පිටු

Thursday, August 9, 2012

ආදරෙයි.. කොන්දේසි විරහිතව...



අවසන් පිටු කිහිපය...

දැවිල්ලක් බඳු වේදනාවකින් හිත හිරි වැටී යනු දැනේ. දැවෙන්නේ සතීගේ හදවතද? මගේ හදවතද පැහැදිලි නැත.

--------------------------------ef---------------------------------

" ......... හැම දෙ‍යටම ගත වූයේ මොහොතකි. මොහොතකදී හැම දෙයක්ම ඇකී මැකී ගොස් ඈ නැවත යථා තත්ත්වයට පත් වූවාය. වෙනසකට වූයේ එකම කරුණකි. ගින්නෙන් දැවී ගියේ ඇගේ හදවත නොව එහි නිධන් ගතව පැවති සියලු ආකාරයේ බැඳීම් හා ආත්මාර්ථකාමයද, තෘෂ්ණාවද පමණය. ඇයගේ අධ්‍යාත්මය අතිශයින් පවිත්‍ර විය. නිර්මල විය. නිරවුල් විය.
............
සරස්වතී ගලින් ගලට පිය නගා ඔහු වෙතට ගොස් පිටුපසින් ඔහුගේ දෙඋර මත සිය දෑත් තබා පිටට කම්මුල ඔබා ගත්තාය.

'' නිශා''

නිශ්ශංක කතා නැතිව සෙල් රුවක් සේ එහෙමම සිටියේය. හිමින් හිමින් සෙනෙහසින් දෑත් පහළට අද්දාගෙන විත් බඳ වටා ඉදිරියට යවා ඔහු වැළඳ ගත් ඈ........

'' නිශා අර කිව්ව විදියට, මම ඔයාට ආදරෙයි නිශා... කොන්දේසි විරහිතව සදහටම ආදරෙයි... '' යනුවෙන් තෙපළාය.

සරස්වතී මානවඩුගේ ඒ අව්‍යජ වූ ද, ළයාන්විත වූ ද, කටහඬ ඉමක් කොණක් නොමැති ගමනක යෙදී සිටි සැඳෑ සුළඟ සමග මුසු විය.

-----------------------------ef----------------------------------

ඇහි පිය අගින් ගිලිහුණු කඳුලක් සතීගේ කතාවේ අවසන් පත් ඉරුව මතට වැටී බොඳ වී යයි. දහස් වරක් කියවූවද අවසන් තත්පර කිහිපයේ දී දැනෙන හද ගැස්මද, දෙනෙත තෙත් කරන කඳුලේ උණුසුමද වෙනසක් නොවන බව මම දනිමි. ජීවිත වන්දනාවෙන් සමුගන්නට ආසන්න ලියුකේමියා රෝගියෙක් බව දැන දැනත් සතී නිශ්ශංක වෙත සිය හදවතම පුද දෙන්නේ හුදු මානව දයාවෙන් පමණක්ම නොව සුවිශේෂ වූ ප්‍රේම‍යෙන් ඔහු වෙත බැඳී ඇති නිසාත් නොවේද? සතී... සැබවින්ම ඈ කවුද? කරුණාසේන ජයලත් සාහිත්‍ය උල්පතින් මතු වූ අපූර්ව යුවතියකි ඈ...

නමුදු සැබෑ ලොවේ දී මට හමුවූ ඈ.. ඇයත් සතී කෙනෙකි. ලෙයින් මසින් සැදි ජීවමාන යුවතියකි. ඈ මට හමු වූයේ සාහිත්‍ය පිටු අතර නොව මහරගම පිළිකා රෝහලේදීය.

''මහරගම පිළිකා රෝහල'' නම ඇසූ පමණින් තැති ගැන්මක් දැනේ. පසුගිය වසරේ ලොකු ආච්චී සමග දින කිහිපයක් එහි රැ‍ෙඳන්නට මට ද සිදු විය. රෝගියකුට උවටැන් කිරීම, නිදි මැරීම අපහසු කාරණා නොවේ. නමුදු මහරගම‍ රෝහලේ දී මේ සියලු කාරණා අති දුෂ්කර වන්නේය. එයිනුදු වඩාත් දුෂ්කරම කටයුත්ත වනුයේ රෝහල් වාට්ටුව තුළ හිඳ අහරක් බුදීමය. එනිසාවෙන් එහි නැවතී සිටි දිනවල යම්තමින් හෝ බත් කටක් කුසට දා ගන්නට මා තෝරා ගත්තේ ආපන ශාලාවයි. පස්වරු දෙක වන විට බොහෝ දුරට නිස්කලංක වන මේ ආපනශාලාව පිරිසිදුකම අතින්ද වරදක් කිව නොහැකිය. නහයෙන්, කටින්, බඩින් බට දමා  දියර ආහාර සිරුරු ගත කරවන රෝගීන්ගේ ඇස් හමුවේ බත් කටක් ගැනීමේ වරදකාරී හැඟීමෙන් මා මුදවන නිසා මේ ආපනශාලාව තරමක් හෝ හිතට සුවදායක විය.

