සෙබළ උත්තමාචාර වියැකී
හිස් ව ගිය අවකාශයේ
පාවී
හමා ආ සුසුදු අරලිය
මලක්
මුදුන් වූ පස් කණ්ඩිය
මත රැඳිණ...
හත් දොහක, තුන් මහක,
අවුරුද්දක
දැල්වුණ පහන් එළි
දුබලව නිවී යද්දී
පා සටහන් සඟවා
නිදිකුම්බා යාය වැතිරිණි...
මුදුනත බිඳී ගිය
පස් වැටිය මත
ඒ අරලියා මල ?
කොහේ වේ දැයි
කවුරු නම් දනී ද ?
නිදිකුම්බා ගොල්ලකි
දැන් ඒ ඉසව්ව ම
සුවඳක් නැතත්
යායට මල් පිපුණ...
අරලිය මලෙක සුවඳ නැතත්
ReplyDeleteමලක් නොවේද නිදිකුම්බාත්
පරිසරයක් අවදි කරන.
නිදිකුම්බා මල් යායට පිපුණම පුදුම ලස්සනක්. උඳුවප්, දුරුතු මාස කියන්නෙ කැලෑ මල් පිපෙන වසන්ත කාලෙ.
Deleteදස දහස් ගණනක් වූ වැන්දබු සෙබල බිරින්දෑවරුන්ගේ කතාව!
ReplyDeleteමීට අවුරුදු 25කට විතර කළින් අපේ ගමේ අයිය කෙනෙක් නැතිවුණා. ඒ මතකයත් එක්ක අවුරුදු විස්සකට කළින් ලියවුණු කෙටි කවියක් තමයි මෙහෙම දිගෑරල ගත්තෙ.
Deleteබ්ලොග් එක පාළුවට යනව දකිද්දි දුකයි. ලියන්න ඕන කියල හිතුණා.