චිත්‍රපටයක්
විඳින්න නම් සන්සුන්
මනසක් තියෙන්න ඕන.. එහෙම නැත්නම් සිතුවිලි සන්සුන් කර ඇද බැඳ තබා ගැනීමේ හැකියාවක් චිත්‍රපටයට තියෙන්න
ඕන... මම හරිද මන්දා මට එහෙම හිතෙනවා...
ඒ වගේම චිත්‍රපටයක්
ගැන තරමක් වත් සමබර සටහනක් ලියන්න නම් ඒ චිත්‍රපටය අවමයෙන් තුන් වතාවක්වත් නරඹන්න ඕන
කියලත් මට හිතෙනවා... ඒ සිතුවිල්ලට සාධාරණයක් නොකර, නැරඹු චිත්‍රපටයට අල්පමාත්‍ර
වූ සාධාරණයක්වත් ඉෂ්ට කරන්නයි මේ හදන්නෙ.
දුම්රිය
වර්ජනය පැවති මුල් දවසේ දුෂ්කර ක්‍රියා කරගෙන බස් එකෙන් වැඩට ගියත්, දෙවෙනි දවසේ
එහෙම යන්න හිතක් තිබුණෙ නැහැ. නිස්කලංකේ ඉන්න
ගමන් මිතුරියකට කතා කළා.
‘‘නිකිණි
වැස්ස බලමුද?”
‘‘හවස නම්
බෑ.. උදේ වරුවෙ බලනව නම් එන්නං..”
කතිකා කර ගත් විදියට, මගේ තියන නරක පුරුද්දට මං
වෙලාවටත් කළින් රත්නාවලිය ඉදිරිපිට..... මිතුරිය එන තෙක් පොතක් දිග හැර ගත්තා.
චිත්‍රපටය පටන් ගන්නයි හදන්නෙ. ඇය නැහැ..... මං ආස නැහැ මග හැරෙනවට ආරම්භක නාද රටාවේ
ස්වරයක්වත්... ඒ නිසයි තනියෙන් ඇතුළට ගියේ. ඒත් මොන නිකිණි වැස්සද? හිත පුරා අකුණු
පිපිරෙනවා බයට.... කට්ට කළුවරේ.. මං ආයෙමත් නැගිටල එළියට ආවා.
නිකිණි වැස්ස... ‘‘ මහ පොළවට අහිමි වැහි බින්දු” එයයි
තේමා පාඨය...
නැවත යෙහෙළියත් එක්කම ඇතුළට යද්දි සෝමලතාගෙ තාත්තගෙ
චිතකය දැල්වෙනවා. චිත්‍රපටයේ ප්‍රධාන චරිත සියල්ලම පාහේ අපට මුණ ගැහෙනවා මේ සොහොන්
බිමේදි. ඒ චරිත එක්ක සෝමලතාගෙ ගණුදෙනුව කුමන ආකාර එකක්ද යන්න ගැනත් ඉඟි
සැපයෙනවා....
සෝමලතා ධෛර්ය සම්පන්න ගැහැණියක්. පියාගේ ඇවෑමෙන් ඇය මල්
ශාලාවේ සියලු කටයුතු භාර ගන්නවා. මළ මිනිසුන්ට ඇඳුම් මහන්න, මළමිනී සරසන්න විතරක්
නෙවෙයි ඇයට මිනී කපන්නත් පුළුවන්... මළමිනී එක්ක හැප්පෙනවා වගේම පණ පිටින් ඉන්න
මනුස්සකම මියගිය නොමිනිසුන් එක්ක අරගල කරන්නත් ඇයට පුළුවන්...
යකඩ ගැහැණියක් වගේ
පෙණුනට ඇය සංවේදී ගැහැණියක්... ලෝකයත් එක්ක අරගල කරන අතරම තමන්ගේ හුදකලාව එක්කත්
අරගල කරන ගැහැණියක්..