මෙසේ ගිය විටකය ඈ මට හමු වූයේ.....

පොතක් දිග හැර පාඩම් කරන මුවාවෙන් ඈ නෙතින් ගලන කඳුළු සඟවා ගනිමින් සිටියාය. මා දිවා අහරද රැගෙන ඒ මේසයෙන් වාඩි වූයේ ඈ හඬන බව නොදැනය. බත් පත දිග හරිත්ම යුවතිය හිස ඔසවා මදෙස බැලුවාය. මද සිනාවක් මුවග රැඳිණි. නමුදු නෙතේ කඳුළු වියළී නැත.

'' නංගි ලෙඩෙක් බලන්නද ආවෙ..'' මම ඇසුවෙමි. ඇයගේ දුකට හවුල් වීමේ ක්ෂණික ඕනෑකමක් මසිත පිළිසිඳිණි. ඇය නිසැකවම සරසවි යුවතියක් විය යුතුය. කළු පැහැ හතරැස් බෑගය, බරසාර පොත් කිහිපය එයට සාක්ෂි සපයයි.

'' ඔව් අක්කෙ...''

'' මමත් අපේ ලොකු ආච්චි ළග ඉන්නෙ... 19 වාට්ටුවෙ...වාට්ටු‍වෙ ඉඳන් කන්න හිතන්නවත් බෑ නංගි... ඒකයි මෙහෙට ආවෙ....''

මොහොතක නිසලබවක්... ඈ මගේ දෙනෙතින් සිතට එබිකම් කළා වන්නට පුළුවන.

'' මගෙ ‍බෝයි ‍ෙෆ්‍රන්ඩ් ඉන්නෙ අක්කෙ.. 2007 ඔපරේෂන් එකක් කලා... හොඳට හිටිය. දැන් ආයෙම කැන්සර් එක මතු වෙලාලු...''

පිට පනින කඳුලක්.... මම බත් ඇට ගණන් කරමි. කන්නට පිරියක් වී නම් මේ කඳුල සමග ඒ පිරියද අතුරුදහන් විය.

'' ඔයා කැම්පස්ද නංගි''

'' ම්ම්ම්... ජපුර අන්තිම අවුරුද්ද අක්කෙ... මැනේජ්මන්ට් කරන්නෙ... ''

'' ඉතින් ලෙක්චර්ස් නැද්ද?''

'' උදේ තියෙන ඒවට ගිහින් දවල්ට හොස්පිට්ල් එනවා... දාල යන්න හිතෙන්නෑ... මෙහෙමම ඉඳල හැන්දෑවටත් බලලම යනවා...'' අසරණ සිනාවකින් ඈ මදෙස බලයි.

'' ඒ වාට්ටුවෙ නර්ස්ලා ඩොක්ටර්ස්ල දැන් මාව හොඳට දන්නවා... ඒ හින්දා හතර වෙද්දි වෝඩ් එකට ගියත් මොකුත් කියන්නෙ නැහැ. දවල්ටත් දෙක විතර වෙනකල් අයිය ළඟට වෙලා ඉඳල මම එන්නෙ..... කැම්පස් එකේ යාළුවො කවුරුවත් මේ ගැන දන්නෙ නෑ අක්කෙ.... ගෙදරිනුත් මට දැන් ප්‍රශ්න... අපි දෙන්න යාළු උණේ ඉස්කෝලෙ යන කාලෙමයි. අපි එකම ගමේ.. ඉතින් මේ වෙන හැමදේම අපේ ගෙදර අය දන්නවා....  එයාල කොහොමටවත් කැමති නැහැ අපේ සම්බන්ධෙට... ඒත් මං කොහොමද අක්කෙ අයියව නොබල ඉන්නේ.... මේ තත්වෙන් ඉද්දි මං කොහොමද එයාව අමතක කරල දාන්නෙ... මට පිස්සු වගේ අක්කෙ... කිසිම දෙයක් කරන්න හිතෙන්නෙ නෑ.....  ''           

ඈ ඉකි ගසයි. කඳුළු දෙපේළියක් කොපුල් තල හරහා ගලා යයි. මම බත් පාර්සලය අකුලමි. කියන්නට කිසිත් හිතට නැගෙන්නේ නැත. මම හෙමිහිට ඇගේ අතක් අල්ලා ගනිමි. කාලය ගෙවී යයි. ලොකු ආච්චිට කවා පොවා පැමිණ ඇති බැවින් දුවන්නට හදිසියක් ද නැත. ඈ දැන් කෙටි නින්දකට වැටී ඇතැයි මම සිතින් සිතමි. මොහොතකට පසු හිස ඔසවන ඈ.... මදහසක් නගයි.

