පිටු

Wednesday, August 21, 2013

සිව්දිනක් ....... ජීවිතය අන්තැනක




ඉදහිට වාසනාව පෑදෙනවා.. ගිමන් නිවන්නට ඒකාකාරී ජීවිතයෙන් විරාමයක් අරගෙන.. එවැනි වාසනාවත් දින හතරක් නැවතත් ගෙවුණා ''තුලන'' බොහොම නිස්කලංකව...ආදරණීයව... ළෙංගතු හිත් අ‍තරේ.. හිත නිවන ධර්මය ඇසුරේ.. ( අගෝස්තු 16 හැන්දෑවේ ඉන් 20 උදෑසන දක්වා )

ධර්ම විවේකයක් උණත් ඇත්තටම එය  විග්‍රහශීලීව ජීවිතය, සමාජය දකින්න ඇරයුම් කළ ජීවිත විවේකයක්, සෞන්දර්යාත්මක විවේකයක්... භාවනාත්මක විවේකයක්..

හය දෙනෙකුගෙන් සැදුම්ලත් අපේ කණ්ඩායමත් විවිධ ප්‍රදේශවල විවිධ සමාජසේවා කටයුතුවල යෙදිල ඉන්න පිරිසක්.. කිලිනොච්චිය සහ වව්නි‍යාවෙ ඇතුල් ගම්මානවල යුද්ධයට ඍජුවම මුහුණ දුන් වැසියන් සමග සේවය කරන පැවිදි සොයුරියන් දෙදෙනෙක් ඒ අතර සිටියා. එක් පැවිදි සොයුරියක් දමිළ. දුෂ්කරතා රැසක් මැද ඔවුන් ඉටු කරන සේවය ප්‍රශංසනීයයි.  ඉදිරියෙදි ඒ අත්දැකීම් ලියවේවි.. කවි ලෙස.. කෙටිකතා ලෙස... නවකතාවක...

පුළුල් අත්දැකීම් පරාසයක් තුළ අපේ සේවාවන් තේරුම් ගන්න, අප හමුවේ ඇති අභියෝග අුනාගන්න කණ්ඩායමේ විවිධත්වය නිසත් අනගි අවස්ථාවක් උදා වුණේ. 

පසුගිය වසරේ තුලන චාරිකාවේ සටහන් මෙතනින් බලන්න පුළුවනි. 

http://tharurasi.blogspot.com/2012/10/blog-post_23.html  

http://tharurasi.blogspot.com/2012/10/02_30.html

තුලන තියෙන්නෙ ගෝණවල, කැළණිය. ආරම්භ වෙලා තියෙන්නෙ 1974 වර්ෂයේ... තුලන කියන නම ‍මේ තැනට දීල තියෙන්නෙ සන්සන්දනාත්මකව, තුලනාත්මකව නිවැරදි ධර්මාවබෝධයක් ලබා දෙන ස්ථානය කියන අරුතින්.. මෙය අන්තර් ආගමික,  සංස්කෘතික සංවාදයට ඉඩ ලබා දෙන තැනක්.. ආගමික භේද අබිභවා යමින් සෑම දහමකම හරය තුළ වර්ධනය වීමට ඉඩ ලැබෙන තැනක්... ධර්මය තුළ අළුත් වෙන්න මග පෙන්වන තැනක්.

''තුලන" සොබාදහමට සමීප හිත නිවන තැනක්...

පිවිසීම රුක් ගොමුවක් මැදින්...



ඈතින් පේන්නෙ නේවාසිකය.... මෑත තණ නිල්ල සක්මනට අ‍‍ගේ ඇති තැනක්


නේවාසිකයේ සිට පුංචි පල්ලියට යන මාවත


''තුලන'' කලාගාරයක්... ඒ බවට නිදසුන් මෙන්න...










හැමදාමත් රාත්‍රී ආහාරයෙන් පස්සෙ චිත්‍රපටයක්... 

