කුටුම්බයක
පාමුල
පණ ගැහෙන
සමනල් ආත්මයකි..
මල් වඩම්
අනවැසිය
ශෝක ගී
අනවැසිය
ලියා ඇත
කවියෙන්ම...
''සිඳගතිමි ගෙල සියතින්ම මම
පණ ගැහෙන කවි
සිතට
පැන් වඩනු මිස
පැන් ඉසිනු
නොමැනවි... ''
කඳුලත් ඉකි බිඳියි...
සුසුමත් හද දවයි...
පැන් වඩන්නට
නොව
පැන් ඉසින්නට ම
ආයෙමි..
ඉසිවර හදක තෙත
මිස
කවි චිතක
දල්වන
සුසුම් ගිනි
නැත මා සතුව...
''සමනලයෝ ඇසෙන්නෙද
මෙය
ඔබට
නොදෙමි කිසි දින
මම
මගේ හිත නම් කිසිවකුට
සින්නක්කර
අයිතියට...''
2013.07.18
කවියට කවියෙන් පිළිතුරක් ගොතන්නට
ReplyDeleteපැකිලෙමින් දගකරන ඇගිලිතුඩු තදරකරන්
වෙර යොදා හිරකරන් ගැහෙන සිත මගේ
වඩන්න පැන් පොදක් පැමිණියොත් හැකි වෙද මෙසේ
හැකිය... හැකිය... පැන් ඉසින අය තමයි දැන් වැඩි වැඩියෙන් අවැසි...
Deleteයන්තන් ගැටගහගත්ත කොහෙද ඉතින් අපිට පුරුද්දක් තියෙනවයෑ කවි ලියල.
Delete"මම ද වෛර කරනා මට
ReplyDeleteමගේ කීම නොඅසාම
සෙනෙහසේ ඇඟිලි තුඩගින්
පැන් බිඳක් ඉසින්නට
කිසිවෙකු එනතුරා
මගේ පණ ගැහෙන" බව
සමනලයා නොකිව් බව
දැනුනේද නුඹ සිතට...
නොහැගුණි එය සැබවින්ම
Deleteපහදන තුරා ඔබ...
සමනලයා මිය ගිය ද ආත්මය නොමිය යයි....
ReplyDeleteමංමුලාවු සමනළියකගෙනි පාර අසා තිබුනේ.............
ReplyDelete// ''සමනලයෝ ඇසෙන්නෙද මෙය
ReplyDeleteඔබට
නොදෙමි කිසි දින මම
මගේ හිත නම් කිසිවකුට
සින්නක්කර අයිතියට...''//
සමනලයෝ ඇහුනාද??
සමනලායා සංකල්ප රූපයක් කර තබා මේ පවසන්නේ අපේ සරල මතුපිට ජීවිත නේද? හැබැයි කවි සිතින් එබිල බැලුවාම ජීවිතය අදාරය මහා සංකීර්ණයි.
ReplyDelete