නමුත් පුරුෂ මූලික වූ ව්‍යාපාර ලෝකයක ඇයට ඇයගේ සිහින
සැබෑ කර ගන්න හැකි වන්නේ නැහැ. ඇයට සිදු වන්නේ ජීවිතයෙන් වන්දි ගෙවන්න.
ඒ අතරම යුද්ධය, අලි මිනිස් ගැටුම, දුප්පත්කම... මෙවැනි සදාතනික
අරගලවල ගොදුරු වූ මිනිසුන් ගැනද නිකිණි වැස්ස යම් තරමක කතිකාවතක් ඇති කරනවා.
චිත්‍රපටය පුරාම පැතිරිලා තිබුණෙ දුඹුරු පැහැයට හුරු වූ
අඳුරක්. එයින් මැවෙන්නෙ කාෂ්ඨක ගතියක්. නිකිණි මාසෙ පුරා වේලිලා කරංගෑටි වෙලා යන වට
පිටාව වගේම හැම රූප රාමුවක්ම වියළි බවක් දනවනවා. හරියටම චිත්‍රපටය පුරා ඉන්න
මිනිසුන්ගේ ජීවිත වගේම. මේ කාෂ්ඨක මහ පොළවට වැස්සක් වෙලා වැටෙන්න සෝමලතා උත්සාහ
කළත් ඇය පරාද වෙනවා. මහ පොළවට වැහි බින්දු අහිමි වෙන්නෙ එහෙම.
සියලුම චරිත නිරූපණයන් වැස්සක් ම යි, නිකිණි මහ ගෙවෙන
සිංහල සිනමාවට... පියසිරිට පණ පොවන ජගත්, සෝමලතා නම් දිරිය ගැහැණිය වන චාන්දනී...
කැරපොත්තන්ටත් බය ගෘහ නිර්මාණ ශිල්පියා බිමල්... ආබාධිත සොල්දාදුවා තුමිදු.. අනෙක්
චරිතත් සිනමා නිර්මාණයට සාධාරණය ඉටු කරනවා.
සංගීතය නදීක ගුරුගේ.. නමුත් ඇත්තටම චිත්‍රපටයේ සංගීතය ගැන
අදහසක් කියන්න නම් ආයෙම චිත්‍රපටය බලන්නම වෙනවා. නොදැනුවත්වම මගේ කල්පනාවෙන් චිත්‍රපටයේ
සංගීතය ගිළිහිලා ගිහින්.
මගේ සීමිත සිනමා අත්දැකීම් අනුව වගේම, මගේ චිත්‍රපට රස
වින්දනයට අනුවත් නිකිණි වැස්ස හොඳ චිත්‍රපටයක් බවයි මට හැගෙන්නෙ.
නමුත් සෝමලතාට වගේම නිකිණි වැස්සටත් අරගලයක් කරන්න සිද්ධ
වෙලා තියෙන බවකුයි පෙනෙන්නේ.. සිරි පැරකුම් සිරියෙන් සිනමා ශාලා වැසී යද්දි මහ
පොළවට අහිමි වැහි බින්දු අඩු තරමේ අහස් ඉමේවත් රැක ගන්න.
දුම්රිය වර්ජනය අස්සේ ප්‍රයෝජනවත් වැඩක් කරගෙන
ReplyDeleteඇත්තමයි.. එදා නිස්කලංකෙ හිටියා.. පොත් කියෙව්වා.. ලිව්වා... දවසේ නිදහසින් වැඩක් ගත්තා..
Deleteතවත් කවුරු හරි ලියල තිබුන චිත්‍රපටය පුරා දුඹුරු පැහැයක් ගන්නව කියල.
ReplyDeleteකොහොමත් අද කලාත්මක නිර්මාන කරුවන්ට තැනක් නැහැ.
රාජ්‍ය අනුග්‍රහය ලබන නලා කරුවන්ට තමයි තැන.