'' අක්ක කෑවෙත් නෑ නේද? සොරි අක්කේ.... මට කියන්න කෙනෙක් නෑ හිතේම හිර කර ගෙන ඉන්නවා...ඔයාව තමයි අහුවුණේ හිතේ බර ටිකක් හරි හෑල්ලු කර ගන්න. ''  

'' ඒකට කමක් නෑ... දුක් ගන්නා රාළගෙ චරිතය මට හොඳට හුරුයි... '' මමද පෙරළා සිනාසෙමි. නැවත ඈ හඬවන්නට මට අවැසි නැත.

ඒ අපේ පළමු හමුවීමයි.

ඉන්පසු කිහිපවතාවක්ම මම ඇගේ පෙම්වතා බලන්නටද ගියෙමි. තට්ටය පෑදුණු හිස, ඉදිමුණු උදරය, අසරණ සිනාව.... කිසිදා මා මත‍කයෙන් දුරස් නොවේ. මා මහරගමින් සමුගෙන ආ දා ඈ මට දුන්සුදු බුදු රුවේ පින්තූරය තවමත් මා සන්තකයේ ඇත.

මෑතක් වන තුරුම අප අතර සබඳතාවය දුරකථනයේ පිහිටෙන් ගෙන ගියද කලබල උදෑසනක අහිමි කර ගත් දුරකථනයද සමග ඇගේ සබඳතාවයද ගිලිහී ඇතුවාක් මෙනි. වරින් වර කතා කළ අවස්ථාවල

'' අයිය ආයෙම හොස්පිට්ල් අක්කෙ....'' එසේ නොවේ නම්

'' අයියා මේ ටිකේ ගෙදර ගිහින් අක්කේ... දකින්නවත් විදියක් නෑ...'' ඈ පැවසූ බව මට මතකය. දැන් ඇගේ දුරකථන අංකය මා සන්තකයේ නැත. ඇයට මා අමතක වීද? එසේත් නැතිනම්?

-----------------------------ef-------------------------------

''සතීගේ කතාව'' සැබවින්ම මට හමු වූ සතී ගැන මතකය අළුත් කරවීය. ''සතීගේ කතාව'' කියවන්නට ඔබත් රිසි වෙතැයි සිතමි.

කර්තෘ                         - කරුණාසේන ජයලත්
පළමු මුද්‍රණය                 - 1977

( 1971 භීෂණ සමයේ කරුණාසේන ජයලත් ශූරීන් කැළණිය විශ්ව විද්‍යාලයේ රැඳවුම් කඳවුරේ සිරකරුවකු ලෙස සිටියදී සිත් හි පිළිසිඳ ගත් කතා පුවතකි මේ. )

තුන්වන මුද්‍රණය             - 2007
මිල                             - රු. 275/-
ප්‍රකාශනය                      - කණිෂ්ක ජයලත්
බෙදා හැරීම                 - සරසවි පොත් හල

Thursday, August 2, 2012

ලොව ඇයි දරුණු මෙතරම්...



කණමැදිරි එළිවත් නොදැල්වුණු
අමාවක ගණ කළුවරට
මග හසර කියමින් තරු ලකුණු
අහස් තලයේ පිබිදුණා....

ඒ මං ලකුණු දැක බිය වැදුණු
රුදු සිතැත්තන්ගේ හී තුඩින්
රතු එළි නිවී තරු කැට එකින් එක
මහ පොළව මත වැද සැඟවුණා

මුදු සුවඳ පිටමං කළ කළල් දිය
රළු කටුක දුඟදම හිස දරාගෙන
ඉරා මඩ සළු පිබිද විත්
සුදු නෙළුම් සුවඳින් හිනැහුණා

ඒ සුවඳ විඳිනට රිසි නොවූ සිත්
මත් බමර තුඩ අග විස ‍පොවා
නටු මතින් උදුරා සුදු නෙළුම්
විසුරුවා දිය යට සැඟවුවා

Wednesday, July 25, 2012

පුංචි අපට සතුටින් ජීවත් වෙන්න ඉඩ දෙන්න....




wdorKsh  wïud ;d;a;d we;=¿ jeäysá ieu fj;
yhy;rla fkdokak lsßimamfhd úÈhg wms fï f,daflg wdfj Thd, .ek úYajdih ;sh,hs' wfma msysg Thd,hs' wfma /ljrKh Thd,hs' wfma w;aje, Thd,hs' wms f,dalh olskafk Thd,f. weiaj,ska" wms f,dalh f;areï .kafk Thd,f.ka' fldákau wms Ôj;a fjkak bf.k .kafk Thd,f.ka'

ta;a ±ka wmg Thd,f. jeäysá f,dafl .ek mqÿudldr nhla ±fkkjd' yeu w;skau wmg wykak olskak ,efnkafk wmrdO" ñkSuereï" wms jf.a mqxÑ <uhskaj úkdY lrk yeá''' ±ka wms fldfyduo Thd,j úYAjdi lrkafk' wms yßu wirKhs lsh, wmg ysf;kjd' wehs mqxÑ wmsg fï jf.a ysßyer lrkafk''' msfmkak;a l<ska wehs fï wysxil u,a lel=¿ úkdY lr, odkafka''''

