ඉහ උඩ ගිනි විදින
ඇහැ දිය වී
වැටෙන
මකර දළ පහර..
තරු දහක්
එකවර
කටු ඔටුන්නක ඇමිණ
ඉසකුඩිච්චි
අවුලන...
මිටි වී
උපන් පව
නිතර සිහි
කැන්දන
වැළමිටි
පාර...
ඒකත්
පිරිමින්ගෙන් ම...
( කේන්තියටම ලියපු කවියක්. )
( කේන්තියටම ලියපු කවියක්. )
මිටි අයට ඇති එකම සැනසිල්ල නම් අහස කඩා වැටෙන දවසක ඉස්සෙල්ලාම ඌයියා වෙන්නේ උස අයටය කියන සිතුවිල්ලයි.
ReplyDelete(Joe Wong, Chinese stand up comedian)
හිනා කතාව... ඒත් ඉතින් ඒ ඔලු ගෙඩිවලට අහස කඩන් වැටෙන්නෙ නෑනෙ කවදාවත්. ඔලු හිල් කරල මදිවට අහස කඩන් වැටුණත් ගානක් නැති විදියට යනවා අඩුගානෙ සමාවෙන්නවත් කියන්නෙ නැතුව... ඔලමොට්ටලයො...
Deleteඑච්චර තරහ ආවෙ මොකද??
ReplyDeleteකවිය ලස්සනයි පුංචි උනත්...
මේ තරහන නම් නිතර එනවා නංගි. කෝච්චියෙදි නිතරම වැළමිටි සංග්‍රහ ලැබෙනවනේ...
Deleteකේන්ති ගියහමත් කවි ලියවෙන එක මොනතරම් වාසනාවක්ද.
ReplyDeleteමොනා කරන්නද ඉතින්, ගහන්නයැ...
Deleteෂෝක් කවිය ඈ...
ReplyDeleteස්තූතියි අෑ...
Deleteපාගන්ඩ තියෙන්නේ චුරු යන්ඩ කකුල
ReplyDeleteකොච්චර වුණත් එහෙම දේකට හිත හදාගන්න බැහැනෙ. හැබැයි රවල නම් බලනවා.
Deleteබස් එකේද..........
ReplyDeleteකෝච්චියෙ අප්පා
DeleteOh...I feel that people hve become less sensitive towards others...
ReplyDeleteYes Nanga. So many selfish men in train.
Delete"ඌහ් "
ReplyDeleteගැවුනා මටත්
උස වැඩි නිසා
වැදුනාම ඔලුව දොර උළුවස්සේ.
අප්පා.. උස අයට එහෙම දේවල් නම් වෙනවා නේද?
Deleteඅපෙ අත්තම්ම හිටියනං කියයි "අනේ දුවේ කෝප වෙලා මක් කරන්නද? ලබන ආත්මෙවත් උස යන්ට පුවක් මල් පූජා කරහං පාලොස්සකදාට" කියල
ReplyDeleteඑහෙම කළොත් හරියයිද? ඒත් ඉතින් මේ ආත්මෙ නැති උසකින් මක්කරන්නද?
Delete///ඒත් ඉතින් මේ ආත්මෙ නැති උසකින් මක්කරන්නද?????////
Deleteරවී.....උඹට ඇහුනද ?
මට මතකයි බස්සි ඔය උස කොට සීන් එකේ හොඳ නරක ගැන ලියලා තිබ්බ වතාවක් .. කාර් එකක් ගන්න අෆ්ෆා.. ලොකු ඔපීස වල වැඩ කරන නෝනා මහත්තැන් ලා එහෙමනේ යන්නේ..
ReplyDeleteඔෆීසි ලොකු වුණාට මං පොඩ්ඩෙක් නොවැ අප්පා. අනික මේ වාහන සාගරේ පයින් යන්නත් බය හිතෙන එකේ.. කොහොම කාර් එලවන්නද? දුම් ගගහා තියා ගන්න තමයි වෙන්නෙ.
Deleteඕව ගණන් ගන්න එපා තරු. කොට මිනිස්සු තමා උත්සහවන්තම. මිරිස් කරල පුචි වෙන්න වෙන්නම සැරයි ලු නේ. ඊළඟ දවසේ අර කවුද කිව්වා වගේ හොඳ උල් තියෙන සපත්තු දෙකක් දාගෙන ගිහින් කකුල් පාගන්න වැරදිලා වගේ.
ReplyDeleteඉස්සර ළමා සංවිධානෙ වැඩවලදිත් කට්ටියක් මට විහිළු කරද්දි ඉබ්බි කියල... එක ෆාද කෙනෙකුත් කිව්වා ‘‘උසේ හැටියට මේ කරන වැඩ මදැයි‘‘ කියල...
Deleteමට උල් සපත්තු දාන්න බැහැ. දැම්මත් අච්චර නපුරු වැඩක් කරන්න බැහැ අයියේ.