පිටු

Tuesday, January 4, 2022

එදා ගවහලේ ඉපදුණු පුංචි ජේසු මම නම් ! ( කතන්දර හැන්දෑවේ දරුවන්ගේ නිර්මාණ)

 මාසයේ හැම පළමුවෙනි අඟහරුවාදාම ''කතන්දර හැන්දෑව'' අපි වෙන් කරන්නෙ දරුවන්ගේ කාව්‍ය නිර්මාණ අගය කරන්න. මෙතනදි ප්‍රවීණ ළමා කවි රචක රචිකාවියක් හඳුන්වා දෙමින් අපි කවුරුත් ආසාවෙන් රස විඳි ළමා කවියක් හෝ දෙකක් හඳුන්වා දීමත් සිදුවෙනවා.

දරුවන් ලියූ කවි එකින් එක ගෙන අගය කිරීම සිදුවන්නේ ඉන් අනතුරුව. කවි සැඳෑවේ කවි ඇගයීම සිදුකරන්නේ ප්‍රවීණ කිවිඳිය විපුලි නිරෝෂිණී හෙට්ටිආරච්චි සොයුරිය. 

අපි මේ වෙද්දි එස්. මහින්ද හිමි, කුමාරතුංග මුණිදාස, ආනන්ද රාජකරුණා, චන්ද්‍රරත්න මානවසිංහ වැනි ප්‍රවීණ කවියන් ගැන කතා කර තියෙනවා. ඔවුන් ලියූ කවි කීපයක් හඳුන්වා දී තිබෙනවා. 

ඇත්තටම ආරම්භයට වඩා දැන් දරුවන් කවි ලියන්න, කවි කියවන්න උනන්දුයි. කවි නොලියන දරුවන් පවා ඇවිත් කවි ගැන කතා බහ අහන් ඉන්න එක සතුටක්. ඉතාම මිහිරි ලෙස කවි ගායනා කරන අම්මා කෙනෙකුත් අපට හමුවෙලා තියෙනවා. 

මේ නත්තල් කවි ලියූ බහුතරයක් දරුවන් බොදුනු දරුවන් වීමත් විශේෂයි... කොහොමත් ළමා ක්‍රියාකාරී වීරයෝ කියන්නෙ ජාති, ආගම් භේද නැති හැමට පොදුවේ එකමුතු වෙන්න පුළුවන් තැනක්. කතන්දර හැන්දෑවට සියලු අත හිත ළ.ක්‍රි.වී. ජාතික කාර්යාලයෙන්...

















3 comments:

  1. සමහර ඒව නං ටිකක් අපහැදිලියි කියල කියන්නම ඕන.
    අපූරු වැඩක් අක්කා...
    😍😍😍😍

    ReplyDelete
  2. මේ post එක ඒ දරුවන්ටත් පෙන්වනුවාද තරූ?

    ReplyDelete
  3. ඇත්තටම මේ විදිහට දරුවන් කුමන හෝ කළා මාධ්‍යයකට යොමු කරන එක ඉතා වැදගත්. නැත්තං අපේ රටේ ඉතිරි වෙන්නෙ රැකියා සඳහා පුහුණු ශ්‍රමිකයින් පිරිසක් විතරයි

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...