f,dl= whf. ys;aj, ;sfhkafk fudkjo lsh, wms okafk kE' wms thd,g <x fjkafk wdorh fydhd f.k' fudk ys;lskao wdorh fydhdf.k tk mqxÑ wmsj ;,," fm,, úkdY lr, odkafk' wms fldfyduo wkd.;hg uqyqK fokafk' mqxÑ ldf,u Thd, wfma ys;a ìhjeoaÿju" úlD;s l<du wkd.;fhÈ iudchg ffjr lrk" tfyu ke;akï iudchg nh fjk flfkla fkao ìys fjkafk'''

wdor wïfï" ;d;af;a fï kmqre f,dalfhka wmsj wdrlaId lr .kak' Thd,f. Pkaofhka n,hg m;a fjÉp wh;a" we;s yels wh;a wo mqxÑ wfma Ôú; fi,a,ug wrf.k'''' wfmau wïu," ;d;a;," wdÉÑ," iSh," kekao, udu," whsh, wlal, wfma Ôú; úkdY lrkjd' tfyu;a ke;akï úkdY fjkak wer, n,d f.k bkakjd''''
wms ldreKslj b,a,kafk Thd,f. Pkaoh hym;a ldreKsl kekao," udu,g ú;rlau fokak' ñksialï fkdokakd kmqre ñksiqka w;g n,h fokak tmd'''' mqxÑ wms fjkqfjka" wfma wkd.;h fjkqfjka Pkaoh fokak l<ska fojrla ys;kak' fyd¢ka ys;kak wdor wïfï ;d;af;a'

biair wfma uq;=kañ;af;d we,afuka wl=re bf.k .kak lsõfj bÈßh .ek ys;,' ta;a wmsg biaflda,hla fydhd .kak wïu, ;d;a;, ú¢k ÿl wms olskjd' biafldaf, .shdg miafi bf.k .kak ;sfhk ;rfÕ ksid mqxÑ wms fyïn;a fj,d'''' wfka wmg ksoyfia i;=áka bf.k .kak mq¿jka jgmsgdjla yo, fokjkï fldhs ;rï fyd||@

fvx.= jix.;hla fj,d' wms jf.a mqqxÑ <uhs f.dvla fvx.= frda.h ksid ñh .shd' ñh hñka bkakjd' Thd, w~d je<fmkjd' ta;a mßirh fvx.= uÿrejkag rc oykla lf<a Thd,u fkao@ ÈhqKqj" ixj¾Okh lshñka mßirh úkdY lrkjd' bÈßfhÈ wmsg uefrkak fjkafk kula j;a okafk ke;s f,v yodf.khs''''

wms à'ù' tfla olskjd''' wïu flfkla fndfydu wdofrka thdf. orejkaj ;=re¿ lrf.k fldldflda,d fndkak fokjd' fldldflda,d ji¨' fï jf.a f.dvla lD;su lEu cd;s fkd±kqj;au wmsj f,âvq lrkj¨' wfka wïfu fïjd fkd±ko Thd, wmsg fï jf.a lEu cd;s wrka fokafk''' wms ys;kafk Thd, yeufoau lrkafk wdof¾ yskao lsh,hs" wmsj /l .kak lsh,hs'''' ta;a wdor wïfï ;d;af;a wdof¾ ksid Thd, lkak fndkak fok foaj,a wfma Ôú; úkdY lrkjd lsh, Thd, okakjo@

wfma rg blauKska ÈhqKq jk nj fmakjd' <ÕÈu wfma rg wdishdfõ ftYap¾hh fõ¨''' ta;a .yfld," we, fod," mßirh úkdY lrkafk ke;sj ixj¾Okh lrkak neßo@ wms mßirh úkdY lrk ksid fkao ±ka ±ka wmg jeä jeäfhka iajNdúl úm;a;sj,g uqyqK fokak fj,d ;sfhkafka'''' fï mqxÑ rg fldkal`%SÜ ;Ügqj,ska msfrõju wmsg Ôj;a fjkak msßisÿ yqiau fmdola" isys,a fyjKla" msßisÿ Èh ì|la b;sß fõúo@ wms fjkqfjka lrkak ´k f,dl=u foa ;uhs mßirh /l .kak tl' wms ÈhqKqj lrd hkak ´k''' wfma .=KO¾u /lf.k" wfma mßirh /lf.k''' mqxÑ wmg kï ysf;kafka tfyuhs'''' tfyu ke;akï wms yefudau úkdY fõú'''''

Thd, mqxÑ wms .ek ys;kjkï fï wfma uõìu wmrdO" fydruer" ¥IK" jxpdjka msreKq wmdhla lrkak tmd' f,dalh;a tlal bÈßhg hkak kï wms ÈhqKq fjkak ´k' ta;a ta tlalu wms fyd| .=Koyï /l .kak;a ´k''' fï rg iqkaor ;ekla fjkafk t;fldghs'

ohdnr jeäysáhks" mqxÑ wmsj oEi jf.a /l .kak' wms fjkqfjka wfma uõìu;a /l fokak' fï wfma wdhdpkhhs'

