දූවිලි... දූවිලි.. දූවිලි.. දූවිලි...
දූවිල්ලෙන් හැදුණ ලියේ
බාලොලියේ.. බාල ලියේ..
වෙණ වයනා මිනිස්සුන්ට
වීණාවක් ගෙනත් දෙන්න...
දූවිල්ලෙන් හැදුණ ලියේ
බාලොලියේ.. බාල ලියේ..
ගී ගයනා මිනිස්සුන්ට
පැන් තලියක් ගෙනත් දෙන්න...
දූවිල්ලෙන් හැදුණ ලියේ
බාලොලියේ.. බාල ලියේ..
ගී අහන්න මිනිස්සුන්ට
පන් පැදුරක් එලා දෙන්න..
දූවිල්ලෙන් හැදුණ ලියේ
බාලොලියේ.. බාල ලියේ..
එකමත් එක රටක... වචනවලින් සුරංගනා ලොවක් මවන
බලවතුන් රජ කරන සමයක...
එදිනෙදා ජීවිතය ගැට ගසාගැනීමේ නිරන්තර අරගලයෙන්
පීඩාවට පත්ව, හෙම්බත්ව
සිටින ජනතාවක්
ස්වයං නිද්‍රාවකට පත්ව සිටිති.
තමන් හිස මත පැටවී ඇති මහා ජීවන බරට එරෙහිව
අරගල කරන්නට නොහැකි තරමට ඔවුහු
බියපත්ව , උදාසීනව සිටිති.
සියල්ල අසිරිමත් යැයි, සුන්දර යැයි, විස්මිත යැයි සිතන්නටත්, හඟවන්නටත්, එයින් ප්‍රමුදිතව හිනැහෙන්නටත් උන්
හට බල කරමින් පවතී.
එකී රටේ බහුතරයක් කලාකරුවෝ, මානව හිතවාදියෝ, දේශපාලන ක්‍රියාධරයෝ නිහඬ ය. උදාසීන ය.
ස්වාර්ථයෙන් මඩිනු ලැබූ බොහෝ
දෙන තම මඩිය තර කර ගනු වස් රජමැතිඳුන් හට ප්‍රශස්ති
ගී ගයමින් සිටිති.
ඉදින් භීතිය ගල් ගැහෙමින් පවතී. උදාසීනත්වය දළු දමමින් පවතී. දරිද්‍රභාවයේ
තුවාලය ඔඩු දුවමින් පවතී.
ඒ අතර ජනයා ආනන්දයෙන් ප්‍රඥාව කරා කැඳවමින්, ඔවුන්ගේ සිත් සතන් පුබුදු කරනු වස් නොනවතින ගීතමය
විප්ලවයක නියැලී සිටින ගී කුරුල්ලකුගේ හඬක් බියෙන්
අත්මිදෙන්න යැයි අපට ආරාධනා කරමින් හිඳියි.
ඔහු ජයතිලක බණ්ඩාර නම් අපූරු මානව හිතවාදී කලාකරුවා ය. බොහෝ කලාකරුවන්ට
අමතකව ගිය කාලීන යුග මෙහෙවරක නිරතව සිටින ඔහු අද දවසේ එනම් 2013 නොවැම්බර් මස 18
වන දින සවස 6.30 ට අනුරාධපුර ශාන්ත ජෝශප් දෙව් මැදුරේ දී ''බියෙන් අත්
මිදෙමු.." නමින් ගීතමය විප්ලවයේ නවමු ගමනක ආරම්භය සනිටුහන් කරයි.
''බියෙන් අත් මිදෙමු.." ගැන ජයතිලක බණ්ඩාරයන් දක්වන අදහස් මේ...