වරද තියෙන්නෙ ඒකෙන් අනික් හොද නිර්මාණ යටපත් වෙන එක... ඒක හරිම අපරාධයක්...
Deleteමමත් බලන්නම් කෝ. ස්තුති යි විස්තරයට.
ReplyDeleteබලන්න.. හොද චිත්‍රපටියක්...
Deleteඌට පිස්සූ නිකිනි වැස්සක් හදාගෙන අඬන්නේ, ඔය සෙට් එකම දාලා අමුඩ ටිකකුයි තනපට ටිකකුයි අන්දලා, දුටුගැමුණු කරානම්. ඌත් පොරක්.. නියම කළාකරුවෙක්.. හැබයි සින්දු, පයිට්, තියෙන්න ඕන. එළාර මරලා, මොළේ අයින් කරලා, කරේ තියාගෙන යන්නත් ඕන. නැත්නම්, දුවන්නේ නෑ..
ReplyDeleteඅපේ ජනාධිපත් තුමාම එයි ලාම්පුව පත්තු කරන්න. එතකොට අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් පාසල් ළමුන්ට අනිවාර්ය කරයි. දොස්තර මහත්තයා ගොඩ. ඒකත් ඉතින් එම්බාම් ගැන ෆිල්ම් එකක් වෙනවනේ..
ඇත්තම තමයි අයියේ... මේක තමයි අද දරා ගන්න බැරි තිත්ත ඇත්ත...
Deleteළඟදි බලන්න ලැබෙන එකක් නෑ... මේ ෆිල්ම් එකේ චාන්දනීගේ රඟපෑම විශිෂ්ටයි කියලා මම පත්තරේක කියෙව්වා. සෝමේ අයියා නම් අපරාදෙ කියන්න බෑ ලබන මාසේ පැරකුම් අරං මේ පැත්තෙත් එනවා.
ReplyDeleteඑහෙමද? අපරාදෙ කියන්න බෑ ලංකාව පුරාමත් යනවා....
Deleteචාන්දනී වගෙම් ජගත් මනුවර්ණගෙ රගපෑමත් ඉහළයි. මට හිතෙන්නෙ අපට ඉන්න දක්ෂම තරුණ නළුවෙක් ජගත්...
මමත් අනුමාන කලා නිකිණි වැස්ස හොඳ ඇති කියලා . තරු හොඳයි කියනවානම් එය එසේම විය යුතුයි .
ReplyDeleteමං ගැන තියල තියෙන විශ්වාසයට ස්තුතියි ගිම්.. හැබැයි මං පොත් කියවන තරං චිත්‍රපටි බලන්නෙ නම් නැහැ.... ඒකට හේතුව යන්න තනියට කෙනෙක් නැති එක... චිත්‍රපටි හෝල් එකක් ඇතුළට තනියෙන් යන්න බයයි...
Deleteමෙතෙක් කල් මම බලපු හොඳම සුපිරිම චිත්‍රපටයක්.
ReplyDeleteඅර පියසිරිගේ අඩුම කුඩුම දාගන්න තියන පුංචි පෙට්ටිය මිනී පෙට්ටියක පොඩි එකක්..... ඒක අන්තිමට තමන්ගේ දරුවා වෙනුවෙන් ගන්න වෙන සිද්ධිය හිත කකාරනවා... මාරයි
ඒ සිදුවීම පෙළ ගැස්ම අපුරුයි... මරණයේ, අහිමි වීමේ දුක තදින්ම දැනෙන විදියට ලේ, තුවාල, මිනී මොනවත්ම පෙන්නන්නෙ නැතිව.....
Deleteඒක හරිම දුක්බර අවස්ථාවක් තමයි ඇස්වල කදුළු පිරෙන...
තරුගේ හුගක් පොස්ට් මට මග හැරුනා.
ReplyDeleteතරු ලියන ඒවා කියවන්න ඕන නිස්කලන්කව ඉදගෙනයි.