,laìfï ish¨u ¥ orejka fjkqfjka
Y%S ,xld <ud l%shdldÍ ùrfhda jHdmdrfha orefjda

^ miq.sh cQ,s 21 jk od mej;s md .ufka§ fnod yßkakg  ks¾udKh l< fï m;  %sldj uu ghsma lr, ;snqfK t*a tï wl=rej,ska'' subasa.lk j,ska hqksfldaâj,g mßj¾;kh lr .;af;a'' uf.a jEhu id¾:lo lsh, Thd, ;uhs ug lshkak ´k''' &

Monday, July 23, 2012

අති සුන්දර සත්‍ය කතා




පොතේ නම           :- '' එය මෙසේ සිදු විය''
කර්තෘ                   :- සමන් අතාවුදහෙට්ටි
මිල                       :- රු. 280.00
ප්‍රකාශනය              :- කිංකිණි ක්‍රියේෂන්ස්



පසුගිය දවස් කිහිපයේ කියවන්නට ලැබුණු තවත් අපූරු පොතක් ගැන තොරතුරු ඔබ හමුවේ දිග හරින්නටයි මේ සූදානම. සමන් අතාවුදහෙට්ටි කියන්නෙ අපිට නුහුරු නුපුරුදු පුද්ගලයෙක් නෙවෙයිනෙ.. අපි පුංචි කාලෙ ළගන්නාසුළු හඬකින් පුංචි තිරයේ නිවේදන කටයුතු කළ මෙතුමා අමතක නොවන පුද්ගලයෙක් උණේ දිගු කොණ්ඩයත්, රැවුලත් නිසා බව නොරහසක්...

ටයි මාමා‍ හඬ කැවූ බොහෝ නිර්මාණවල මේ නිවේදකයා මවන චරිතය වෙන් කර හඳුනා ගත හැකි තරමට ඒ කටහඬ අපට සමීපයි.... ඔෂීන් නැවත බලද්දි රූසෝට ජීවය කැව්වේ අන් කිසිවකු නොව සමන්  අතාවුදහෙට්ටිම බව පසක් වෙනවා...

පසුකාලීනව ඔහු මට හමුවු‍ණේ සුනේත්‍රා රාජකරුණානායක සමග ලියූ හෘද සූත්‍රය තුළින්... හෘද සූත්‍රයේ කාන්තා පාර්ශවයේ හදගැස්ම සුනේත්‍රාගේ රචනා ශෛලියෙන් ලියවෙද්දී, පුරුෂ පාර්ශවය නියෝජනය වුණේ සමන් අතාවුදහෙට්ටිගෙන්.... අමුතු සිත්ගන්නා කතාවක් ....

අද ඔබට හඳුන්වා දෙන්නට යන '' එය මෙසේ සිදු විය'' කෘතිය පුවත්පත් කොලමක් සඳහා ලියූ ලිපි පෙළක්... 1994 දෙසැම්බර් මස සිට ඉරිදා දිවයිනේ ක්‍රීඩා පිටුවේ පළ වී ඇති මෙම ලිපි පෙළ පසුකාලීනව ක්‍රීඩාවට පමණක් සීමා නොවී කලාව, සාහිත්‍යය, රූපවාහිනිය, දේශපාලනය වැනි විවිධ ක්ෂේත්‍රවලට යොමු වූ බවයි පෙරවදනේ සඳහන් වෙන්නේ.. ක්‍රීඩා පිටුවෙන් මීවිත අතිරේකයට පැමිණ ලැගුම් ගත් කොලම බොහෝ දෙනෙකුගේ ඉල්ලීම නිසා දැන්  පොතක් ලෙස එළිදැක්වී තියෙනවා...

අපි හැමෝම පුංචි කාලෙ ආශාවෙන් ගායනා කළ ''මේ ගසේ බොහෝ'' ගීතයේ ඉතිහාස කතාව මුල්ම ලිපි කිහිපයෙන් දැන ගන්න පුළුවන්... ගීතයේ සැබෑ නිර්මාණකරුවන් කවුද  අකෘතඥ සමාජය ඔවුන්ට කෘතගුණ දැක්වූයේ කෙලෙසද යන්න මෙහි කියවෙනවා...

සුගතදාස ක්‍රීඩාංගණයේ පැවති ක්‍රීඩා උළෙලකට රෝද තු‍නේ වාහනයෙන් පැමිණි ක්‍රීඩා ඇමතුතුමෙක් ගැනත් සඳහන්. වර්තමානයට අභියෝගයක් වන තරම් මහත්මා ගති ඇති දේශපාලඥයන් එදවස සිටි බවට නිදසුන් වන ලිපි කිහිපයක්ම ඇතුළත්.....

ටයි මාමා ගැන අපූරු තොරතුරු කිහිපයකුත් දැන  ගත හැකියි...

