පිටු

Friday, January 27, 2017

මරියා නොවෙමි මා


කුරුස ගස පාමුළ මරණයට පත් ජේසුතුමන්ගේ ඇණ ගැසුණු දෙපා අල්වාගෙන සිටින මරියාගේ සිතුවමකි.
Francesco Hayez - Crucifixion with Mary Magdalene kneeling and weeping (1827)

එදවස,
අපමණක් පිරිපත
බෙදා ගනු අවැසිව
මඟ බලා සිටියදිත්
මල් උයනේ ඔබ
තනිකර ගියෙම්...

සියලු නවනින්දා
කටු ඔටුනු අන්ඳා
කුරුස කර රන්දා
කපාල නගින විට
සළුව අත දැරූ මුත්
ඉවතට හැරී උන්නෙම්...

ළය පැළි මියෙතැයි
හිත හිතා ඇසගින්
කඳුළකුත් නොසලා
ඇණ ගැසුම් හඬ මගැර
කුරුස මඟ හැර ගියෙම්...

දහස් මුවගින් නැඟෙන
රළු පරළු වදන් පැස
උහුළ ගනු නොහී ඇස
දියව වැගිරෙනා සඳ...

ඔබ ඉවත ගිය මඟ
පා ලකුණු ඔස්සේම
සත් වරක් සත් සියක්
ඇණ ගැසුම් කෑ හදින්
ආපසු නික්ම ආ...

මරියා නොවෙමි මා
ප්‍රේමයෙහි පැවත ආ
කල්වාරි ගිරි සිරස

අතැර ඔබ හැරී ආ..

3 comments:

  1. මග්දලාවේ මරියා තුලින් යේසුස් ව දකින්න.. පට්ට ලියවිල්ලක්

    ReplyDelete
  2. ලස්සන කවිය ඉස්සර වගේම...
    මං කීවෙ ඉතිං අපි ආවෙ සෑහෙන දවසකින් නෙව...
    හිහි...
    අපූරුයි අක්කා...
    ආයෙද් දවසක කඩං වැටෙන්නංකෝ...
    ජය

    ReplyDelete
  3. හිතට දැනෙන කව් පෙලක්

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...