'' මේ මුළු සමාජයම බරපතළ විදිහට නායයෑමකට
ලක්වෙලා තියෙන්නෙ. අම්මලම තමයි දරුව ගාලු පාරේ දාල
යන්නෙ. තාත්තම තමයි දුව දූෂණය කරන්නෙ. ගුරුවරයම තමයි ශිෂ්‍යයාට
අඩන්තේට්ටම් කරන්නෙ. වෛද්‍යවරයාම තමයි තමන් ළඟට එන ගැබිණි මවට අතවර
කරන්නෙ. හාමුදුරුවොම තමයි පන්සලට මල් පූජා කරන්නට එන
උපාසිකාව කාමරේට ගන්න බලන්නෙ. මේක විය යුතු නැති වුණත් මේක තමයි වෙමින්
තියෙන්නෙ. මෙවැනි වෙලාවක තමයි බියෙන් අත්මිදෙමු ප්‍රසංගයට පාර කැපෙන්නෙ.
මේක වෙනස් කළ යුතුයි සහ වෙනස් කළ හැකියි කියන විශ්වාසය උඩ තමයි අපි
පටන් ගන්නෙ. මේක හැබැයි මේ පොළොවේ ජනප්‍රිය වැඩක් බවට පත්වෙන්නෙ
නෑ.
එහෙම පත්වෙන්න බෑ. එහෙත් මම විශ්වාස කරනවා තැන තැන
ගැහැනු මිනිස්සු ඉන්නවා. ඔවුන් ප්‍රවීණ යැයි කියන
කලාකාරයොවත් ප්‍රවීණ යැයි කියන මාධ්‍යවේදියොවත් බුද්ධිමත්තුවත්
නොවෙන්න පුළුවන්. එහෙත් ඒ ආත්මයක් තියෙන අය. තමන් එක්කම කතා කරන්න
පුළුවන් කොටසක් ඔවුන්. ලක්ෂ ගාණක් මිනිස්සුන්ගේ අනාථභාවය වෙනුවෙන් කිරිබත්
කාපු රටක, ලක්ෂ
ගාණකගෙ මරණ සැණකෙළි පවත්වලා සමරපු රටක එහෙම මිනිස්සු
අතළොස්සක් ඉතිරි වෙලා ඉන්නෙක සතුටු වෙන්න ඕන දෙයක්. මට ඔවුන් ගැන විශ්වාසය
තියනවා. ඒ ඉතිරිවෙලා ඉන්න මිනිස්සු එක්කගෙන අර සීතලා වෙලා- අයිස් වෙලා-
ගල් ගැහිලා ඉන්න මිනිස්සු අමතන්නට දරන චූටි උත්සාහයක් තමයි බියෙන් අත්මිදෙමු
ප්‍රාසාංගික කෑ ගැසීම.
.... අපි සුළුවෙන් පටන්ගෙන මේක කරගෙන යමු. මුල්‍ය පරමාර්ථ හෝ
වෙනත් ව්‍යාපෘති තියෙද්දි තමයි අතරමග කඩාවැටෙන්නෙ. කන්න බොන්නයි යන්න එන්නයි
තිබුණම ඇති. අද ගායකයෝ සින්දු තුනක් කියන්න ලක්ෂ ගාණක් ඉල්ලන වැඩක් වගෙ
නෙමෙයි මේක. අපිට මේකට මිලක් නියම කරන්නට බැහැ. ඉස්පිරිතාල හැදුවෙ මේ රටේ
මිනිස්සුනෙ. ඒවගේනෙ අපේ අම්මලා අපිව ඉපැද්දුවෙ.. හැදුවේ... ඉස්කෝල හැදුවේ
මේ රටේ මිනිස්සුනෙ. ගුරුවරුන්ට පඩි ගෙව්වෙ මේ රටේ මිනිස්සුනෙ. අපි ඉගෙන
ගත්තෙ ඒවගෙන්නෙ. අපි රැකගත්තේ මේ සමාජය. ඉතින් මේ සමාජයේ මේ මොහොතට පෙරළා
අමතන එක අපේ යුතුකමක්. ඉතින් බොහොම සරල කාරණයක් තියෙන්නෙ අපේ හිත හදාගන්නට...''
මේ සබැඳි
හරහා තවත් විස්තර ...
http://www.boondi.lk/CTRLPannel/BoondiArticles.php?ArtCat=MINT&ArtID=3804
http://aswanna.blogspot.com/2013/11/blog-post.html
http://www.vikalpa.org/?p=18384
සප්ත ස්වරයට අළුත් බලාපොරොත්තුවක්, ධෛර්යයක් කැටි කොට ගනිමින් පෙරටම යන
ජයතිලක බණ්ඩාර කලාකරුවාණන් ඇතුළු පිරිසට හදවතින්ම සුබ පතමු.