ගුණදාස කපුගේ මහත්මා ගායනා කළ ''කවුරුත් එන්නැති කවුරුත් දන්නැති මල් පෙති ඉහිරුණු මල් පාරේ '' ගීතය නිර්මාණය වුණු හැටි දැන ගන්න ආසද? එහෙමනම් පොත කියවන්නම වෙනවා...

ජපානය කියන්නෙ මගේ සිහින දේශයනෙ... ජපන් හයිකු කවියටත් මම හරිම ආදරෙයි... මේ පොතෙන් තමයි මම දැන ගත්තෙ හයිකු කවිය මුලින්ම ලංකාවට හඳුන්වා දුන්නේ බණ්ඩාර කේ විජේතුංගයන් බව.. මේ ඔහු ලියූ හයිකු කවියක්ලු..

'' මමයි දුම්රිය
ඇයි ඔබ පිපුණේ
රේල් පීලි මත ''

අපූරුයි නේද?

එපමණක් නොවේ... බණ්ඩාර කේ විජේතුංගයන් බොහෝ චිත්‍රපට සඳහා අමරණීය  තේමා පාඨයන් නිර්මාණය කළාලු...............

අභිමාන් සඳහා ඔහු ලියූ තේමා පාඨය මෙන්න....
'' ඔබත් මමත් එක් කළේද සංගීතයයි.... ඔබත් මමත් වෙන් කළේද සංගීතයයි..."


කලා ලොවේ, ක්‍රීඩා ලොවේ, දේශපාලනයේ අපූරු චරිත සත්‍ය සිදුවීම් පිළිබඳව රසවත්ව ලියැවී ඇති, එක හුස්මට කියවන්න ආස හිතෙන අපූරු පොතක් තමයි '' එය මෙසේ සිදු විය.'' වැඩි විස්තර කියන්නෙ නෑ මම... පොත හොයාගෙන කියවලම බලන්නකෝ...





මේ තියෙන්නෙ කියවන්න ආශාවෙන් ඉන්න, තාමත් කියවන්න නොලැබුණු සමන්ගේ අළුත්ම පොත... 









විශේෂ ස්තූතිය - පොතේ හිමිකරු බෝධි අයියාට සහ තමන්ගේ ස්වාමියාගේ පොත් කිසිම ඇහිල්ලක් බැලිල්ලක් නැතිව මට කියවන්න ගෙනත් දෙන ආදරණීය මිතුරිය දිනූ ට....

Friday, July 20, 2012

දෙවි දේවතාවුන් වැනි මිනිසුන් මැද ( 02)


'' අර ඇවිත් ඉන්න ආමි එකේ ළමයි ආබාධිත ළමයි හාමිනේ.. මේ යුද්දෙ අස්සෙ ආබාධිත ළමයිව තමයි ගොඩක් වෙලාවට මළගෙවල්වලට එවන්නේ. තරුණ ජීවිතවලට යන කලක්. මේ යුද්දෙ කවදා ඉවර වේවිද? ''

පසුදා උදෑසන පිල මත වාඩි වී තේ බොන ගමන් අප්පච්චී කී කතාවට ගිනි ඇවිළුණේ මලිතිගේ අහිංසක පපුවේය. සුදු අක්කාගේ අයියා කොයි තරම් හොඳඳ? ඔහු මිහිමත වැඩි දෙවියෙක් වන් මිනිසෙකි.  ඒත් ඒ යහපත් මිනිසාද යුද්ධය විසින් බිලිගෙන තිබිණි. කතා කරන දෑස හිමි වන්නේ ආබාධිත සොල්දාදුවකුටද? දෙනෙත තෙත් වූයේ ඇයටත් නොදැනීමය.

'' අන්කල් අපි මෙහෙ ළි‍දෙන් නා ගත්තට කමක් නැහැ නේද?'' 

ඉදිරි මිදුල දෙසින් කටහඬවල් කිහිපයක් එක වර නැගී ආවේය. ඒ අතර අප්පච්චී ඇමතු හඬ ඔහුගේය. නිසැකවම ඔහුගේය. මලිති හෙමිහිට කවුළුව අද්දරට ඇදුණාය.

'' ඕකත් අහන්න දෙයක්ද මහත්‍තයො. '' ඒ අප්පච්චීගේ කටහඬය.

කතා කරන දෑසද නිවස දෙසට එමින් සිටියේය. ඒ විමසිලිමත් දෑස සීරුවෙන් යමක් සොයන්නාක් මෙන් දැනේ. ඔහුගේ ගමන් විලාසයෙහි අමුත්තක් ඇත. කොර ගසන අයුරක් දිස් වේ. ඈ මුවට සුසුමක් නැගිණි. හිත ඉඳිකටුවකින් පාරන්නාක් මෙනි.  


