පිටු

Friday, June 21, 2019

අද විසි එක ! මාස දෙකයි !



පාස්කු ප්‍රහාරයට මාස දෙකක් සපිරෙන්නට ඔන්න මෙන්න ය. එක්තරා මුහුණුපොත් මිතුරු සමූහයක සහෝදරියක් දැමූ සටහනක් දැක ඇස කඳුළු නැගිණි.

ඇයගේ ස්වාමියා අනතුරට ලක් වී ඇත්තේ පසුගිය 21 වන දා ප්‍රසිද්ධ හෝටලයක සිදු වූ බෝම්බ ප්‍රහාරයෙනි. බරපතල ලෙස අස්ථි බිඳීමට ලක් වූ ඔහුට එදා සිට කිසිවක් කන්නට හැකි වී නැත. බොන දේවල් පමණි. ඇය පෙරදින තබා තිබුණේ හෙට ඇති ශල්‍යකර්මයෙන් පසුව මට මහත්තයා සමඟ එකට වාඩි වී බත් කටක් කන්නට හැකි වනු ඇති යන අපේක්ෂා සහගත සටහන ය.

අද (19) ඇය යළිත් සටහනක් එක් කොට ඇත. ඒ මගේ මහත්තයාගේ ශල්‍ය කර්මය සාර්ථකයි. “තව පැය දෙකකින් රෝහලින් ඔහුට යමක් කන්නට ලැබේවි.’’ කියාය.

කිව යුතු තවත් සුවිශේෂ දෙයක් ඇත. බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලත් ඇයගේ සැමියාව කඩිනමින් රෝහලට රැගෙන ගොස් ඇත්තේ මුස්ලිම් රියදුරෙකි. ඔහු නොවන්නට තම සැමියා ජීවතුන් අතර නොසිටින්නට ඉඩ තිබුණු බව ටික කලකට පෙර ඇය ස්තුතිපූර්වකව සටහන් කර තිබිණි.

................

පාස්කු ප්‍රහාරයෙන් තුවාල ලත් කොලු පැටියකු පළමු වරට නැවත පාසලට පැමිණී සේයා රූ රැසක් මුහුණු පොතේ බෙදා හැරිණී. පින්තුර පෙළ අනුව ඒ පුතුගේ මුහුණේ අඩක් පිලිස්සී ඇත. බොරු අතක් දැමූ සෙයකි. මෙම දරුවාගේ මව ප්‍රහාරයෙන් මිය ගොස් ඇති බව සඳහන්ය. පාසලේ දරුවන් සහ ගුරුවරුන් දරුවා පිළිගත් ආකාරය දකින විට සැනසුම් සුසුමක් නැගිණි. ජීවිතයට මුහුණ දෙන්නට දිරි දෙන වටපිටාවක් ඒ දරුවාට ඇතැයි සිතුණු බැවිනි. එබඳු සරණක් නැතිව අසරණ වන දරුවන් මේ රටේ කොතෙක් නම් ඇත්ද? හම්බන්තොට දී පසුගිය දා අවාසනාවන්ත ලෙස මිය ගියේ එවන් දරුවකු නොවේද?


මෙම ප්‍රහාරවලින් දරුවන්ට සිදු වූ බලපෑම පිළිබඳව ද මුහුණුපොතේ තොරතුරු හුවමාරු වනු දක්නට ලැබිණී.

තාවකාලිකව හිස්කබල ඉවත්කර ඇති දරුවන් ගණන 07
මියගොස් ඇති දරුවන් ගණන 23
උපදේශන අවශ්‍යයි පවුල් 42 ක දරුවන් 78කට
ඉන් 18 ක් ගැහැණු දරුවන්
අතුරුදන් එක් ගැහණු දරුවෙක්
ආධාර අවශ්‍ය ලමුන් ගණන 16

මේ සිදුවීම සමඟ අන්තවාදී ප්‍රහාර නිසා මෙන්ම තම මව්පිය, ගුරුවර, වැඩිහිටියන්ගේ හැසිරීමත්, මාධ්‍ය හැසිරීමත් නිසා ලංකාව පුරා දරුවන්ගේ හදවත් තුළ ඇති වූ බිය, සැක, සාංකාව, අවිශ්වාසය වැනි හැඟීම් මඟින් ඇති කළ දීර්ඝකාලීන ගැඹුරු තුවාල මෙලෙස ගණනය කර දැක්විය හැකිද?

................