ඉදින්,
වෙණ වයනා මිනිස්සුන්ට වීණාවක් ගෙනත් දෙන්න...
ගී ගයනා මිනිස්සුන්ට පැන් තලියක් ගෙනත් දෙන්න..
ගී අහන්න මිනිස්සුන්ට පන් පැදුරක් එලා දෙන්න...
බියෙන්, උදාසීනත්වයෙන් අත්මිදී එක් වෙමු... අළුත් අහසක්, අළුත් පොලවක්,
අළුත් ලොවක් වෙනුවෙන්...
ලිපිය කියවන්න පෙර බාලොලියා ඇට කාපුවයි ඒ සුවදයි දැනුන හිතට...
ReplyDeleteමදෑ...මේ තරං වැදගත් දෙයක් ලියලත් කෙන්ජ් අයියට බාලොලියා විතරනෙ මතක...
Deleteබලමු මොකද වෙන්නෙ කියලා. මේ ගැන තව කෙනෙක් ලියල තිබුණා මතක යි.
ReplyDeleteදයා අයිය ලියල තිබුණා අස්වැන්න බ්ලොග් අඩවියේ...
Deleteමම ආස කරපු ගීතයක්..
ReplyDeleteඉස්සර මම හදපු සිංදු පොතේ මම මේ පද ටික වැරදියට ලියල තිබ්බෙ..
බාලොලියා ගැන නොදන්නා කමට.. “බාල ලියේ.. බාල ලියේ“ කියල තමා ලිව්වේ..
අවුලකුත් නෑ ඉතින්.. බාල ලියෝ නේන්නම් හැමතැනම...
Deleteජයේ අයියගේ මේ වැඩේ කළ යුතුම අවස්ථාවක තමයි පටන්ගත්තේ... අපි හැමදාමත් ඔහු සමගයි
ReplyDeleteදයා සැමදා ජයේ සමග... අපි දන්නවා... ජයතිලක බණ්ඩාරයන් ගැන නොදත් බොහෝ දේ දැන ගත්තෙ අයියා අස්වැන්නෙ තැබූ සටහන්වලින්...
Deleteමං කැමතිම ගීතයක්.
ReplyDeleteමමත්... වෙදහාමිනේ ගීතය... කොයි තරං ලස්සනද? අර්ථවත්ද?
Deleteමෙහෙම හරි කතා කරන්න කලාකරුවෙක් ඉන්න එක ලොකු දෙයක්.
ReplyDeleteමෙවැනි කලාකරුවන් හැමදාමත් හිටියා.. ඉන්නවා.. වැඩේ කඩේ යන අයනෙ වැඩි... ඒ නිසා මෙවැනි අය කැපිල පෙනෙන්නෙ නැහැ...
Deleteකැපිල පෙනීමේ අවශ්‍යතාවයක් නැතති ඔවුන් හැමදාම තමන්ගෙ මෙහෙවරේ ඉන්නවා..
වටිනා ලිපියක් තරෑ. කලාවෙන් ගොඩක් දේවල් වෙනස් කරන්නත් ජාතියට සේවයක් කරන්නත් පුළුවන්.
ReplyDeleteඒ ඔක්කොටම වඩා ඔබේ ලිපියෙන් මගේ මතකය මම ගිය ඉස්කෝලෙට දිව ගියා. අනුරාධපුර ශාන්ත ජෝෂප් විදුහලට තමයි මම ගියේ. ඔය ප්‍රසංගය තිබෙන දේවස්ථානයත් එතනමයි.
සතුටුයි රජ රට කෙනෙකු අදුනගන්න ලැබීම..
Deleteසරල වචන ගැඹුරු අර්ත :)
ReplyDeleteහ්ම්...
Deleteමේ ගැන දයානන්ද මහතාගේ ලිපියෙනුත් දැන ගත්තා. බලන්න යන්න තියනම් ආසයි.
