‘‘දවස තවමත් තරුණයි‘‘ - ජයලත් මනෝරත්න
කවරය සහ චිත්‍ර සෝමසිරි හේරත්
පළමු මුද්‍රණය - 1980
සමන් සහ මදාර ප්‍රකාශකයෝ
බරසාර පොත්
කියවීම මේ දිනවල තරමක් අසීරු කාර්යයකි. මනස එයට සූදානම් නැති බවක් හැඟේ. 83
පුස්තකාලේ පරණ පොත් ගොන්න නැවත පෙරලා බලන්නට සිතූයේ එබැවිනි. ‘‘දවස තවමත් තරුණයි‘‘
මුලින්ම කියවූවේ සැබවින්ම එය මෑත අප අතරින් වියෝ වූ සොදුරු කලාකරු ජයලත්
මනෝරත්නගේ කෘතියක් වීම හේතුවෙනි. මෙය ඔහුගේ පළමු නවකතාවයි.
ආර්ථික අරගලය
හේතුවෙන් ගමෙන් නගරයට විසිවන එක පවුලේ සොයුරන් තිදෙනෙකුගේ ජීවන අරගලය මෙම නවකතාවට
පාදක වී ඇත. මෙය පළමු කොටස ය.දෙවෙනි කොටස ඒ පොත් ගොන්නේ නොවේ. පෙරවදනක් ලෙස
කතුවරයා තබන සටහන ඔබ වෙත ගෙනෙන්නට රිසි වෙමි.
‘‘මෙම නවකතාව
මවිසින් රචනා කරන්නට යෙදුනේ මීට පස් වසරකට පමණ පෙර මා උතුරු මැද පළාතේ රාජකාරියේ යෙදී සිටි
වකවානුව තුළදීය. අගනුවර කලබලකාරී, සංකීර්ණ පරිසරයෙන් ඈත් වී, ඈත වන්නියේ හද්දා
පිටිසර අහිංසක ගැමියන් සහ වල්අලින් සමඟ ගත කළ එකී නිසංසල කාලපරිච්ඡේදය ජීවිතයේ
ඉතාම සුන්දර අවදියක් සේ මා අදත් ආදරයෙන් වැළඳ ගනිමි.
ගමෙන් නගරයට
සංක්‍රමණය වීම හෝ නගරයෙන් ගමට සංක්‍රමණය වීම පිළිබඳව හේතු ප්‍රත්‍යයන්, ප්‍රවණතාවයන්,
සංඛ්‍යාලේඛන දත්තයන් හෝ වාර්තාවන් එක්රැස් කිරීමකට වඩා, එවැන්නවුන්ගේ ජීවන
පසුබිම්, සිතුම් පැතුම් හා පුරුෂාර්ථයන්ද විශේෂයෙන් ගැමියන් හා බැඳී පවත්නා
ජීවත්වීම සහ ජීවත් කරවීම පිළිබඳව අධිෂ්ටාන ශක්තියද නිරීක්ෂණය කිරීමටත්, විඳ
ගැනීමටත් මසිත උපන් කුහුල මෙවැනි කතාවක් නිර්මාණය කිරීමට මා පෙළඹවිණැයි හඟිමි. මහ
වරුසාව, ඉඩෝරය, වනාන්තරය, වන සත්තු සහ මහ පොලව මෙන්ම මරණය ද ගැමියනට ස්වභාවධර්මයක්
පමණි. ස්වභාව ධර්මය හා ළඟින් සිටි තරමටම ජීවිතයේ ප්‍රශ්න ලිහිල් කරගත හැකි බව
ඔවුහු දනිති. කාලීන වාසි තකා නගරයේ ටෙලිවිෂන් යුගයට මනසින් රිංගා ගැනීමට තැත් දරන
‘‘කබල් ගැමියන්‘‘ හෝ ලකුණු ලබා ගැනීමේ අවස්ථාවකදී පමණක් ගැමියන් වීමට තැත් දරන
‘‘කබල් නාගරිකයන් ද“ සිතින් කයින් රෝගීව සිටීමෙන් මේ බව වඩාත් ප්‍රත්‍යක්ෂ වේ.‘‘
සිදුවීම් දාමය
ගලායන්නේ ගැමි වහරට සමීප කථන බසිනි. බස හැසිරවීම සිත් ගන්නා සුළු ය. චරිත හා
සිදුවීම් වඩාත් මානුෂික මුහුණුවරකින්
ඉදිරිපත් වේ. පුදුම විය යුතු නැත. එය
මනෝරත්නගේ කෘතියකි. හැත්තෑව දශකයේ ගමෙන් නගරයට ආ ලොක්කෙ, මද්දුමේ, පොඩ්ඩේ, ඇන්ටන්
වැනි තරුණ පිරිස් මුහුණ දුන් ගැටලු අදටත් වෙනසක් නැත. ඒවා වඩාත් සංකීර්ණව හා
බරපතලව අද තාරුණ්‍යයට අභියෝග කරමින් හිඳින බව වසර විස්සක නාගරික ජීවිතය හා සිතින්
සක්මන් කරමින් මම කල්පනා කළෙමි.
‘‘අම්මගෙ කල්පනාවෙ
හැටියට ජීවිතේ කියන්නෙ මහපොලව. මහපොලව නැත්නම් අපි කොහොමද ජීවත් වෙන්නෙ. මහපොලවට
අපි සලකනතාක් කල් මහපොලවත් අපිට සලකයි. මහපොලවට ගරහන්ට හොඳ නෑ....
කොහෙන් ගියත්
අන්තිමට අපිට ඉතුරු මහපොලව විතරයි. මහපොලව අපේ නෙවි. අපි මහපොලවෙ. මහපොලවට කෙල
ගහනව කියන්නෙ අපි අපේම මූණට කෙල ගහ ගන්නවා කියන එක. නැද්ද? වැහිනිල්ලක් වැහැල,
වතුර පොදක් ගලල, ගහක දල්ලක් ලියලල, මලක් පොහොට්ටවක් පිපිලා, මහ පොලව හීතල වෙලා යනව
කියන්නෙ අපෙ පපුව හීතල වෙලා යනව කියන එක නෙවිද?“
52 - 53 පිටු
කමලා මාකන්දයාර් කියල ඉංදියානු පරිසර වේදිනියකුත් මහපොළොවේ කතාව වෙනස් ආකාරයකට කියල තියෙනව.ආසයි ඒ වගේ නවකතාවක් කියවන්න.. ස්තුතියි තරු
ReplyDeleteතවම නවකතා පොතක් අතින් ඇල්ලුවේ නැහැ. මෙයා පටන් අරගෙන
ReplyDelete