බෝම්බ ප්‍රහාරයෙන් කටුවපිටියේ දී බරපතල තුවාල ලත් දන්නා හඳුනන සොයුරියක් තවමත් රෝහලේ ය. ඇයට නැගිටින්නට නොහැකිය. නැවත කිසිදිනක ඈ දෙපයින් නැගිටීද යන්නද සැක සහිත ය. ඇගේ එක් ඇසක් ඇයට අහිමි ය. ඊටත් වඩා ඇසක් වන් ඇගේ එකම පුත්‍රයා ද කටුවාපිටිය බෝම්බයෙන් ඇයට අහිමි වී ඇත. මාස දෙකක් ඉකුත් වන්නට ආසන්නව තිබියදී ඇයට පුතා මිය ගිය බව දැනුම් දෙන්නට සූදානම්ව  ඇත්තේ විශේෂ මනෝ උපදේශන ක්‍රියාවලියක අතරතුර, පියතුමන්ලාගේ කන්‍යාසොයුරියන්ගේ ද මැදිහත් වීමෙනි. එදින දේවස්ථානයේ දී බොහෝ දෙනෙකු අහිමිව ඇති බව, බොහෝ දෙමව්පියන්ට දරුවන් අහිමි වූ බව, බොහෝ දරුවන්ට දෙමව්පියන් අහිමි වූ බව පවසන අතර,

‘මගේ පවුලෙත් කවුරු හරි නැතිවුණාද?” ඇය අසා ඇත. පිළීතුරක් වෙනුවට නිහඬ සුසුම් ලබන විට,

‘මගෙ පුතා ද නැති වුණේ?” ඇය එක්වනම අසා ඇත. ඒ දරුණු වේදනාව ඇය කෙලෙසින් දරාගන්නට ඇත්ද?

‘අනේ එයා නොඉන්න කමටම තමයි එච්චරම හොඳ වුණේ?” තම පුතුගේ ආදරණීය මතකය ඇය සිහිපත් කළේ එලෙසිනි.

පුතු ගැන ආරංචිය අසා ලැබූ බරපතල කම්පනය නිසා ඇය නැවතත් දැඩි සත්කාර ඒකකයට යොමු කරන්නට සිදු වූ බව අසන්නට ලැබිණි.

.................

මේ කතා දෙක තුනක් පමණි. තව කොතෙක් නම් දුක් කන්දරාවල් පාස්කු දින බෝම්බ ප්‍රහාරය ඉතිරි කොට ඇත්ද? මෙබඳු විපතක් සිදුවන තුරු කිසිම පියවරක් නොගෙන බලා සිටි රාජ්‍ය පාලකයන්ට, රාජ්‍ය නිලධාරීන්ට අප ඉතින් කුමක් කළ යුතුද? පිළිතුරු දෙන්නට කාලය ඉක්මණින්ම එළඹෙනු ඇත.

පොදු ජනතාව බිල්ලට දී හෝ තම  බලය රැකගන්නට, බලය ලබාගන්නට සැරසෙන දේශපාලකයන්ට අප දිය යුතු පිළිතුර කුමක්ද? අපගේ වාරය ඉක්මණින්ම එළඹෙනු ඇත.

මේ සිරි ලංකාවේ තට්ටු මාරුක්‍රමයෙන් කිසිම යහපතක් සිදුනොවන බව ය, අප ම පත්කර ගත් මේ ආණ්ඩුවත් අපට කියා දුන්නේ. එක්වෙමු. අලුතින් සිතමු.



5 comments:

  1. හැමදාම දුක් විදින්නේ එකම කට්ටිය.පාලකයෝ තමන්ගේ බල අරගල වල කොතැනින් ගොඩ යන්නද හිතා ගන්න බැහැ .

    ReplyDelete
  2. මොකෙක් හෝ නැත්තම් පිටසක්වලින් පැමිණ හෝ ලංකාවේ සිස්ටම් එක වෙනස් කර යුතුමය. දෙසියවිසිපහට සහ උන්ගෙන් යැපෙන බහිරවයන් ඉන්නාතාක් එව්වා ලෙහෙසි නැති බව ඔබ අප සැම දන්නා කරුණකි.

    https://magelokaya01.blogspot.com/2019/03/blog-post.html

    ReplyDelete
  3. දෙමල ජාතිවාදියෙක් ඔයවගේ දෙයක් කලොත් උඹලා ඔය වගේ කතා කරන්නේ නෑ. එතකොට ක්‍රිස්තියානි කාරයෝ කරන්නේ දෙමළ ජාතිවාදයට කඩේයන එක විතරයි. මටනම් මේ විදියට ක්‍රිස්තියානි කාරයෝ මැරෙනවා දැක්කාම මාර සතුටුයි. තොපිට හොඳ වැඩේ
    තොපිට සාදු.

    ReplyDelete
    Replies
    1. සාදු, සාදු ... ස්තුතියි!

      Delete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...