පිටු

Saturday, October 26, 2013

අති සුන්දර දවසක්...

අද අතිසුන්දර දවසක්....



මම හැමදාමත් කියන්නෙ මගේ ජීවිතයේ දෙවැනි අම්මා ළ.ක්‍රි.වී. කියලනෙ. 1954 වසරෙදි මේ ළමා ව්‍යාපාරය ලංකාවේ ආරම්භ කළ ප්‍රංශ ජාතික ගරු ෆීලික්ස් මෙවල් (නි.ම.නි.) පියතුමාගෙ අනුස්මරණ දිව්‍ය පූජාව අද මරදාන පාතිමා දෙව්මැදුරෙදි පැවැත්වුණා. 1951 වසරෙදි ලංකාවේ ධර්මදූත සේවයට පැමිණි එතුමා ස්වර්ගස්ත වෙලා තියෙන්නෙ 1984 වසරේ ඔක්තෝම්බර් 28 වනදා. මීරිගම දේවස්ථානයේ තමයි එතුමාගෙ දේහය තැන්පත් කරල තියෙන්නෙ. දේවස්ථානය ඉදිරිපිට අදටත් එතුමන්ගෙ සොහොන් ස්මාරකය දකින්න පුළුවන්.

මම හැමදාමත් හිතන දෙයක් ගරු මෙවල් පියතුමා ළ.ක්‍රි.වී. ආරම්භ නොකරන්න මට මේ තරම් සුන්දර, අරුත්බර ජීවිතයක් ලැබෙන්නෙ නැහැ කියන එක. මේ තරම් ආදරණීයයන් ඇසුරු කරන්න ලැබෙන්නෙ නැහැ... මං මොනවාම හරි වැඩක් ඇති දෙයක් මේ ලෝකෙට කරනවනම් වචනෙකින් හරි, ඒ ළ.ක්‍රි.වී.යෙන් ලැබුණු පන්නරය නිසාම යි.....


හිටපු ළ.ක්‍රි.වී. ජාතික අධ්‍යක්ෂක ගරු ජෝ කුරේ පියතුමාගේ 25 වන පූජාත්වර සංවත්සර සැමරුමත් ඒ සමගම සිදු වුණා. මං 2003 වසරේ ළ.ක්‍රි.වී. ජාතික කාර්යාලයට සම්බන්ධ වුණේ පියතුමා වැඩ බාර ගැනීමත් එක්කම. වසර හතරක් ජාතික ලේකම් විදියටත්, වසර දෙකක් ජාතික ළමා කමිටු සම්බන්ධීකාරක විදියටත් වගකීම දැරුවෙත් පියතුමාගේ සේවා කාලයෙදිම යි. ලංකාව පුරාම අපි කොතරම් ළමා, තරුණ වැඩසටහන් පවත්වන්නට ඇත්ද?

ළ.ක්‍රි.වී. ය තුළ වැඩිම කාලයක් ජාතික මට්ටමේ වැඩ කළෙත්, වැඩිම අත්දැකීම් සම්භාරයක් ලැබුවෙත්, වැඩිපුරම මත ගැටුම් ඇති කරගත්තෙත්, රණ්ඩු සරුවල් වුණෙත් පියතුමා එක්කයි... හිතුවක්කාර දියණිය කියල නමකුත් පටබැඳුණෙ මේ මතවාදී අරගල නිසාමයි. ඒත් අදටත් සුපුරුදු සිනාවෙන්ම පියතුමා මාව පිළිගන්නවා. හිතුවක්කාර දියණිය ගැන පුංචිම අමනාපයක්වත් නැතිව.

මාම්පුරි දේවස්ථානයේ ළමා එකතුවක්... පේනවනෙ ළමයි එක්ක නටපු නැටුම්...

වාර්ෂික අනුශාසක සම්මේලනයේ මහ සභා රැස්වීමක්

ගාලු පදවි ළමා එකතුවක් - හම්බන්තොට දෙව්මැදුරේදී

අනුරාධපුර පදවි සන්නිවේදන හා නායකත්ව වැඩමුළුවක් - මැදවච්චිය දෙව්මැදුරේදී

ළ.ක්‍රි.වී. ය දරුවන්ගේ ජීවිතයට කරන යහපත් බලපෑම අනර්ඝයි. වචනයෙන් පහදාලිය නොහැකි අධ්‍යාත්මික පොහොසත්කමක් එය. මම මා තුළම අත්දැක්කෙ ඒ අධ්‍යාත්මික පොහොසත්කමේ ආලෝකය.. නමුත් කාලීන අභියෝග එක්ක ළ.ක්‍රි.වී. ගමන්මගේ වෙනසක් ඇති විය යුතුයි කියල මං තාමත් විශ්වාස කරනවා. මතගැටුම් ඇතිවුණෙත් ඒ වෙනුවෙන්මයි. කොයි තරම් උත්සාහ කළත් තාමත් ඒ වෙනස හීනයක් විතරම ද මන්ද?

