විහඟ ගී සර - කෝ කොහිද ගොළු වුණිද
දාංගල් හිරු
කිරණ අතුපතර සැගවුණි ද
මඳ සුළඟ නිසසල
ව රහසේම නික්මුණි ද
වැහි පොදට
ගුමු ගුමුව නගනු අමතක වී ද
තුන් සිත ම
පුරාලන සති අන්තෙ
හොරු රැගෙන
ගිහින් වද
මේ හැටි ම
සාංකා මම්මාට
චූටි මිමී
ඔයාවත්
දන්නවද?
තට්ට බෝනිකි
බබා නළවමින්
හාදු වැස්සක
පෙමෙන් නහවමින්
නැළවිලි ගය
ගයා ඇවිදිමින්
ඔයා ඉන්නවා
ඇති සන්තොසින්
වැහි පොදක්
වැටෙන තුරු නළියමින්
අම්මාට
හොරෙන් කල්යල් බලන්
වැහිදියට
පෙම් බැන්ද හදවතින්
ඔයා ඉන්නවා
ඇති සන්තොසින්
ශීතලෙන් ශීත
වුණු හිමවතේ
ටින්කබෙල් සෝයුරිය
සොයනවද
අහිංසක බ්ලෙයා
කුමරි පාසලේ
සොෆියා
කුමාරිය වුණාව ද
සුවඳ වත හොවා
මගෙ දෙකොපුලේ
ඩිස්නිගේ
සුරඟනා කැදැල්ලේ
අතරමං වුණු
එදා නිවිල්ලේ
ළදැරියකි මාත්
ඔබ තුරුල්ලේ
කුමරි හීනයක්
නොවු ජීවිතේ
කුමරියයි ඔබ මහද සන්තකේ
ලොවක ආදරය
ගෙන හදවතේ
සුරලොවින් ආවාද
සඳවතේ....
2014.10.12
අහිංසක බ්ලෙයා කුමරි පාසලේ
ReplyDeleteසොෆියා කුමාරිය වුණාව ද/////
මෙතන ටිකක් අවුල් වගේ... පොඩි නොගැලපෙන ගතියක්ද මංද...
මංද මට විතරද හිතෙන්නෙ කියල... ඒත් එතන අවුල්...
ඒ ඇරෙන්න කවිය සංවේදනාව අපූරුයි
ජයවේවා
කුමරි පාසලේ ඉන්න අහිංසක බ්ලෙයා.... ඒක තමයි කියන්න ඕන වුණ අදහස.. තාලය රකින්න ගියාම අවුල් වෙලාද මන්ද?
Deleteමම්මා බලන්න චුටි මමීට එන්න බැරි වුනාද වැස්ස නිසා ?
ReplyDeleteමම්මට ගමේ යන්න බැරි වුණා මේ සතිඅන්තෙ... හරි පාළුයි.
Deleteකවිය නියමයි ..........................
ReplyDeleteපද පෙල හොදයි ,පොඩිඩන් ගේ පින්තුර ටිකත් නියමයි හිතන්න දේවල් සැහෙන පින්තුර වල නම්
ReplyDeleteලස්සණ සරල පදවැලක්....
ReplyDeleteමටත් පේන්නෙ මම්මාට චූටි මිමීව බලන්න යන්න බැරි වෙලාද කොහෙද?
ReplyDeleteඇත්තටම යන්න බැරි වුණා...
Deleteපද ටික නම් අපූරුයි.!
ReplyDeleteසෙනෙහෙබර කවි පෙළක්...ලස්සන පොඩිත්තියෝ දෙන්නෙක්.
ReplyDeleteළදැරියකි මාත් ඔබ තුරුල්ලේ ලස්සන යෙදුමක් තරූ . මේක කියෙව්වාම මටත් ආපහු ගෙදර යන්න හිතුනා .
ReplyDeleteප්රිය ඇඩ්මින් වෙත,
ReplyDeleteඔබේ බ්ලොග් අඩවියත් විකසිත සින්ඩියට එක්කර ගන්න. (Blog Syndicator)
Blogger සහ WordPress බ්ලොග් අඩවි සදහා එම අඩවියේ URL එක සහ බ්ලොග් එකෙහි නම ලබාදුන් සැනින් ස්වයංක්රියව සින්ඩිය හා ඇමුණුම සිදුවේ.
බ්ලොග් නොවන නමුත් Feeds සක්රිය වෙබ් අඩවි වුවද සින්ඩිය හා ඇමිණිය හැකිය.
විකසිත සින්ඩිය :- http://syndi.wikasitha.com/
මිට හිතාදර
ඇඩ්මින් - විකසිත සින්ඩිය. (info@vweb.lk)