By Vladimir Volegov |
දේශද්‍රෝහියාට ආ ලියුම් දෙකක්
මේ මුල් ලියමන ලැබුණෙ සහෝදර පියතුමකුගෙන්. ඔහු
දෙව්සත්හලේ ඉගෙනගන්නා කාලයේ ඉඳන්ම මා දන්නා මල්ලි කෙනෙක්. අපි ළමා සංවිධානයේ එකට
වැඩ කළා කාලයක්. ඔහු පියතුමකු වූ පසුවත් ළමා සංවිධානයේ කලින් කලට සේවය කළා. අවංකව
වැඩක් කරන, හිත හොඳ, නිහතමානී පියතුමකු විදියට තමයි මගේ මතකයේ ඔහු රැඳෙන්නෙ. ඔහුත්
නිර්මල මරිය නිකායට අයිති පියතුමෙක්. ළමා ක්‍රියාකාරී වීරයෝ ළමා සංවිධානය ක්‍රියාත්මක
වෙන්නෙත් නිර්මල මරිය නිකාය හරහා. ඒ වගේම නවකතාවේ සඳහන් මයිකල් රුද්‍රිගු
පියතුමාත් නිර්මල මරිය නිකායික පියතුමෙක්. බුත්තල සුබසෙත්ගෙදර කියන්නෙ නිර්මල මරිය
නිකායෙ පියතුමෙකුට ආගන්තුක තැනක් නෙවෙයි. මේ කරුණු සියල්ලම නිසා මගේ නවකතාවේ
පියතුමාගේ හදවතේ රැඳෙන්නට ඇති බව විශ්වාසයි. මේ තියෙන්නෙ ඒ කවියක් වගේ වූ ලියමන...
දයාබර තරංගි අක්කාට,
කියවූයෙමි
එක පිම්මට
‘‘දේශද්‍රෝහියාගේ
නිමල හද‘‘
පෙම්
බැන්දෙමි ඒ හද පොතට
බස්
වහරට,
එහි ඇති දැක්මට
තාමත්
සොයනවා
එහි
පතුළ, එහි ගැඹුර
කවුද
මේ අපි නොදන්න
තරුරසීගේ
ආදිත්‍ය
පුදුමයි!
තරුරසී ගැන
ආඩම්බරයක්
හිතුණා මට
නිමනි
කුට්ටමට
ළක්‍රිවී
අම්මට
සුබසෙත්ගෙදරට
ඔබත්
ආඩම්බර වන්න ඔබ ගැන
ඔද
වැඩෙන්නට නම් නොව
තවත්
මෙවැනි දේ බිහිකරන්නට
හරිම
අගෙයි!
ශු.
සභාවේ
සිස්ටර්ගෙ
නිකායේ
විමුක්ති
දේව ධාර්මිකයින්ගේ
සාම්ප්‍රදායික
මිනිසුන්ගේ
සියල්
ජාතීන්ගේ
සියල්
ආගමිකයින්ගේ
සිත
කඩන්නැතුව
හිත
රිද්දන්නැතුව
සියල්ල
සම
තුල්‍යකරණය
කර
ඇති ආකාරය.........
අනිත් ලියමන නමක් නැති ලියමනක්. පුල්ස්කැප් පිටු දෙකක් පුරා ලියා එවා තිබුණා. ඒ
ස්වරය ස්ත්‍රී හදවතකින් පැන නගින්නකැයි මට හිතුණා.
2018.04.18
දයාබර තරංගනී සොයුරිය,
මේ මා ලියන පළමු නිර්නාමික ලිපිය වීම ගැන
කණගාටුයි. ඒත් මගේ අනන්‍යතාවය ඔබට කීමට තරම් මට ධෛර්යයක් නොමැත.
