යුගස්ත්‍රී අතැර දා
අතරමඟ
නික්මෙමි...
කොහේ හෝ තැනක
මග හැරී ගිය
ළසඳ මුදු සිනාවක
අසිරිය සොයා ගමි...
සිඟිති වතකමලක
මවක ඇස කඳුලක
නිසල ගම්පියසක
ළබැඳි හද මඬලක
මට මාව හමුවූ
අසිරිමත් අතීතෙක
සිනාවක් සොයාගනු
රිසියෙන්,
නික්මෙමි.....
හද දවන බැඳුමක
ඇස පිසින කඳුලක
අරුත පසිඳින මෙන
දැරූ තැත අවසන
නිස්සාර සිහිනෙන්
තිගැස්සී අවදිව.........
නොදැනීම අතහැරුණු
මා සොයා ගනු රිසිව
යුගස්ත්‍රී අතැර දා
අතරමඟ,
නික්මෙමි....
2014.08.30
2014.08.30
''යුගස්ත්‍රී' කියලා ගුගල් වලින් හෙව්වාම "අනුරාධා නිල්මිණි"ගේ කවි පොතක් ආවා.තරු අක්කා ගැනද ?
ReplyDeleteනැතිනම් ''යුගස්ත්‍රී' කියලා වෙනින් යමක් ගැනද?
*//තරු අක්කා ගැනද//
Deleteතරු අක්කා කියන්නේ ඒ ගැනද ?
යුගස්ත්‍රී කියන එකෙන් මම අදහස් කළේ මල්ලි යුග පෙරළියක් වෙනුවෙන් වැඩ කරන විප්ලවීය කාන්තා චරිතයක් කියන එක.... එහෙම බරපතළ කාන්තාවක් නොවී ආපසු සරල ජීවිතයකට යන්න ඇති උවමනාව ගැනයි කතා කරන්න අවශ්‍ය වුණේ...
Deleteඅනුරාධා නිල්මිණිගේ යුගස්ත්‍රී කවි පොත ලස්සනයි.. කියවල බලන්න මල්ලි.... ඒක සුරස ප්‍රකාශනයක් මට මතක හැටියට...
Deleteමම එහෙම බරපතල කාන්තාවක් නෙවි... ඒත් වෙලාවකට මේ ජීවිතෙත් බර වැඩියි...
"යුගස්ත්‍රී" ගැන කියන තරුඅක්කගේ පැහැදලි කිරීමත් එක්ක ආයෙමත් කවිය කියෙව්වා.
Deleteසටන් කරුවෝ සටන අතරමඟ දාලා එකට මම නම් කැමති නැහැ.හැමොම එහෙම අතරමගින් හැරුනොත් මොකද වෙන්නේ.?
යුගස්ත්‍රී කවි පොත බලමු හොයා ගන්න.අක්කාට ඉතින් මොන කවි පොතද ලස්සන නැත්තේ ..:)
Deleteඒක වචන දෙකක් වෙන්නෝනි නේද?
Deleteරිද්මය රැකගන්නයි එකට ලිව්වෙ...
Deleteකොහොමටත් සරල ජීවිතයක් ගෙනියන එක හොඳයි වගේ...:)
ReplyDeleteසරල සැහැල්ලු ජීවිතයකට මමත් කැමතියි.