ReplyDeleteළගපාතක ඉක්මණීන්ම තියේවි කියල හිතෙනවා.. මමත් යන්න ආසාවෙන් ඉන්නෙ..
Deleteහරිම ලස්සන සිංදුවක්. මම ගොඩක් කැමතියි මේ ගීතයට.
ReplyDeleteමමත් කැමති ගීතයක්..
Deleteසරළ වචන වලින් කොයි තරම් අපූරු ගීයක් නිර්මාණය වෙලාද?
ReplyDeleteඇත්තටම...
Deleteජයතිලක බංඩාර නම්වූ ඒ උතුම් මානවවාදියාට මගේ උනුසුම් සුභ පැතුම්!!!!
ReplyDeleteතරුන කටයුතු සහ නිපුනතා සංවර්ධනයට යට වෙලාද කොහෙද ඉස්සර හිටපු බාල ලිය. දැන් ඉතින් බොහොමයක් ලී බාල ලී තමයි තරුරසී.
ජයතිලක බංඩාර නම්වූ ඒ උතුම් මානවවාදියාට මගේ උනුසුම් සුභ පැතුම්!!!!
තරුන කටයුතු සහ නිපුනතා සංවර්ධනයට යට වෙලාද කොහෙද ඉස්සර හිටපු බාල ලිය. දැන් ඉතින් බොහොමයක් ලී බාල ලී තමයි තරුරසී.
දූවිලි ගීතය ලිව්වේ නිලාර් කාසිම්...මියුසික් මාස්ටර් ගේ නේද?
වෙදහාමිනේ ටෙලිනාට්‍යයේ එන මේ ගීතය ලිව්වේ එහි අධ්‍යක්ෂක ජයන්ත චන්ද්‍රසිරි. සංගීතය කේමදාස මාස්ටර් තමයි.
Deleteතිසර......පද රචනය ගැන ෂුවර්ද? http://www.pradeepadharmadasa.com/news.php
Deleteමිනිස්සු වෙනස්වෙනවා... ධනය, බලය ළග.. කලාකරුවන්ගෙ වෙනස කැපිල පේනවා... වැඩියෙන්ම තියෙන්නෙ බාල ලී කතාව නම් ඇත්ත...
Deleteමට මතකයි අප්‍රේල් මාසෙ අපේ ළමා සංවිධානෙ වැඩකට බොහොම මානව හිතවාදී ගී ගයන ප්‍රවීණ ගායකයෙකුට ආරාධනා කළා... ඔහු කිව්වෙ මේ මාසෙ තමයි වැඩිපුර කීයක් හරි හම්බ කර ගන්න පුළුවන්.. ඒ නිසා එන්න විදියක් නැහැ කියල... එක හැන්දෑවක පැය දෙක තැනක වැඩක් ඔහු ප්‍රතික්ෂේප කළේ අපිට දෙන්න මුදල් නොතිබුණ නිසා...
''පුදුමයි.. එයාගෙ සින්දුයි... වැඩයි අතර වෙනස..'' මං කියද්දි අපේ හිතවතෙක් කිව්වෙ එයා සින්දු කිව්වට ලියන්නෙ එයා නෙවෙයිනෙ කියල...
මේ ගීතයේ හඩ ගැනත් එහෙමම හිතන්නයි සිද්ධ වෙන්නෙ...
ලස්සයි තරු අක්කෙ.
ReplyDeleteස්තුතියි නංගි...
Deleteජයතිලක බණ්ඩාර කියන්නෙ එදා ඉඳලා අද වෙනකම්ම ජනතා සේවයට කැපවෙච්ච නියම කලාකරුවෙක්. තමන්ට හැකි පමණින් සමාජයේ යහපතටම දායක වන්නෙක්... ඔහුගේ උත්සාහය සාර්ථක වේවා කියා ප්‍රාර්ථනා කරනවා... බලන්න යන්න විදිහක් නැහැනේ.
ReplyDeleteනොනවතින ගීතමය විප්ලවය.. එහෙම අල්ලගෙන ඉන්න පුලුවන් මිනිස්සු බොහොම අතළොස්සයි අපට ඉන්නෙ...
Delete