2018.08.14 කෙනෙකු මගේ අතට පොතක් දීල කිව්වා
‘‘ඔයා මේ පොතට කැමති වේවි හුඟක්‘‘ කියලා. මං ඉන්නේ කොළඹින් හුඟක් දුර. කොළඹින්
බස්රියට නැග්ග මම ඔහු මට කළින් දිනයේ දීපු පොත පෙරළන්න ගත්තා. ‘‘දේශද්‍රෝහියාගේ
නිර්මල හෘදය‘‘ මං දන්නෙ නැහැ මට මොනවා වුණාද කියල. මට හිතුණා ‘‘ගුරු ගීතයෙන්‘‘ පසු
මා කියවූ හොඳම පොත කියල. ස්තුතියි ඔබට.
ජීවිතේ හරි පුදුමයි. ආදයට ඊට වඩා පුදුමයි. ඇත්තටම
මං දන්නෙ නැහැ ඇයි මට මේ පොත ඒ පුද්ගලයා දුන්නෙ කියල. ඔහුගේ ඍජු බැල්මේ තිබුණු දේ
කියවන්න මට උවමනා නැහැ. ඒත් එක හුස්මට කියවපු මේ පොත තවත් කෙනෙකුට තෑගි කරන්න
මං බලන් ඉන්නවා.
හරි පුදුමයි. මං දන්නේ නැහැ මේ කතාව ඇත්තද කියල.
ඒත් මේ චරිත මං හොඳට දන්න හඳුනන අය. පොත මගේම කරගෙන කියවන්න මට ඒක ගොඩක් හයියක්
වුණා. මං තුලන ඔයාගෙ පොතත් එක්කම ඇවිද්දා. සිස්ට ක්‍රිස්ටිනා, ෆාද සතී එක්ක මාත්
කතා කළා. ඇත්තටම නංගි ඔයා මේ කතාවේ ආදරය වගේම දවියො කවුද කියල ලියන්න දරපු උත්සාහය
මගේ වචනයෙන් කිව්වොත් ‘‘පට්ට‘‘.
සමහරවිට මට මේ කතාව මෙතරම් දැනුණේ සිස්ට
සෙව්වන්දිගෙයි, මගෙයි ලොකු වෙනසක් නැති හින්දමත් වෙන්න ඇති. එහෙත් මා මේ පොත නැවත
කියවීමට දෙන්න යන පුද්ගලයා නැතහොත් මා සිත පැහැර ගත් මගේ චණ්ඩි ජීසස් ආදිට වඩා
ටිකක් වෙනස් චරිතයක්. අපේ සිතුවිලි වෙනස් වුවද ‘‘ප්‍රේමය‘‘ නමැති පොදු සාධකයේදී
ඔහුත් මාත් එකම සිතුවිල්ලකයි.
මගේ මේ ආදර කථාව ඔබට කියන්නට ඇත්තටම ආසයි. ඒත්
එයට කාලයක් නොමැත. ඇත්තටම මට ඕන වුණේ ඔබ ඇගයීමට හා ස්තූති කිරීමටය. ඔබ දන්නවාද මේ
පොත මට හරි පුදුම පොතක්. මේ පොත දීපු කෙනා මට ආදරය කරන බව මම දනිමි. ඒත් ඔහු හා
ආදරයක් ගොඩනගා ගන්නට මට නොහැක. ඔහු මට ආදරෙයි කියා පැවසීමට ඔබේ පොත යොදා ගත් බව මම
හොඳින් දනිමි. එහෙත් මා ආදරය පුදා හමාරය. මේ පොත නොබෝ දිනකින් ඔහු අතට පත්කරන්නට
මම සැලසුම් කර ඇත. ඒත් මා කවදාවත් ඔහුට ආදරේ කියාවත්, ඔහු මට ආදරේ කියාවත් නැත.
එහෙත් මාද ඔහුද අපේ ආදරය ගැන හොඳින්ම දනිමු. ඔහු කළේ මගේ නළල සිඹ මගේ සිහිනය වෙත
යෑමට මා පිටකිරීම පමණි.
එහෙනම් මම නවතින්නම්. ඔබට ස්තුතියි. මේ වගේ ලස්සන
වටින කථා ලියන්න. දෙවියො කියන්නෙ ආදරේ. ඒ දෙවියො ඔයාට මඟ පෙන්නාවි. සමාවෙන්න නම
නොකිව්වට. ඔයාට දෙවි පිහිටයි!