අවසානයේ ආයතනගත සියලු බැඳීම්වලින් නිදහස් වෙලා සාහිත්‍යයත් එක්ක හුදකලා ගමනක් යනවා වුණත් මට ජීවිතය කියා දුන්නෙ ළ.ක්‍රි.වී.ය කියන එක කොහොමටවත් අමතක කරන්න බෑ.

කුලියපිටියෙනුත් ඇතුළක පුංචි ගමක මම ළ.ක්‍රි.වී. ළමයෙක් වෙලා ඉද්දි  ළ.ක්‍රි.වී. ජාතික අධ්‍යක්ෂකව සිටි ගරු ජස්ටින් සිල්වා පියතුමාත් අද මුණ ගැහුණා.. කාලය ගත වෙලා. ඒත් අපේ දයාබර කම්, බැීම් තවමත් එහෙමමයි නේද කියල හිතෙද්දි අප්‍රමාණ සතුටක් දැනෙනවා.

ඉතින්, අද අති සුන්දර දවසක් වෙන්නෙ කාලෙකින් ළ.ක්‍රි.වී. පවුලේ ආදරණීයයන් හමුවෙන්න ලැබුණ නිසා. ආවෙ නැති අයත් එක්ක නම් තරහයි.

........................


පොත් ගුල්ලිට පොත් තිළිණ

කාර්යාලීය සුබසාධක සංගමය මෙහෙයවපු සාහිත්‍ය තරාවලියෙදි ගීත ගායනා අංශයෙන් දෙවැනි ස්ථානයත්, කාව්‍ය රචනා ( සැස්) දෙවැනි ස්ථානයත් ලැබුණා.. ගජමන් නෝනාගේ ආදර තරවටුව  යි ඒ ජය ලැබුණෙ. 

තිළිණ විදියට ලැබුණෙ දයාවංශ ජයකොඩි එකෙන් පොත් ගන්න තෑගි වවුචර්. ඉතින් අද පොත් රස්තියාදුවකුත් දැම්මා...

මෙන්න තෑගි මුදලට ගත්ත පොත්

පවුරු බැඳි රාජ්‍යය - භද්‍රජී මහින්ද ජයතිලක

ජනකවි ආශ්‍රිත ජනකතා - නෝමන් සිරිපාල

ඇත්ගාලේ සෙනෙහස - විමලසිරි අගලකඩ

ලැබීම නොලැබීම - චිංගීස් අයිත්මාතව්ගේ ‘‘To Have And To Lose පරිවර්තනය - ඩබ්.ඒ. අබේසිංහ

යාල නැගෙනහිර වනමං - ගාමිණී විජිත් සමරකෝන් ( කතන්දර අයිය මේ පොත ගැන ලියා තිබුණු සටහන මතක් වෙලයි අරගත්තෙ. )

ළගම තියෙන්නෙ සූරිය පොත්හළනෙ.. එතනින් ලොවීනා ගත්තා මොහාන් රාජ් මඩවලගෙ. සූරිය පොත් හලේ තියෙන හොදේ තමයි එයාල අනුන්ගෙ ප්‍රකාශනවලටත් 20% ක වට්ටම දෙන එක.. වැඩිමනත් පොත් සාප්පුවල තමන්ගෙ පොත්වලට විතරනෙ වට්ටම් දෙන්නෙ.

ලොවීනා කියවන්න ආසාවෙන් හිටියෙ. වැඩි දෙනෙක් බැන්න මාගම් සෝලිය මට ඒ හැටි බනින්න දෙයක් හමුවුණෙත් නැහැනෙ. භාෂාවෙයි, ඕනෑවට වැඩි මායාරූපී ගතියෙයි, කිසිම සුන්දරත්වයක් නොදැනෙන ලිංගික අරගලවලයි අවුල ඇරුණම මාගම් සෝලියෙ යටිපෙළ මතුකරන්න හදන කාරණාවල මට දැනෙන දේශපාලනික වැදගත්කම ගැන මගේ කියවීමෙදි තරමක් දුරට ලියා ඇති....

