පිටු

Wednesday, July 13, 2016

කිවිඳියනි !!


කිවිඳියනි,
අහසත් ඉකිගසයි
ගොර බිරම් හඬ නැගෙයි
අනෝරා වැහි වැටෙයි
අප බොහෝ පමා වූවා හැඩයි

ප්‍රවීණ ම කඳුළක් ද
ඔය දෑස නළියන
දුහුනු කඳුළැලි ගඟක
රූ සොයන... රූ අඳින
රූ මවන...

කිවිඳියනි
ඇත්තමයි,
වරා මලක් සේ යැ
මේ ජීවිතේ
සරා සංසාර දනව්වේ
රිදුම් දුන් බිඳුම් වුව
දිව ගෑ කල් කදුරු
ඔසුවකැ යි සිත කියයි
සීතල ම කවියකත්
නාඳුණන උණුහුමක් දැවටෙයි...
අහසත් ඉසිඹුලන ඇසිල්ලක
කිවිඳියනි,
නික්ම යා යුතු ය අප
දෙමඟක
‘‘ඔබ යෙහෙළිය, ඇය ගැහැණිය
කවි ලියූ පරපුරක
උරුමය හිසින් ගෙන
තනි තනි ව...




18 comments:

  1. අපූරුයි තරුරසී.

    ජයවේවා!!!

    ReplyDelete
  2. කිවිඳියනි,
    නුඹ තැනූ මගක් නැත
    ලුහුබඳින්නෝ ද නැත
    නුඹ ගමන දැක තුටුව
    තම තම මගෙහි යන
    ලුහුබඳින්නන් නොවන
    කිවිඳියන් අපට ඇත

    කිවිඳියනි,
    සහස් කවි පණ ලබයි
    නුඹේ ජීවය මුසුව...

    ReplyDelete
    Replies
    1. ඇත්තමයි...

      ඔයාගෙ කවියත් අගෙයි තිසර...

      Delete
  3. කිවිඳියනි ඔබ විශිෂ්ටයි

    ReplyDelete
    Replies
    1. එතරම් ම නැත... බය හිතෙන කතා කියන්න එපා මල්ලි...

      Delete
  4. මට කියන්න තියෙන්නෙ,
    තරුරසී කිවිඳියනි ඔබ විශිෂ්ටයි කියල තමයි. සෑහෙන පාරක් කියෙව්ව තේරුම හොයන්න.

    ReplyDelete
  5. හා කිවිඳියනි.
    අගේට බැඳුනු පද
    නොවටිනා බව
    කියමුද කෙලෙස.

    ReplyDelete
  6. සිතේ ඇඳි නිමිත්තක්
    කිව නො හැකි රාසියක්
    කර සොඳුරු පද පෙළක්
    කිවිදි මැවුවයි මියුරු කවියක්

    වෙනද වගේම අපූරුයි තරූ අක්කේ.....

    ReplyDelete
  7. ඇගයීම ගැන ස්තුතියි හැමදෙනාටම.. අඩුවක් පාඩුවක් දැනෙනවනම් කියන්න.. කවිකම් දියුුණු වෙන්නෙ එවිටනෙ...

    ReplyDelete
  8. ප්‍රවීණම කදුලක්ද කියන්නේ ඇයි? Veteran poet කියන එකද? ඒ වචනේ එතනට ආගන්තුකයි වගේ.. ම්හූ.. වෙන වරදක් නම් හොයන්න අමාරුයි.. හික්. එලකිරි!!

    ReplyDelete
    Replies
    1. ප්‍රවීණ කිවිඳියකගේ ඇසක කඳුළක් කියන අදහසයි කියන්න ඕන වුණේ කළණෙ....

      ස්තුතියි...

      Delete
  9. ලස්සනට නොවන්නට ඇති කාරණා කිම
    සතුටින් විඳිමි උතුරාගෙන යාවි ලැම

    ReplyDelete
  10. අටෙන් මට තේරෙන්නේ නැ අප්පා

    ReplyDelete
  11. //වරා මලක් සේ යැ
    මේ ජීවිතේ// කොහොමද එහෙම හිතුනේ නගේ ?

    ReplyDelete
  12. ඔබේ කවිය නැවත නැවත කියවන්න හිතෙනවා ! දැනෙනවා ! මොනිකා රුවන්පතිරණ කිවිඳිය ගැන, අැගේ කාව්‍යකරණය ගැන මතකය අවදිකළාට ස්තූතියි.

    ReplyDelete
  13. කිවිඳිය,
    නුඹේ කවි මනරම්ය
    මට නම් හැමදාටම...:)

    ReplyDelete
  14. ලස්සන ම ලස්සනයි...

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...