Deleteසරල සහ සැහැල්ලු වෙන්න පුළුවන්නම් හරිම අගෙයි පුළුන් වගේ. එතකොට තව කාට හරි පුළුන් කොට්ටයක් වගේ. මාව බරක් නොවී, බරක් ඇති හිසකට පුළුන් කොට්ටයක් වෙන එක හරිම සුන්දරයි. නමුත් ඒක ඒ තරම් ලේසි නැහැ. ඒකට වයස, කාලය පසුකරනවා වගේම අත්දැකීම් එකතුවෙන්නත් ඕන. තියරියෙන් නෙමේ ප්‍රැක්ටිකලි සරල, සැහැල්ලු වෙන්න පුළුවන් වෙන්නේ එතකොටයි. ඒක තව ටිකක් බරට කතා කරන්න වෙයි. නැත්නම් මුළු ජීවිතයම ඔහේ පාවෙලා යන පුළුන් රොදක් වෙයි. එහෙම නොවී පුළුන් කොට්ටයක් වෙනවා නම්, තව කාට හරි ප්‍රයෝජනවත් වෙයි. මම මේ වෙනකොට තේරුම් අරන් තියෙන්නේ එහෙමයි. ඒක වැරදි ඇති. මම මෙහෙම කියන්නේ, ජීවිතේ අඩ සියවසකටත් එහා කාලයක් වින්ද මිනිහෙක් නිසා (විඳවපු නොවේ). සැහැල්ලු විය හැක්කේ වගකීම් නැමති බරෙන් නිදහස් වීමෙන් මිස, සිතුවිලි වලින් පමනක් නිදහස් වීමෙන් නොවේ. මම උඹලාගේ අදහස්වලට ගරු කරමි. ඒ අදහස් විහිළු නොවේ..සිත තුල තබා ගත යුතු සේම, ඒ තුලින් නිදහස් විය යුතු වගකීම්, එකින් එක නිදහස් කිරීම සඳහා පියවර ගත යුතුයි. එහෙම නැත්නම් දෙමව්පියන්, සහකරු/සහකාරිය, දරුවන්ට පවා වෙන අයුක්තියක් වෙනවා මිස, සිතුවිල්ලකට සීමාවෙන කවියක්, ගීතයක්, සිනමා පටයක්වී අවසන් විය හැක. සීරියස් වැඩිද මන්දා මම.
Deleteතව පොඩ්ඩක් කියන්නම්. මා කිවු සියළුම පෞද්ගලික වගකීම්වලට අමතරව, සමාජ වගකීම් කියා කොටසක් තියෙනවා. ඒ තුලින් මිදීමත් අස්සේම තමයි ඔය කියන සරල, සැහැල්ලුබව ලඟා කරගන්න වෙන්නේ.
Delete‘‘බරක් ඇති හිසකට පුළුන් කොට්ටයක් වෙන එක හරිම සුන්දරයි.‘‘ මේ අදහසට හරි කැමතියි මම.
Deleteඅරෑ කියන්න වගේ පෞද්ගලික සහ සමාජමය බැඳීම්වලින් නිදහස් වීම ඇතුළෙ තමයි සැහැල්ලුව උපදින්නෙ.... නමුත් එහෙම නිදහස් වෙන්න හරිම අමාරුයි... අනික එහෙම කරන එක අසාධාරණයි නේද කියලත් හිතෙනවා...
මේ අදහස් දැක්වීමට මං කැමතියි.. හිතන්න කාරණා තියෙනවා...
සමහර වෙලාවට
ReplyDeleteයුගස්ත්‍රියක් වෙන එක
මහා බරක්
ඔළුවට
යුග ස්ත්‍රීයට වඩා සංවේදී ආදරවන්ත ගැහැණියකගෙන් මේ සමාජයට වැඩි යහපතක් වෙයි කියල මට හිතෙනවා...
Deleteයුගස්ත්‍රියක් වුනාම පොඩ්ඩක් අවුල්..එතකොට එයාගේ සාමාන්‍ය තැන්වල තියෙන සමහර දේවල් නලලට යනවා ඇති කියලා මට හිතෙනවා..
ReplyDeleteතමන් එහෙමයි කියල හිතන් ඉන්න අයගෙ නම් එහෙම ඇති.... ඇත්තම අයගෙ නම් නෙවෙයි....
Deleteමේ යුග ස්ත්‍රීන්, යුග පුරුෂයින් කියන අයට වෙන්වුණු කාලයක් නෙවෙයි
ReplyDeleteඒක ඇත්ත...
Delete