පෙම්වත,
මතකය
මෘදු විලවුන් සුවඳක් වැනිය
පිරිමදියි සිත...
ස්පර්ශ කරනු නොහැකිය...
සිඹීම්වලින් නැහැවුණු
කොපුල්තල පවා
සැලි සැලී මන්ද්‍ර ස්වරයෙන්
සුසුම් උහුළා ගනු වැනි ය...
එකලාව යන මෙමඟ
නිදිකුම්බා මල් පවා
පත් හකුළා තුඩු මුදවා
රෝස පෑ සිනා සඟවා
පාරනා හැඟුම්
වාවමිද කෙලෙසින්...
පෙම්වත
අගුල්ලෑවද තරව
යකඩින්
තවමත් පණ ගැහෙන හදවතකි
ලෝහ රාමුව විනිවිදිනු බැරි...
හෙමිහිට... හෙමිහිට
නිශ්චලව... නිශ්චිතව
අවසන් සුසුම් කැටිය ද
නික්ම යාමට නියමිත
ආදාහනාගාරයක
වා කවුළුවෙන් නික්මෙන
උණුහුම් සුළං දහරක් මෙන්...
තරුරසී වෙත. පහුගිය පැය ගනන වනතෙක් ඔබව අප ගොනු ගත කර තිබුනේ "පුරා වස්තු (ඇන්ටික්) කැටගරියේය. ඒ ඔබ ලිවීමට වසරක නිවාඩුවක් ගත කල බැවිණි. එහෙත් මීට පැය දෙකකට පෙර ඔබ නැවත ලිවීම ඇරඹූ පුවත දුටිමි. එයට අප්‍රමාණ සතුට! ඔබේ බ්ලොගය අපගේ සින්ඩියේ "8 කැටපත් පවුර" ගොනුවේ ඉහළින්ම දැක්වේ! ස්තූතියි!
ReplyDeleteපුරාවස්තු!!! හෙහ් හෙහ්... ඔන්න බලන්න තරූ !
Deleteදිගටම ලිව්වේ නැතිනම් ඔබ තුමී නවතින්නෙත් "පුරා වස්තු" කොලමෙම තමයි!
Deleteතව ටික දවසකින් නටබුන් වෙලාම යන්න තිබුණෙ... මම මකුළුදැල් කඩල දාලා ගත්තා. මට ම දුකයි බ්ලොග් ඒක දකිද්දි.... ජනූගෙ චීස් සටහන, ඔයාගෙ අලුත් නවකතාව, අජිත්අයියගෙ, බෝධිනීගෙ සටහන් දකිද්දි ලියන්න හිතුණා.
Deleteලිඛිතා ඔයා අඛණ්ඩව ලියලා වාර්තාවක් පිහිටුවල තියෙන්නෙ. ජය වේවා !
පංකාදු කවියක්....
ReplyDeleteස්තුතියි... ටිකක් පරණයි...
Delete+++++++++++
ReplyDelete👌🙏😊
ස්තුතියි !
Delete