කොහොමින් හරි මග හැරුන පොස්ට් ටික කියවන්න ඕනේ..
ස්තුතියි මනෝජ්.... කියවල අදහස් කියන්න...
Deleteකුස-පබා බැලුවට පස්සේ තාමත් ෆිල්ම් එකක් බලනවා තියා පොතක පිටුවක්වත් කියවා ගන්න බැරි වුණා හරි හමන් විදියට. වැඩ අඩු වුණ හැටියේ මග හැරුණ ඔක්කොම කොහොම හරි හොයාගෙන බලන්න ඕනේ . . . කියවන්න ඕනේ.
ReplyDeleteමං ප්‍රාර්ථනා කරන්නම්කො ඔයාට ඒ විවේකීබව ලැබෙන්න කියල.. නිකිණි වැස්ස බලන්න... ඇත්තටම හොද චිත්‍රපටයක්...
Deleteමමත් නිකිණි වැස්ස බලන්න හිතාගෙන ගිය සෙනසුරාදා එළියට බැස්සා. ඒත් හිත නතරවුනේ සිරිපැරකුම් ලඟ. ඊට පස්සේ ජා ඇල සිනෙ මැක්ස් එකට ගිහින් ඒක බලල ගෙදර ගියා.නිකිනි වැස්ස හොඳ ඇති ඒකෙ දැන්වීම් කොටසක් දැම්මා..
ReplyDeleteරත්නාවලිය නම් දැන් හොදටම අබලන් වගේ අයියෙ... හඩ, ශබ්ද පැහැදිලි නැහැ... සමහර දෙබස් පැහැදිලිව ඇහුණෙත් නැහැ...
Deleteචිත්‍රපටයක් හොදම සිනමා ශාලාවක බලන්න තියෙනවනම් හොදයි.
කියල තියෙන විදියට නම් නිකිණි වැස්ස ලස්සනයි වගේ. වෙලාවක් දා ගෙන බලන්න ඕනි.
ReplyDeleteලස්සනයි... දුකයි...
Deleteනිකිණි වැස්ස දැන්වීම් නම් දැක්කා. ඒත් මමත් අක්කා කිව්ව වගේ පැරකුම් සිරි විදින්න ඇගිලි ගනිනවා.
ReplyDeleteබට්ටි තාම පැට්ටිනෙ.. ඒ නිසා සිරි පැරකුම් බලන්න... කමක් නෑ...
Deleteමම "නිකිනි වැස්ස" බැලුවෙ ඊයෙ. කලාත්මක විත්‍රපටයක් හැටියට ගතයුත්තක් තියනවා ඒත් මේ චිත්‍රපටයත් නමටම ගැලපෙන නිකිනි වැස්සක්. කලාත්මක චිත්‍රපට බලන අය සිනමා ශාලාවලට යාම අඩු කාලෙක මෙහෙම එකක් හදපු එක අපරාදයක් කියලයි මට හිතෙන්නෙ.
ReplyDeleteමම මෙහි යම් දුරකට හරි අඩුවක් දකින්නෙ සීමිත චරිත ප්‍රමානයකින් සමාජයේ චරිත රාශියක් නිරූපනය කරන්න යාමෙන් චිත්‍රපටය ටිකක් බර වැඩිවෙලා.
මම ආතම්මගෙ පෙට්ටගමෙ ලොකුජෝන්
මේ ෆිල්ම් එක නම් බලන්න වුණේ නැහැ. වෙලාවක් ලැබුණු ගමන් බලන්න ඕනේ. කොහොම වෙතත් එච්චර ලාභයක් මේකෙන් ලැබුණේ නැහැ කියලා නිෂපාදකයා වුණු දොස්තර මහත්තයා කියනවා දවසක් ටීවී එකෙන් දැක්කා. හැබැයි එයා උත්සහය අතාරින්නේ නැතුව තව ෆිල්ම් එකක් කරනවා කියලත් කිව්වා
ReplyDelete