සියතින්ම තැනුවා ය
දෙවොලක්
ඈ අදහනා ප්‍රේමයේ නාමෙන්
එහි දෙවියන් ද
දේව දාසිය ද
ඇදහිල්ල ද
ඇය ම වූවාය...
මේ තරම් ලස්සනට ලියන්නෙ කොහොමද කියලා හිතාගන්නවත් බෑ. එතරම්ම අපූරැයි.ස්තුතියි.
ඉබේම ලියවෙන කවි...
Delete"ප්‍රේමය"තබා හද දෙවොලේ මුදුනින්ම
ReplyDeleteකෙරුවත් පුද පිදුම් බැතියෙන් හැමදාම
"විරහාව" ඇවිත් කොනිතන විට හද බොහොම
ඒ හැම උඩින් ඇත්තේ ප්‍රේමයේ රිදුම
තරු අක්කේ මේකේ අන්තිම පදය මම කොච්චර හිතුවත් ආවේ නැහැ.මුල් පද තුන පෙන්නුවාට පස්සේ ඒ අන්තිම පදය ලියලා දුන්නේ අපේ නංගි කෙනක්.
Deleteඒ නංගිටත් මං සුබ පැතුවා කියන්න... දිගටම කවි ලියන්න...
Deleteමට මේ කවිය හිතින් ලිය ලියා උන්නු එකක්... හිතේ කොච්චර ලියවිලා තිබුණද කියනවනම් කොලයට ගද්දි ආයෙ ඒකෙ වෙනස් කරන්න හිතුණෙ නෑ කොතනවත්...
මගේ න්‍යාය පත්‍රය රටාව බින්දා කියලයි මට හිතෙන්නෙ .... අපුරුයි........
ReplyDeleteReality ............
ReplyDeleteලස්සනට ලියල තියෙනවා අක්කා !
ReplyDeleteඔබේ කවි හිතන්නට බොහෝ දේ ඉතිරි කරනවා . ඉඩක් ලැබුණොත් අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා මගේ කවි වල අඩුපාඩු කියන්න . ඔබේ අළුත් නිර්මාණ කියවන්න බලාගෙන ඉන්නවා
ReplyDelete