....................
ආදරය හරි පුදුමාකාර දෙයක්. ඒක මං දන්නවා. ඒ වගේම
පුදුමාකාර ආදර කතාවලින් මේ ලෝකය පිරිල ඉතිරිලා තියෙනවා කියලත් මං දන්නවා. මේ
ලියුමත් ඒ වගේ ආදරයක හදගැස්ම වෙන්න ඇති. නමක් නැති මේ ආදරණීය ලියුමටත්
ස්තූතියි.
me wade apooruyi.... dewani lipiye kathawa hithata waduna..
ReplyDeleteලැබෙන ප්‍රතිචාර එක තැනක එකතු වෙන එක හොඳයි කියල හිතුණා. ඒත් කට්ටියට එපාවෙයිද දන්නෙ නැහැ පොත ගැනම කියවලා.
Deleteමේ තෑගි හරි වටිනවා නේද අක්කේ ?
ReplyDeleteඒකනෙ... මමත් හිතුවෙ නැහැ මේ කතාව වැඩිය හිත් ගනියි කියල. ඒත් ඒ වැඩ පරිසරය ඇතුළෙ උන්නු අය, ඒ හා සමාන අත්දැකීම් තියෙන අය කතාව ගොඩක් විඳින බව දැනෙනවා.
Deletehttps://gadyanohothkavi.blogspot.com/2018/05/blog-post_81.html
ReplyDeleteගොඩක් ස්තුතියි අයියෙ.... පත්තරේ පිළිවෙලයි. ලස්සනයි.
Deleteඒ ගෑල්ලමය බ්ලොග් කියෝන කෙනෙක් උනානම් මේක දැකල තා ලියුමක් එවනවා..
ReplyDeleteබුත්තල ඔය කියන පොට් එකට දවසක ගොඩවෙලා එන්න ඕනි.. නිතර ආවා ගියා උනාට බුත්තල මම නතර වෙන්නෙම නැති තැනක්.
බුත්තල කතරගම පාරෙ දොළහ කණුවෙ වමු පැත්තෙ. පාර අයිනෙම ස්මාරයක් තියෙනවා. මේ වෙද්දි ඉන්නෙ බ්‍රද රබීන්ද්‍ර මං දන්න තරමින්. යනව නම් කියන්න.
Deleteඔව් ඒක ඇත්තටම මාත් මාර අසාවකින් කියවපු පොතක්. හුගක් වෙලාවට පොත් කියවන්නෙ රෑනෙ.මන් දවස් තුනකින් වගේ ඉවරකරා පොත කියවලා. අමුතුම විලාසයක් තිබුනූ පොතක්.මට බ්ලොග් එකක් කොටන්න හිතුණත් ඒ ගැන නොදන්න දේ කරලා වරිග නහගන්නෙ නැතිව ඉන්න එක හොදයි කියලා හිතුණා.
ReplyDelete//මේ කතාවේ ආදරය වගේම දවියො කවුද කියල ලියන්න දරපු උත්සාහය මගේ වචනයෙන් කිව්වොත් ‘‘පට්ට‘‘.// මේකම තමයි මටත් කියන්න තියෙන්නෙ.
ස්තුතියි මල්ලි. විශේෂයෙන් පොත හොයල අරගෙන, කියවල අදහස් දුන්නට ස්තූතියි.
Deleteසතුටුයි
ReplyDeleteඇත්තටම...
Deleteඅපුරුම සටහන්
ReplyDeleteනිර්මාණකරුවෙකුට මේ වගේ ප්‍රතිචාර ලැබෙන එක ලොකු සතුටක් තමයි විසිරි.
Deleteලේඛකයෙකුට ලේඛිකාවකට ලැබෙන අගනාම උපහාර වනාහී දහසින් බැඳි පියලි හෝ ස්වර්ණ සම්මාන නොව පාඨක හදවත් තුලින් නිරායසයෙන් පැනනැඟෙනා මෙවන් අවංක ඇගයුම්ය.
ReplyDeleteYou are so lucky in that respect Tharu!