Untouchable ( Everyone needs a Guardian Angel.)

The Name of The Rose

Jeremiah

Kadosh


චිත්‍රපටය නැරඹීමෙන් පමණක් නොනැවතී පසුදිනත් ඇදී යන දිගු සාකච්ඡා... ජීවිතය විනිවිදින්නට එයින් ලද එළියත් අපමණයි. 

පසුගිය වසරේත් සිව්දින පුරාම සහන් එළියක් වුණ පුංචි චතුක දැන් ඉස්කෝලෙ පළවෙනි පන්තියේ.. මේ සැරෙත් අපි වටේ දැවටි දැවටි හුරතල් වෙන්න බොහොම කැමැත්තෙන් ආ‍වා.. සිව්දින වඩාත්ම සුන්දර වුණා චතුක නිසා.


මේ දින කිහිපයේ කතා කළ, මෙනෙහි කළ දේවල් අපමණයි. කොතනින් පටන් අරන් කොතනින් කෙළවර කරන්නද හිතා ගන්නත් අමාරුයි. නමුත් නිසැකවම ඉදිරියේදී මා අතින් ලියවෙන බොහෝ දේ අතර ඒ කතාබහ, සිතුවිලි රැිල තියේවි.



26 comments:

  1. සරස්වතී ප්‍රතිමාව අර ආගමික සහජීවනයටත් හොඳ
    නිදසුනක් නේද?

    ReplyDelete
    Replies
    1. ඒ සරස්වතී ප්‍රතිමාව එක් පැත්තකින් මරියතුමියගේ සංකේතයකුත් වෙලා... ආගමික සහජීවනයේ සංකේතයක් ඇත්තටම..

      Delete
  2. // මෙය අන්තර් ආගමික, සංස්කෘතික සංවාදයට ඉඩ ලබා දෙන තැනක්.. ආගමික භේද අබිභවා යමින් සෑම දහමකම හරය තුළ වර්ධනය වීමට ඉඩ ලැබෙන තැනක්... ධර්මය තුළ අළුත් වෙන්න මග පෙන්වන තැනක්.//
    මෙන්න මෙහෙම සිද්ධවෙනවා නම් හොඳයි.හැබැයි සමහර සංවිධානවල යටි අරමුණුත් තියෙනවා.හැම දෙයක්ම ආගමික පොලිසි විසින් පාලනය කරන කාලේ මේවා පවත්වාගෙන යන එකත් අසීරු ඇති නේද?

    ReplyDelete
    Replies
    1. ආගමික, සමාජයීය විප්ලවවලට ධෛර්යය දුන්න තැනක් තමයි. ඒ නිසා ‍ගැටලුවලටත් මැදි වුණ තැනක්... අතීතයේ තරම්ම නැති වුණත් තවමත් ඒ මෙහෙවරේ ඉන්නවා.. සත්‍යය වෙනුවෙන් පෙනී ඉන්න එක පහසු ‍දෙයක් නෙවෙයිනේ.

      ආගමික පොලිසීවලට නම් හොදක් කළත් පේන්නෙ ඇදටම තමයි... ඒ තරම්ම අන්ධයිනේ...

      Delete
  3. ආපහු අර කලින් තැන වගේම හිත නිවන සුන්දර තැනක්. මිනිස්සු හැමෝම ඉඳලා හිටලා හරි එයාලගේ දිවිල්ල නතර කරලා මේ වගේ තැනකට යනවා නම් කොච්චර එකක්ද?

    ReplyDelete
    Replies
    1. මෙවැනි අවස්ථා මග අරින්න නොහිතෙන්නෙ... ඒකාකාරී ජීවිතේ අලුත් වෙනව වගේම හිතන පතන විදිය පොහොසත් කර ගන්නත් අවස්ථාව ලැබෙන නිසා...

