පිටු

Friday, August 19, 2016

සපූ ගේ ගී විඳින්න.. එන්න...


70, 80 දශකයන්හි ගුවන සිසාරා නින්නාද දිදී අපේ හෘද සන්තානයන් කලම්බමින්, සනහමින්, නළවමින් ගලා ගිය අපූර්ව ගී උල්පතට අපි තාමත් ආදරෙයි. ඇයි අපි තාමත් ඒ ගීත රස විඳින්න කැමති ?

ඒ ගේය පද රචනාවන් සමඟ අපට ආත්මීයව බැඳෙන්න පුලුවන් නිසා. ඒ සරල, සුගම බස් වහර පහසුවෙන්ම අපේ හදවත්වල ලැගුම් ගන්න නිසා...

ගීතයේ ආත්මය සමඟ අත්‍යන්තයෙන්ම සමපාත වන සුමියුරු සප්තස්වර රටාවන් නිසා.

ඒ ගේය පද රචනාවන් සජීවි කළ සුගායනීය හඬ නිසා.

ඒ ගී තවමත් ජීවමානයි. සදාතනිකයි. අදටත් අපේ සිත් සනසන්නෙ, නළවන්නෙ එබඳු සොඳුරු ගීත. අපේ ගී වින්දන පරාසය නිමහම් වෙලා තියෙන්නෙ ඒ අතීත ගීතාවලියෙන්.

එවන් සොඳුරු ගී රස වින්දනයකට මඟ හසර කියා දෙන මිත්‍ර සන්ධානයක අලුත් වැඩක් ගැන කියන්නයි මේ හදන්නෙ. ඒ තමයි ‘‘තීර්ථය භාවමය රළ නගන ගී ඉවුර. මියැසි මාධුර්යයේ ප්‍රේමණීය අසපුව.

සුභාවිත ගීතයට ඇලුම් කරන සහෘද පිරිසට අපූර්ව අත්දැකීමක් ගෙනෙන්නයි තීර්ථය සූදානම් වෙන්නෙ. දිවයිනේ ප්‍රවීණතම ගේය පද රචකයන්ගේ ගී නිර්මාණ පිළිබඳ වින්දනාත්මක කතා බහක් සමඟ ම ගීත රස වින්දනයට අවස්ථාවක් ලබා දීමයි මෙහි අරමුණ.

තීර්ථය මුල් ම දිග හැරුම සිංහල ගීත සාහිත්‍යෙය් සපු මල් සුවඳ සමඟින්. ඒ ‘‘කුමාරදාස සපුතන්ත්‍රී‘‘ ගීතාවලිය.

දිනය - 2016 ෝස්තු මස 20 වැනි දා ( හෙට ) ප.ව. 7.00 ට
ස්ථානය -  කොළඹ, ආනන්ද කුලරත්න ශාලාව

වින්දනාත්මක කතිකාව මෙහෙයවීම - නිලාර් එන් කාසිම්
සපූ ගීයට හඬ මුසු කරන්නේ - සුනිල් එදිරිසිංහ, එඩ්වඩ් ජයකොඩි, දුමාල් වර්ණකුලසූරිය, මීනා ප්‍රසාදිනී
වාද්‍ය වෘන්දය - නාලක අංජන කුමාර ඇතුළු පිරිස

ප්‍රවේශ පත්‍ර සඳහා විමසීම් 077 223 7 223

වැඩිදුර විස්තර සඳහා තීර්ථය බ්ලොග් අඩවියට එන්න. 

මේ සබැඳිය ඔස්සේ තීර්ථය මූණුපොත් පිටුවට ඇවිත් මනාපයක් දෙන්නත් අමතක කරන්න එපා. 


වෙබ් අඩවියට පාර..... http://www.theerthaya.com

10 comments:

  1. අපූරු හැන්දෑවක් වේවි එය . සුබ පැතුම් !

    ReplyDelete
    Replies
    1. ඇත්තටම අයියේ... ජීවිතේටම එක වතාවක් පමණක් ලැබෙන අනර්ඝ අවස්ථාවක්.. එවැනි කටයුත්තකට දායක වන්නට ලැබීම වාසනාවක්...

      Delete
  2. ලස්සන සන්ධ්‍යාවක් වෙයි වගේ තමා . ළඟක හිටිය නම් එනවා.

    ReplyDelete
    Replies
    1. ඔයාල හැමෝම ලංකාවෙ ඉන්න කාලෙකත් තීර්ථය වැඩසටහනක් කරන්න බලමු...

      Delete
  3. ඔය ගියාද වැඩසටහනට?
    කොහොමද සිරාවට තිබුනද?
    අපූරුම අපූරු අත්දැකීමක් වෙන්න ඇති නේහ්?

    ReplyDelete
    Replies
    1. ඇත්තටම අනර්ඝයි.. මමත් ඉතින් වැඩේ පිටුපස උන්නා තමයි. පොටෝ එක්ක පෝස්ට් එකක් දාන්නම්.

      මගේ ජීවිතයේ මං සම්බන්ධ වුණු සුන්දරතම වැඩක්...

      Delete
  4. මේ වැඩසටහන බලන්න බැරි වුන එකට නම් දුකයි. දයානන්ද අයියටත් මං කිව්වා ආයෙ එකක් තියෙන කොට කියන්න කියලා. අම්මා එක්කම ගිහින් බලන්න ආසයි.

    ReplyDelete
    Replies
    1. අනේ කෙල්ල, එන්න තිබුණනේ.. අනිත් සැරේ කළීන් කියන්නම්. අම්මා එක්ක එන්න. අපේ වැඩක්නෙ... ඔයාට ඉඩ නැතිවෙන්නෙ නැහැ... මමත් ඉන්නවනේ...

      Delete
  5. මේ වගේ ප්‍රෝග්‍රෑම් එකකට යන්න හරි ආසයි.. හැබැයි ඉතින් තව කාලෙකට යන්න වෙන්නේ නෑ.. :|

    ReplyDelete
    Replies
    1. පැතුම් එන කාලෙකත් අපට තීර්ථය වැඩසටහනක් කරන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරමු... සපූ සමඟ කළ වැඩසටහන නම් හරිම සාර්ථකයි. මුදල් පැත්ත ගැන නෙවි මම කියන්නෙ අර්ථවත් බව සහ රසවින්දන සලකල...

      Delete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...