'' ලොක්කියේ මේ මහත්තයලට තුවායක් සබන් කෑල්ලක් දුන්නොත් හොඳ නොවැ''

...... අයියෝ මේ අප්පච්චිත් කියන කතා... ඒ මහත්තයල ඉස්සරහ ලොක්කි කිව්වනේ... වස ලැජ්ජාව... මලිති සිතින් ‍මිමිණුවාය. කරන්නට දෙයක් නැත. අඩුමකුඩුම ළිඳ ළඟට යවන්නට මල්ලීද නැත. අම්මා කුස්සියේ වැඩකය. කපුරු සුවඳ රැඳුණු අළුත් තුවායක් අල්මාරියෙන් ගත් මලිති සුවඳ සබන් පෙට්ටියද ගෙන ළිඳ වෙතට ඇදුණාය.

'' අන්න මචංලා ලොක්කි එනවා.  අන්කල්ගෙ ඇස් පේන්නෙ නැද්ද මන්ද? මේ ස්වීට් ගර්ල්ට ලොක්කි කිව්වේ..." 

කටකාර තරුණයාගේ කතාවට අවටින් මහ සිනා හඬක් නැගිණි. මලිති විලියෙන් හැකිළුණාය. කඳුලක් ඔන්න මෙන්න ඇහි පිය යටය. ඇය සබන් පෙට්ටියත්, තුවායත් ළිං බැම්ම මත තබා ආපසු හැරුණාය. මෙන්න ඈ ඉදිරියේ කතා කරන ඇස් දෙක...

" චුට්ටක් මූණ බලල ගියාට ඇස් දෙක ගෙවෙන එකක් නෑ.." 

අත් දෙක බැඳගෙන ඔහු උන්නේ නිවසට යන අඩි පාර හරි මැද හිටගෙනය. දෑසේ වූ හැඟීම් කෙබඳු දැයි වටහා ගත නොහැකිව මලිති මදක් විපිළිසර වූවාය. ඉනික්බිති අඩි පාර මග හැර නිදිකුම්බා පඳුරක් නිදි ගන්වමින් ඈ නිවස වෙතට දිව ගියාය.

දවස ගෙවී ගියේ නිරන්තරේ සිය නෙත් හා ඇමිණෙන නෙත් හී සර පහරින් හදවත දෙදරමින් තිබියදී ය.

'' නම නලින්ලු... රිවිරැස මෙහෙයුමේදි වෙඩි වැදිලා... මැරිල කියලයි හිතල තියෙන්නේ.. ඒත් මිනී ගොඩට ඇදල දාන්න යද්දි කෙඳිරි ගෑවුණ නිසාලු බේරිලා තියෙන්නෙ. අවුරුද්දකට වඩා එක තැන හිටියලු. දැන් කකුලක් කොටලු..''

මලිති වෙනුවෙන් රහස් ඔත්තු සේවයේ යෙදුණේ ඇගේ හොඳම මිතුරිය සුබාය.

'' පව්...... මලිති....  ඒ වගේ කොල්ලෙක්ට ආදරේ කරන එක පිනක්... '' සුබා අවසන් නිගමනය දුන්නාය.

'' පිස්සුය ඔයාට... දැක්ක දුටු පලියට ආදරේ කරන්න පුළුවන්ද?'' 

මුවින් එසේ පැවසුවද ඒ කතා කරන දෑස සදා සන්තකයට ගන්නට තරම් සිතුවිල්ලක් මලිතිගේ සිතේ පැලපදියම් වී තිබිණි.

-----------------------------------------ef-------------------------------------------

රෑ මැදියමත් පසු විය. සුදු අක්කාට තම සැමියා අසලින් සිටින්නට ලැබෙන අවසන් රැය මියැදෙමින් තිබිණි.  අම්මා නැවත කෝපි වටයක් යවන්නට සූදානම් වෙමින් සිටියාය.

'' මේ.............. අන්න අර අයිය ඔයාට ටිකක් කතා කරන්නලු...'' මලිතිව ගෙමිදුලට ඇදගෙන ගිය සුබා රහසින් කොඳුලාය.

'' කවුරු'' මලිතිගේ දෑස් නළලේය.

'' අර උඹේ කතා කරන ඇස් දෙක'' සුබා කිව්වේ මලිතිගේ අත කොනිත්තමිනි. දෙදෙනාගේම ඇස් මද 
අඳුරේ තරු කැට සේ දැල්විණි. මලිතිගේ හිත ගැහෙයි. සතුටද බියද ඇයට නොවැටහේ.

'' කොහෙද''

'' පිටිපස්සෙ කෝපි ගහ ළඟ''

මලිති සුබාද අතින් අල්ලාගෙන කෝපි ගස දෙසට සෙමින් ඇවිද ගියාය. සරදමක් නොවේ. කතා කරන ඇස් දෙක කෝපි මල් අතරින් දිලිසිණි. සිනා මුව කෝපි මල් පොකුරක් පරදන්නේ යැයි මලිතිට සිතිණි.

'' හවුලෙ ලව් කරන්න බෑ... කතා කරල වරෙං.. මම ඈතින් ඉන්නම්..''