......................................

අතරමං වෙලා තිබුණ පොත් ගොන්නක්...

ආපහු එන ගමන් මං ගියා මගේ අම්ම කෙනෙක් බලන්න... කුලියපිටියෙන් මෙහාට තනියෙන් එන්න හයියක් නොතිබුණ කාලෙක පණ බයේ කැම්පස් ආව මාව බලා ගත්තෙ ළ.ක්‍රි.වී. පවුලේ අය. රාගම අම්මයි, තාත්තයි තමන්ගෙම දරුවෙක් ගාණට ඒ අවුරුදු හතරම මගේ දුක සැප බැලුවා. ඒ තරම් යහපත් මිනිස්සු මුණගැහෙන්න මං ආත්ම ගාණක් පින් කරල ඇති.

මටත් අමතක වෙලා තිබුණ මගේ පොත් තොගයක් අම්මා ගාව තිබුණා.. ඔන්න ඒ ටිකත් අරන් ආවා...

සුනේත්‍රාගෙ විචිත්‍ර වීර්යය ( ශානිල් මල්ලිගෙන් ලැබුණ තෑග්ගක්...)

අචාන් චා හිමි - බුදුදහමෙන් ඔබේ ජීවිතයට ලැබිය හැකි ආලෝකය ( අනිල්ගෙන් )

අනිල් සේවා ස්ථානයේ මිතුරෙක්. වසර අටක පමණ මිතුදමක්... වසරකට පමණ පෙර වෙනත් සේවා ස්ථානයකට මාරු වෙලා ගියත් තවමත් අපේ මිතුදම් එහෙමමයි. කාලෙකින් පොත අතට ගත්තම මතකය අළුත් වුනා. මම අනිල්ට ඇමතුමක් ගත්තා... ‘‘මම ඉන්නෙ ධර්ම දේශනාවක.. පස්සෙ කතා කරන්නම්.. අනිල් හෙමිහිට කිව්වා. මම කට් කළා. ධර්මය ශ්‍රවණය කරන පින්වතෙකුට බාධා කරල මාර දූතිකාවක් වෙන්න හො නැහැනෙ...

ප්‍රේම පුරාණය - සුනේත්‍රා ( නිර්මලා නංගිගෙන්... 2012 උපන්දින තිළිණයක්.)

ප්‍රේම පුරාණය දකිද්දි මතක් වුණේ අතිසංවේදී කවි සොහොයුරෙක් කලකට පෙර එවා තිබු කෙටි පණිවිඩයක්. ඒ අතිසංවේදී හිත නිසාම උන්හිටි තැන් හොයා ගන්නත් නෑ දැන්..කවිත් නෑ... කවියාත් නෑ....  

( You are so special Tharu. Keep writing. කවද හරි ඔයා සුනේත්‍රා වගේ ලේඛිකාවක් වෙනවා. මං කියන්නේ දැන් ඉන්න පිස්සු සුනේත්‍රා ගැන නෙවෙයි. ප්‍රේම පුරාණය ලියපු සුනේත්‍රා ගැන...)

ඳුන්ගිර ගිනි ගනියි ලියපු සුනේත්‍රාගේ ඉන් සෞම්‍යාලෝකය ලියපු සුනේත්‍රා දක්වාම මම නම් සුනේත්‍රට කැමතියි. ඒ ලියන විලාසයට කැමතියි. ලිවිල්ල කියන්නෙ නම් කොහොමටත් පිස්සුවක් තමයි. මටත් දැන් ඒ පිස්සුව තදටම.... ඒත් මං කැමති මං ම වෙන්න කවුරුවත් වාගෙ නොවී. ඒ කියන්නෙ තරුරසී ලියන තරූ වෙන්න.