      දුවන ජීවිතේ මොහොතකට හරි නවත්තල විවේකයක් ගන්න එක නම් අත්‍යවශ්‍යයි තමයි පොඩ්ඩි. ඒකට ඉතින් උවමනාවකුයි, නිදහසකුයි ඕනෙ..

      Delete
  4. සෑහෙන දවසකින් මේ පැත්තෙ ආවෙ. තරු අක්ක රවුමක් ගහල වගේ නේද? මේ මාසෙ අන්තිම අපේ පැත්තෙ එනව නේද?

    ReplyDelete
    Replies
    1. තාම නම් ඇරයුමක් ලැබිල නැහැ... මොකද වෙන්නේ... සාහිත්‍ය වැඩමුළුවද?

      Delete
    2. ඔව් ඔව්. සාහිත්‍ය වැඩමුළුව තමයි. එන 30,31,01 දවස් තුනේ මාදම්පෙදි.

      Delete
  5. හරිම සුවදායක පරිසරයක් වගේ . මේ වගේ තැනක නිදහසේ ඉඳල ආවම හිතට පුදුම සැහැල්ලු බවක් දැනෙනවා . හැල්මේ දුවලා ඇති වුනාම මාත් යන්නේ මේ වගේ තැන් වලට .

    ReplyDelete
    Replies
    1. දවසක යමු ගිම් මා එක්කත්..

      Delete
  6. ලස්සන, සුන්දර තැනක්. ලස්සනයි පෝස්ට් එක තරු අක්කේ. ජය වේවා!

    ReplyDelete
  7. ඔබත් බොහොම පින් කළ තැනැත්තියක්.

    ReplyDelete
    Replies
    1. ''ඔබ දැකුමෙන් අප පින් කළ බව දැණිනි.." නලින් කාලෙකට පස්සෙ...

      Delete
  8. හ්ම්ම්ම් බොහොත් සුන්දර් හු

    ReplyDelete
  9. ගිහින් බලන්න හිතෙන තරමට ලස්සණ තැනක්.

    ReplyDelete
    Replies
    1. එතනදි දැනෙන මානසික නිදහස හරි වටිනවා...

      Delete
  10. ඒක පුදුම නිස්කලංක තැනක් වගේ, කලාගාරයක් වගේ තියන දේවල් වලටයි මගේ හිත නම් ගොඩක් ගියේ.

    ReplyDelete
    Replies
    1. තව ලස්සන චිත්‍ර ටිකක් තියෙනවා ස්වාමින්වහන්සේ නමක් ඇදපු.... ඒ ටික මග ඇරුණා... ඇත්තටම අපූරු තැනක් නංගි...

      Delete
  11. පිංතුර ටික දැක්ක ගමන් තේරුම් යනව සිත නිවන තැනක් කියල.
    රතු පල්ලිය තියෙන්නෙත් ඔය කිට්ටුවද?

    ReplyDelete
    Replies
    1. තුලන තියෙන්නෙ නම් කැළණියෙ අයියේ... ඔය රතු පල්ලිය කියන්නෙ කොටුවෙ තියන පල්ලිය නේද?

      Delete
  12. හරිම ලස්සන නිස්කලන්ක තැනක්...මට මතකයි ගිය පාරත් චතුක ගැන ලියල තිබුණා.

    ReplyDelete
  13. විචාරක තුමා,හැලප තුමා සමග අලුත්ම තුමා අරූ තුමාගෙ,Aru-ge adaviya වියට පිවිස ජිවිතයේ ලැබූ සත්‍ය අත්දැකීම් කියවන්න කියල මා කාරුණිකව ඔබ සැමට ආරාධනා කරමි.

    ReplyDelete
  14. ඔබේ මේ කැපවීම නම් මට පුදුමත් හිතෙනවා. සිමිත කාලරාමුවක් තුළ සියළු කැපකිරීම් තවත් සුහදයන් පිරිසක් වෙනුවෙන්

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...