කතන්දර හැන්දෑවෙ දරුවකු හදා එවූ සුබ පැතුම...
අවුරුදු ජයයි !
ගෑස් එක ඉවර වෙලා මාසයක් විතර... තාවකාලික නවාතැනේ උයන අපි පස් දෙනෙක් ඉන්නවා. මුලින්ම ඉවර වුණේ මගේ ලාෆ් ගෑස් සිලින්ඩරේ... ලාෆ් කරුමේ කියන්නෙ ගෙදරත් තියෙන්නෙ ලාෆ් සිලින්ඩරයක්... නංගිලගෙ ගෙදරත් එහෙමයි. දැන් ඉතින් ඒ ඔක්කොම අහවරයි. ගමේ ගෙවල් ඔක්කොම ආපහු දර ලිපට ඇවිත්... පෙරලුණු පිට හොඳයි කියලා පෝරණු ලිප් අලුත්වැඩියා කරල අරන්... මෙහෙ ඉතින් කොහෙ දර ලිප් හදන්නද?
පහුවුණු මාසෙම කළේ රයිස් කුකර් එකේ බත උයාගෙන, ඒ වෙලාවෙම තම්බගන්න පුළුවන් එළවළුවකුත් තම්බගෙන කාගෙ හරි ගෑස් ලිපකින් යාම්තමට කිරි ටිකක් දාලා ගන්න එක. එක ව්‍යාංජනය ගාණෙ අපි තුන්දෙනෙක් හදලා බෙදාගන්නවා.
(අපේ දෙවෙනි ගෑස් එකත් ඉවර වුණේ නත්තල ලබන්නත් කළින්... තවමත් කවුරුත් අලුත් ගෑස් සිලින්ඩර ගත්තෙ නෑ. මොනව කරන්නත් ජීවත් වෙලා ඉන්න එපැයි... )
එළවළු සලාදත් මේ කාලෙට නැගල යනවා. තම්බගන්න එළවළුවලට ගම්මිරිස්, ලුණු කුඩු ටිකක් ඉහළ ගත්තත් ගාණක් නෑ. අපේ රස දිව පුරුදු වෙලා තියෙන්නෙ තුනපහ පදමට දාලා, කිරි හරි තෙල් හරි දාලා හෝ ගාලා උයාලා ගන්න ව්‍යාංජනවලටනෙ. දැන් ඉතින් ඒ ක්‍රමේ වෙනස් කරගන්නයි වෙලා තියෙන්නෙ.
තනිකඩයින්ට මේ කාලෙ කොහොමහරි ගැටගහගන්න පුළුවනි. ඒත් හතර පස්දෙනෙක් ඉන්න පවුල් කොහොමද කරගන්නෙ...
31 රෑටත් කඩෙන්ම කාලා යසට නිදාගත්තා... උදේ නැගිටලා කට්ටියමට කිරිබතක් හදන්නත් පොරොන්දු වෙලා උන්නෙ... කළින් දාම මිරිසට මාළු හදල තිබ්බා. එළවළු කනවට වඩා මාළු ලාබයි වගේ... කැකුළු හාල් හෝදලා රයිස් කුකර් එකට දාලා පොල් ගෙඩිය බින්දා... පොහ් පොහ් පුස් සද්දයක් බිඳෙන්න ටිකක් වෙලා ගියා. හපෝයි ඇතුළ ගන්න දෙයක් නෑ. ඉතින් මොන කිරිබත් ද?
කැකුළු බතට මිරිස් මාළුත් එක්ක පරිප්පු ටිකක් තෙල් දාලා ගත්තා.
ඔන්න ඔහොමයි 2022 ජයටම පටන් ගත්තෙ....
..............
2021 නිහඬව ගෙවුණට මොකද ආපහු හැරිල බලද්දි සෑහෙන වැඩ කොටසක් කරල තියෙන බවත් සිහිපත් වුණා. කතන්දර හැන්දෑවෙ දරුවො තමයි ගෙවුණු අවුරුද්දෙ වටිනාකම නැවත මතක් කරල දුන්නෙ. ඒ ගැන එෆ්බී එකට ලියලත් ආපහු ඔන්ලි මී දැම්මා. ගෙවුණු අවුරුද්ද මං හිතන්නෙ බ්ලොග් එකත්, එෆ්බී එකත් එක්ක අඩුවෙන්ම ගනුදෙනු කළ අවුරුද්දක්...
මේ තියෙන්නෙ මූණුපොතට ලියූ සටහන....
එවා හරි වටින වැඩ අක්කා . උනනු ගමන් මාත් එබිලා කොවිඩ් ගැන කියා දුන් හැටි මතක් වුනා
ReplyDeleteඔයාටත් ස්තුතියි නංගි. හැකි හැම වෙලාවකම ඇවිත් අපිත් එක්ක ඉන්නවට. ඒ වගේම දරුවන්ට ඉතා වැදගත් කාරණා කියා දෙනවාට....
Deleteබයි මහත්මයෙක් ගෙන ක්රිබත් ඉල්ලුවේ නැත්ද?
ReplyDeleteඒ වගේම (2021) අවුරුද්දක් මේ වසරේදීත් ලැබේවා. ඔය පටන් ගත්තේ ලියන්න.
සුභ නව වසරක් වේවා
කිරිබත්වත් එපා බයි මහත්තුරුන්ගෙන් නම් අයියේ...
Deleteඔයාටත් පවුලේ සැමටත් සුබ නව වසරක්...!
දෙනවිට සතුට සේවය තව පිරිසකට
ReplyDeleteලැබෙන සතුට බෑ කොහොමත් මනින්නට
විසි එක ජය වුණා වාගේම විසි දෙකට
යන්න තරූ, ජය වෙනවාමයි ඔබට!
ඇත්තයි ජීවිතය ගෙවුණේ ළමා ලොවේ
Deleteඒ සුරතල් සිනා මැද ජීවිතය ගෙවේ
ආසිරි සුබ පැතුම් සැමගෙන් නිති හිමි වේ
තුති ගී කිය කියා තව වැඩ කරමි ලොවේ
ස්තුතියි නිමල් අයියේ...
ස්තුතියි
ReplyDelete