(ඉන්න තැනකින් ඇවිත් ඉස්සර වගේ ලස්සන කවියක් ලියන්න අයියේ)

මතක පොත - සුනේත්‍රා ( දිනූගෙන් )

මතක පොතේ 87 පිටුවෙ තියෙනවා මග්ගොන චිත්තා වෘත්තය කියල ලිපියක්. ඒ ලිපියෙ කියැවෙන්නෙ ළ.ක්‍රි.වී. වාර්ෂික අනුශාසක සම්මේලනයක් ගැන. ඒ සම්මේලනයට සුනේත්‍රයි, සුනිල් විජේසිරිවර්ධනයි ආවෙ දේශනවලට. එයාලගෙ පුංචි දියණියන් දෙන්නත් එක්ක. එක්කෙනෙක්ගෙ නම අමා මට මතක විදියට. මං ඒ දෙන්නට චිත්‍ර දෙකකුත් ඇල දුන්නා මතකයි. 99 හෝ 2000 විතර කාලෙ වෙන්න ඕන...

‘‘ .......අපි මග්ගොන ගියේ කුඩා දරුවන් වෙනුවෙන් අගනා සේවයක් කරන ළ.ක්‍රි.වී. ව්‍යාපාරයේ වාර්ෂික සමුළුව සහායි.  ළමයින් එක්ක වැඩ කරමින් ඔවුන් හීනදීන විය යුතු නැති අභිමානවත් පරපුරක් බවට පත් කිරීමට කටයුතු කරන තරුණ තරුණියක් 200 ක් ඇවිත් හිටියා. ඔවුන්ගේ ළමා සමිතිවල සෑම ආගමකටම අයත් ළමුන් ඉන්න බව දැනගන්නට ලැබුණා....

.... හැම පක්ෂෙකින්ම පළාත්සභාවලට පත් වූ කට්ටියව මාසෙක විතර පුහුණුවකට යවලා ගෙන්නුවොත් නරකද? එංගලන්තෙට ඇමරිකාවට නෙවෙයි මග්ගොනට යවලා ගෙන්නුවොත් හොදටම ඇති. චමත්ලා, මහින්දලා හා අපට හමු වූ කොල්ලො කෙල්ලො 200 ට ඇහැක් වෙයි මේ කට්ටියට පාඩමක් කියා දෙන්න...

සුනේත්‍රා මේ කියන 200 ඇතුළෙ මාත් උන්න නේද කියල හිතෙද්දි අප්‍රමාණ සතුටුයි.

අම්මා ළග තිබුණ පොත් ගොන්නෙ මගේ මුදලින් ගත්ත එකම පොතයි තිබුණෙ. ඒ කැත්ලින් ජයවර්ධනගෙ ‘‘ධාරා”.. 

මේ තරං පොත් තෑගි ලැබෙන්නෙත් පෙර පිනකටම වෙන්න ඇති.

ඔය විදිහට අමතක වෙලා මගේ පොත් තව කීදෙනක් ළග ඇත්ද මන්දා...
..................

තරුරසීට තරවටු

‘‘දැන් ඔයා ලියන ඒව ඕනෑවට වඩා බැරෑරුම්.. ඔය බරපතළ ලිපිවලට වෙන බ්ලොග් එකක් හදා ගන්න. තරුරසී ඉස්සර වගේ සරලව ලියන්න.. 

විටින් විට චෝදනා එල්ල වෙනවා... සුන්දර තරවටු...

බැරෑරුම් ලේඛිකාවක් වීමේ හීනයක් මට නැහැ... මමත් කැමති සරලව ලියන්න... ආදරණීයව ලියන්න... හිතට දැනෙන යමක්... බැරෑරුම් මාතෘකා ගැන ලියද්දි නම් මේ සැහැල්ලු රටාව වෙනස් වෙනව ඇති.. ඒ ගැන සමාවෙන්න... නිතරම එහෙම වෙන්නෙ නැති බවට මං පොරොන්දු වෙනවා...


රස්තියාදු සටහන්, සුන්දර මතක සටහන්, පෙම් පටළැවිලි, කවි නොකවි ඉදිරියෙදිත් ලියවේවි... නිසැකවම.. 

9 comments:

  1. ඇයි මනුස්සයෝ මෙහෙම අපේ හිත් රිදවන්නේ පොත් ගැන කියවලාම. සැප්තැම්බර් මාසේ පුරාම බොහොම දුකින් හිටියා හැම කෙනාම පොත් ගැන කියද්දි. දැනුත් මෙයා පොත් පොත්. අපිත් තාම සාමාන්‍ය මිනිස්සු. අපිටත් දුක හිතෙනවා තරහා හිතෙනවා අපි ගැනම. නැතුව අපිට නැතිව ඔයාලට ලැබෙනවට නෙමෙයි.