එකවරම මලිතිගෙන් සිය අත මුදා ගත් සුබා ආපසු හැරී දිව ගියාය.

'' අනේ සුබා'' මලිතිට කෑ ගැහෙන්නට ගිය තරම්ය. ඇය සුරතින් මුව වසා ගත්තාය. යම්දෝ නොයම්දෝ සිත ගැහේ.

'' බයවෙන්න එපා නංගි.. ටිකක් කතා කරන්න ඕනෙ.."

කිසිවක් සිතන්නටත් පෙරම මලිතිගේ අතක් රළු ග්‍රහණයකට මැදි වී තිබිණි. උණුසුම් හුස්මක් ඇගේ ගෙලේ දැවටිණි. ඉන් නැගී ආයේ සැර දුඟඳකි. මලිති වහා ආපසු හැරුණාය. කතා කරන දෑසේ කැල්ම වෙනුවට ඈ දුටුයේ රත් පැහැ ගත් මත් වූ දෑසකි.

" අනේ අයියෙ මගේ අත අතාරින්න'' ඈ කෙඳිරුවාය. ගමේ කාගෙත් හොඳ හිත දිනූ ලොකු දූ ය ඈ... ඉදින් කෑ ගසා පෙරළි කරන්නටද බැරිය.

'' අනේ අයියේ'' ........................ මලිති යළි ආයාචනා කළාය.

'' බයවෙන්න එපා...'' ඒ කෑදර හඬකි. මලිති වෙව්ලා ගියාය. ඔහු උත්සාහ කළේ ඈ වැළඳ ගන්නටය. මලිතිට දැණුනේ වමනයට එන තරම් අප්‍රසන්න බවකි.

'' අතාරිනවා මාව '' 

ඈ කෑ ගැසුවාය. නමුදු ග්‍රහණය තව තවත් දැඩි විය. තව දුරටත් කතා කරන කාන්තිමත් දෑසක් නොවීය. තෘෂ්ණාවෙන්, ආශාවෙන්, නොඉවසිල්ලෙන් බර වු දෑස දකින්නට අප්‍රියය. මලිති දෑතම ඔහුගේ පපුවට තද කර හැකි වෙර යොදා පසෙකට තල්ලු කළාය. ආබාධිත කකුලටත් වඩා  වාරු නැති වූයේ මත්පැනින් ආබාධිතව පැවති සිහිකල්පනාවට වන්නට පුළුවන. කපා හෙළු ගසක් මෙන් කෝපි ගසේ අතු කිහිපයක් කඩා ගෙන බිම වැටුණේ ඔහුය. ඒ තරම්ම වේගයෙන් කඩා වැටුණේ මලිතිගේ හිතය.

බිඳී වැටුණු කෝපි මල් අහුරක් මලිතිගේ පයට පෑගිණි.

ඊයක් මෙන් තමා අසලින් ඇදී ගිය මලිති දැක විස්මපත් වූ සුබා ද ඈ පසුපස දුව ගියාය. වැට කඩුල්ලත් පැන නිවසට දුව ගිය මලිති නැවතුණේ තම කුටියේය. සුබා ඈ සොයා එන විට මලිති කොට්ටයේ මුහුණ ‍හො‍වාගෙන හඬා වැටෙමින් සිටියාය. ඉකිගසන වේගයට දෙවුරද පිටද සෙලවේ. නමුදු මලිති නිසලය.

'' මලිති... මොකද උණේ ... කියපන්කො.. අනේ කෙල්ලෙ අඬන්නෙ නැතිව කියපන්කො... ''
සුබාගේ සිතටද බියක් දැ‍නේ. කුමක් සිදු වූවාද? තමා ඇයව කරදරයක පැටලෙව්වද?

'' අනේ මලිති කියන්නකෝ...'' මලිතිව දෙවුරෙන් අල්ලා තමා වෙතට හරවා ගත් සුබා නැවතද ඇසුවාය. බියපත් මුහුණ කඳුලින් නෑවී ඇත. මලිති සුබාගේ අත් දෙකම වැරෙන් අල්ලා ගත්තාය.

'' හැමෝම සුදු අක්කගෙ අයිය වගේ සාන්තුවරු නෙමෙයි කෙල්ලේ....'' 

ඉකිබිඳුම් අතරින් එසේ කියූ මලිති සුබාගෙ උරහිසේ මුහුණ හොවා නැවතද වැළපෙන්නට වූවාය.

 - නිමි - 

( ඔන්න බ්ලොග් එක වෙනුවෙන් ලියූ මුල්ම කෙටි කතාව නිමි. බ්ලොග් ලියන්නෙත්, බලන්නෙත් කාර්ය බහුල අය නිසා මට හිතෙනවා ප්‍රබල අත්දැකීම් කෙටියෙන්, ඒත් වඩා සිත් ගන්නා විදියට ලියන එක තමයි බ්ලොග් ලෝකෙට ගැළපෙන්නෙ කියල. මේ කතාව නම් දිගු වුණා වැඩියි වගේ.... )