කිවිඳියනි,
අහසත් ඉකිගසයි
ගොර බිරම් හඬ නැගෙයි
අනෝරා වැහි වැටෙයි
අප බොහෝ පමා වූවා හැඩයි
ප්‍රවීණ ම කඳුළක් ද
ඔය දෑස නළියන
දුහුනු කඳුළැලි ගඟක
රූ සොයන... රූ අඳින
රූ මවන...
කිවිඳියනි
ඇත්තමයි,
වරා මලක් සේ යැ
මේ ජීවිතේ
සරා සංසාර දනව්වේ
රිදුම් දුන් බිඳුම් වුව
දිව ගෑ කල් කදුරු
ඔසුවකැ යි සිත කියයි
සීතල ම කවියකත්
නාඳුණන උණුහුමක් දැවටෙයි...
අහසත් ඉසිඹුලන ඇසිල්ලක
කිවිඳියනි,
නික්ම යා යුතු ය අප
දෙමඟක
‘‘ඔබ
යෙහෙළිය, ඇය ගැහැණිය“
කවි ලියූ පරපුරක
උරුමය හිසින් ගෙන
තනි තනි ව...
අපූරුයි තරුරසී.
ReplyDeleteජයවේවා!!!
ස්තුතියි !!
Deleteකිවිඳියනි,
ReplyDeleteනුඹ තැනූ මගක් නැත
ලුහුබඳින්නෝ ද නැත
නුඹ ගමන දැක තුටුව
තම තම මගෙහි යන
ලුහුබඳින්නන් නොවන
කිවිඳියන් අපට ඇත
කිවිඳියනි,
සහස් කවි පණ ලබයි
නුඹේ ජීවය මුසුව...
ඇත්තමයි...
Deleteඔයාගෙ කවියත් අගෙයි තිසර...
කිවිඳියනි ඔබ විශිෂ්ටයි
ReplyDeleteඑතරම් ම නැත... බය හිතෙන කතා කියන්න එපා මල්ලි...
Deleteමට කියන්න තියෙන්නෙ,
ReplyDeleteතරුරසී කිවිඳියනි ඔබ විශිෂ්ටයි කියල තමයි. සෑහෙන පාරක් කියෙව්ව තේරුම හොයන්න.
හා කිවිඳියනි.
ReplyDeleteඅගේට බැඳුනු පද
නොවටිනා බව
කියමුද කෙලෙස.
සිතේ ඇඳි නිමිත්තක්
ReplyDeleteකිව නො හැකි රාසියක්
කර සොඳුරු පද පෙළක්
කිවිදි මැවුවයි මියුරු කවියක්
වෙනද වගේම අපූරුයි තරූ අක්කේ.....
ඇගයීම ගැන ස්තුතියි හැමදෙනාටම.. අඩුවක් පාඩුවක් දැනෙනවනම් කියන්න.. කවිකම් දියුුණු වෙන්නෙ එවිටනෙ...
ReplyDeleteප්‍රවීණම කදුලක්ද කියන්නේ ඇයි? Veteran poet කියන එකද? ඒ වචනේ එතනට ආගන්තුකයි වගේ.. ම්හූ.. වෙන වරදක් නම් හොයන්න අමාරුයි.. හික්. එලකිරි!!
ReplyDeleteප්‍රවීණ කිවිඳියකගේ ඇසක කඳුළක් කියන අදහසයි කියන්න ඕන වුණේ කළණෙ....
Deleteස්තුතියි...
ලස්සනට නොවන්නට ඇති කාරණා කිම
ReplyDeleteසතුටින් විඳිමි උතුරාගෙන යාවි ලැම
අටෙන් මට තේරෙන්නේ නැ අප්පා
ReplyDelete//වරා මලක් සේ යැ
ReplyDeleteමේ ජීවිතේ// කොහොමද එහෙම හිතුනේ නගේ ?
ඔබේ කවිය නැවත නැවත කියවන්න හිතෙනවා ! දැනෙනවා ! මොනිකා රුවන්පතිරණ කිවිඳිය ගැන, අැගේ කාව්‍යකරණය ගැන මතකය අවදිකළාට ස්තූතියි.
ReplyDeleteකිවිඳිය,
ReplyDeleteනුඹේ කවි මනරම්ය
මට නම් හැමදාටම...:)
ලස්සන ම ලස්සනයි...
ReplyDelete