    සුනෙත්‍රාගේ පොත් වලට මාත් පිස්සු හැදිලා ඉන්නේ. සෞම්‍යලෝකණය මඟ එනවා මගේ. මට අනුව ඇය ඉන්නෙ මගේ ප්‍රියතම දකුණු ඇමෙරිකන් ලේඛකයෝ හා සමානවම.

    ReplyDelete
    Replies
    1. මේ කියවීමේ මාසෙනෙ රංගි... ඒ නිසා පොත් ගැන කියවනවා...

      දුක් වෙන්න එපා... ඔය පැත්තෙ එන කෙනෙක් ඉන්නවනම් මම පොත් ටිකක් එවන්නම්...

      Delete
  2. තරුරසී,
    මේක කියන්න ගොඩක් කාලෙක ඉදන් උන්නේ.ඒත් බැරි වුණා.
    මම ඉතාම කැමතියි ඔයා පොත් ගැන ලියන සටහන් කියවන්න.
    එහෙම තදින් මගේ අවධානය පැහැරගත්ත ලිවීම තමයි
    වෙඩිවර්ධනගේ අලුත් නවකතාව ගැන ලියපු සටහන.
    ජයෙන් ජය වේවා !

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කාංචනා... ඒ සටහන ලියන්න මං පොත හතර වතාවක්කියෙව්වා... හැම වාක්‍යයක් ගැනම උණත් ලියන්න කාරණා තියෙනවා.. ඒත් ලිපිය දිග වැඩි වෙන නිසා මට අනුව වැදගත්ම කියල හිතුණ කාරණා ලිව්වෙ...

      ඒත් ඒ සටහනට අකමැති අයත් ඉන්නවනේ...

      Delete
  3. දැන් ඔය තෑගි දිනපු කවි පංතිය කෝ...?

    ReplyDelete
    Replies
    1. මේ තියෙන්නෙ...

      http://tharurasi.blogspot.com/2013/03/blog-post.html

      Delete
    2. තුති තරුරසී...

      Delete
    3. කවි පෙළ අපූරු යි තරූ... මේ ලින්කුව ලිපියට ම දාලා අප්ඩේට් කරන්න.

      Delete
  4. "බොහොම ස්තුතියි"............ඔබගේ එදිනෙදා ජීවිතය,,,,තුලට මගේ ආයතනයටද ඉඩක් ලබා දීම පිලිබදව .................................සුභ දවසක්........................................................... , සුභ දවසක්........................................................... ,
    හිතවත් මහත්මයාණෙනි / මහත්මියෙනි,

    විදෙස් රැකියාවක නියුතු ඔබ සැම වෙනුවෙන් වූ අප සේවා


    විදේශ රැකියාවක යෙදෙන ශ්රී ලාංකිකයන්ගේ ආරක්ෂාව හා සුභ සාධනය මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන්ගේ ආරක්ෂාව හා සුභ සාධනය වෙනුවෙන් ශ්රීස ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාං ශය වීසින් පැය24 පුරාම මෙමවිශේෂ විගමණික සම්පත් මධ්යයස්ථානය ක්රිලයාත්මක කරයි.
    මේ වනවිටත් ඔබ අප සමග ඉතාමත් සුහද හදවතින් එකතු වි සිටීම ගැන ශ්රීෂ ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංටශය වෙනුවෙන් ස්තුතිය දැක්වීමට මෙය අවස්ථාවක් කර ගනිමි.
    එසේම පහත සදහන් අප සේවා එසැනින්ම ලබාදීමට අප කටයුතු කරමි.
    • ලියාපදිංචිය පිළිබඳ වර්තමාන තත්වය( මේ සදහා ගමන් බලපත්රක අංකය හෝ ශ්රී ලංකාවේ ජාතික හැදුනුම්පත් අංකය සටහන් කිරීම පමණක් ප්රිමානවත්ය)

    • විදේශ රැකියාවේ යෙදීමේදී සිදුවන දුෂ්කරතා, කරදර හිරිහැර හා අවශ්යීතා පිලිබදව තොරතුරු ලද සැනින්, කඩිනමින් පහසුකම් සැලසීමේ ඒකකයක් වශයෙන් ක්රිනයාත්මක වීම ( ඔබගේආරක්ෂාව හා සුභ සාධනය වෙනුවෙන් ගතයුතු කඩිනම් ක්රිසයාමාර්ග සම්බන්ධීකරණය සිදු කරන අතර පැය 24 පුරා ක්රිධයාත්මක මෙම ඒකකය ඔස්සේ එම ගැටලු හා අවශ්ය්තා ලබා ගෙන ඒ සඳහා නිසි පිළියම් යෙදීමට අදාළ අංශ වෙතට යොමුකිරීම් කටයුතු සිදු කෙරේ)

    • විදේශ රැකිය රක්ෂණ ක්ර මය පිළිබඳ සියළු විස්‌තර
    • විගමණික පවුල්හී දූ දරුවන් වෙනුවෙන් ශිෂ්යපත්ව යෝජනා ක්රතමය පිළිබඳ සියළු විස්‌තර
    • පිළිබඳ සියළු විස්‌තර
    • සහනදායි පොළී ක්රතමයක‍ට නිවාස ණය හා ස්වයං රැකියා ණය ලබාදීමේ යෝජනා ක්රකමය පිළිබඳ සියළු විස්‌තර
    • විගමණික ශ්රුමිකයන් නැවත සමාජානුගත කිරීම පිළිබඳ සියළු විස්‌තර ( රට විරුවෝ වැඩසටහන පිලිබදව)
    • එතෙර රැකියාවේදී පූර්ණ ආබාධිත වන අයට නිවාස පහසුකම් ලබා දීමේ ව්යා‌පෘතිය පිලිබදව
    • සේසත විශ්රාවම වැටුප් ලබාදීමේ යෝජනා ක්රීමය පිළිබඳ සියළු විස්‌තර
    • විදේශ රැකියාවන්හි යෙදී සිටියදී රෝගාතුරව පැමිණෙන අය සඳහා වෛද්යව ප්රඳතිකාර ලබාදීමේ ව්යාවපෘතිය පිලිබදව
    • සහන පියස සුභ සාධන සේවා මධ්යයස්ථානය පිලිබදව
    • සමථකරණ සේවා පිලිබදව (එතෙර රැකියාවක් සිදු කිරීමේදි යම් කරදරයක් අපහසුතාවයක් සිදුවුවහොත් ඒ සම්බන්ධව ක්ෂණිකව සොයා බලා එයට‚ එම ගැටලුව සමථයකට පත් කිරීම සඳහා ඉතා ක්ර මවත් හා කඩිනම් වැඩ පිළිවෙලක් මේ යටතේ ක්රිවයාත්මක වේ. ඔවුන් සම්බන්ධව පැමිණිල්ලක් ලැබුණු වහාම අදාල රටේ ශ්රී ලංකා තානාපති කාර්යාලය හා එක්ව කඩිනමින් ඒ ගැටලුව හා අවශ්යගතා පිළියම් යෙදීමට කටයුතු කෙරේ.)
    • විදේශ සම්බන්ධතා සේවා පිලිබදව
    • සමාජ‚ රක්ෂණ සේවා පහසුකම් පිලිබදව
    • ප්රජවර්ධන වැඩසටහන් පිලිබදව


    ඒබැවින් කරුණාකර අප සමග ඉතාමත් සුහද හදවතින් එකතු ලෙසටම , අප පිළිබඳව හා අපගේ තොරතුරු ඔබ දන්නා ශ්රීහ ලාංකිකයන්ගේ ආරක්ෂාව හා සුභ සාධනය මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන්ගේ ආරක්ෂාව හා සුභ සාධනය වෙනුවෙන් කටයුතු කිරීමට මෙම පැය24 පුරාම ක්රිවයාත්මක විගමණික සම්පත් මධ්යකස්ථානය පිළිබඳව දැනුවත් කරන ලෙස ඉල්ලා සිටිමි.

    අපගේ දුරකථන අංකයන්: 0094112879900
    0094112879901
    0094112879902

    ෆැක්ස් අංකය : 0094112879903

    ඊමේල් ලිපිනය : infor_center@slbfe.lk
    ස්කයිප් : inforcenter_slbfe
    අන්තර්ජාලය : www.slbfe.lk
    මේ සම්බන්දයෙන් ඔබගෙන් ලැබෙන සහයෝගයට ගරු කරමි.

    මෙයට- විශ්වාසි,

    අතුල ඉලංගන්තිලක
    පරිපාලන නිලධාරී,
    විගමණික සම්පත් මධ්ය්ස්ථානය- ශ්රී: ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංවශය

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...